ඊශ්‍රායල් රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය මගින් ගම්පොළ පුස්සැල්ලැවේදී  අත්අඩංගුවට ගෙන තිබේ.

 

මෙම පුද්ගලයා බලපත්‍රයක් නොමැතිව පුද්ගලයින් විදේශ ගතකිරීම සදහා නීති විරෝධී අයුරින් මුදල් ලබාගෙන ඇති අතර,අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මුදල් ලබාගත් බවට සැකකරු විසින් පුද්ගලයින් වෙත නිකුත් කරන ලද ගිවිසුම් පත් ද විමර්ශන නිළධාරීන් භාරයට ගෙන තිබේ.

 

අත්අඩංගුවට ගත් සැකකරු ගම්පොළ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 100,000 ක ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

 

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ  පුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචි සහබ්දීන් මොහොමඩ් නවුෂාඩ් නම් පුද්ගලයෙකි.

 

(36698)