
(විනීතා එම් ගමගේ)
ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් ඊශ්‍රායලයේ ටෙල්අවිව් නගරයේ රැඳී සිටින 320 කට ආසන්න ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිරිසට මෙරටට පැමිණීම සඳහා ගුවන් යානයක් ලබා දෙන්නැයි එම පිරිස ජනාධිපතිවරයාගෙන් හා රජයෙන් ඉල්ලා සිටිති.
මෙම පිරිස අතරේ රෝගීන් 66 දෙනෙකු සිටින බවත් ඉකුත් මාර්තු මාසයේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමේ බලාපොරොත්තුවෙන් ඉතා අසීරුවෙන් එරට රැඳී සිටින බවත් එම පිරිස පැවැසූහ.
ඔවුන්ගෙන් අති බහුතරය මේ වනවිට රැකියා අවසන් කර ශ්‍රී ලංකාවට යාමට බලාපොරොත්තුවෙන් සිටින බැවින් රැකියා ස්ථානවලින් පිටව සිටින බවත් ඔවුන් කුලි පදනම මත ලබා ගත් කාමර වල සිටින බැවින් විශාල මුදලක් කාමර සඳහා ගෙවීමට සිදුව ඇති බවත් එම පිරිස වෙනුවෙන් ලංකාදිපයට අදහස් දැක්වූ නාලිකා බේරුවලගේ මහත්මිය දුරකථනය ඔස්සේ පැවැසුවාය.
සාමාන්‍යයෙන් කුඩා කාමරයක් සඳහා ටෙල් අවිව් නුවරදී මසකට රුපියල් එක් ලක්ෂ දස දහසක් පමණ මුදලක් ගෙවීමට සිදුව ඇතැයි ද, මුදල් නැතිකම නිසා එය පවා මේ වනවිට ශ්‍රී ලංකාවෙන් ගෙන්වා ගෙන ගෙවන අය පවා ඇතැයි ද බේරුවලගේ මහත්මිය කීවාය.
පිළිකා රෝගීන්, සිරෝසිස් රෝගයෙන් පෙළෙන පිරිස්, ආබාධිත අය ද මේ අතර වන බව කී ඇය මේ පිරිස් පිළිබඳව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත් වීමක් නොමැති බවද බේරුවලගේ මහත්මිය පැවසුවාය.
කෙසේ වෙතත් මේ වනවිට මේ සම්බන්ධව තමන් ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු ශ්‍රී ලංකාවේ වගකිව යුතු ආයතන සමූහයකට දන්වා ඇතැයි ද මේ මාසය අවසන්වීමට පෙර තම පිරිසට ශ්‍රී ලංකාවට පැමිණීමට ගුවන් යානයක් එවනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටින බවද ඇය කීවාය.
දුරකතනය ඔස්සේ ඇමතූ ටෙල් අවිව් නගරයේ වොල්සන් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන උඩුගම්පලගේ නිලන්ති මහත්මිය කියා සිටියේ තමන් මාස අටක් තිස්සේ ශ්‍රී ලංකාවට යාමට බලාපොරොත්තුවෙන් සිටින බවය.
මේ වනවිටත් රෝහල් ගතව සිටින තමන්ව වරින් වර රෝහල් ගත කිරීම හේතුවෙන් විශාල මුදලක් ගෙවීමට සිදුව ඇති බවත් හදිසි අවශ්‍යතාවයක් සේ සළකා මෙම පිරිස ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නැයි ඉල්ලා සිටින බවත් ඇය කීවාය.
මිය යන්නට පෙර ශ්‍රී ලංකාවට යාම සඳහා උදව්කරන්නැයි සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව පිළිකා රෝගය හේතුවෙන් රෝහල් ගතව සිටින කාන්තාවක් වන අනුෂා ප්‍රියදර්ශනී මහත්මිය පැවසුවාය.

2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඊශ්‍රායලයේ සිටින 320 ක් ගෙදර එන්න ගුවන් යානයක් ඉල්ලති
Wimal Monday, 17 August 2020 07:45 AM
දැනගෙන තියෙන විදිහට හෙට ගුවන් යානයක් ලෑස්තියි.
janahitha UAE Monday, 17 August 2020 09:45 AM
රැකියා තියෙන අය ලංකාවට මේ අවස්ථාවේ නොපැමිනේන්නේනම් මැනවි.