IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


ඊශ්‍රායලයේ චීන තානාපතිවරයාගේ මළසිරුර ඔහුගේ නිවසින් හමුවෙයි

ඊශ්‍රායලයේ චීන තානාපතිවරයා ලෙස සේවය කළ ඩු වෙයි මහතාගේ මළසිරුර උතුරු ටෙල් අවිව් ප්‍රදේශයේ හෙර්ස්ලියාහි පිහිටි ඔහුගේ නිවසේ තිබියදී අද අළුයම සොයාගත් බව ඊශ්‍රායල විදේශ කටයුතු අමාත්‍යංශය සහ පොලිසිය පවසයි.

මරණයට හේතුව නිල වශයෙන් හෙළිදරව් වී නොමැති අතර ඒ පිළිබඳ පොලිස් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

කෙසේ වෙවත් මාධ්‍ය වාර්තා පවසන්නේ මූලික නිරීක්ෂණ අනුව තානාපතිවරයාගේ මරණයට හේතුව හෘදයාබාධයක් ලෙස පෙනී යන බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ඊශ්‍රායල විදේශ කටයුතු අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් යුවාල් රොටෙම් මහතා චීනයේ නියෝජ්‍ය තානාපතිවරයාට සිය ශෝකය පළකර ඇති අතර  චීන තානාපති කාර්යාලයට අවශ්‍ය ඕනෑම සහායක් ලබා දෙන බවට ද පොරොන්දු වී ඇත.

මීට පෙර යුක්රේනය සඳහා චීන තානාපතිවරයා ලෙස කටයුතු කළ ඩු වෙයි මහතා පසුගිය පෙබරවාරි මාසයේ ඊශ්‍රායලයට පැමිණ තිබුණි.

ඔහුගේ බිරිඳ සහ පුත්‍රයා ඊශ්‍රායලයේ නොසිටි බව ද වාර්තා වේ.

ඊශ්‍රායලය චීනය සමඟ යහපත් තානාපති සම්බන්ධතා පවත්වාගෙන යනු ලබන රටකි.

ඊශ්‍රායලයට පැමිණි අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතාගේ අදහස් චීන තානාපතිවරයා විසින් හෙළා දැකීමෙන් දින දෙකකට පසුව මෙම මරණය සිදුවී තිබේ.
 

අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ඊශ්‍රායලයේ සිදුවන චීන ආයෝජන හෙළා දුටු අතර කොරෝනා වසංගතය පිළිබඳ තොරතුරු චීනය සඟවන බවට ද චෝදනා කළේය.

-226-

(අල්ජසීරා ඇසුරෙනි)

 



අදහස් (8)

ඊශ්‍රායලයේ චීන තානාපතිවරයාගේ මළසිරුර ඔහුගේ නිවසින් හමුවෙයි

Sas Sunday, 17 May 2020 10:54 AM

ප්‍රවෘත්තිය සහ විෂය නොගැලපේ ...

:       0       2

de silva Sunday, 17 May 2020 11:08 AM

එහෙමනම් මට හිතෙන්නේ පිම්පිය මොසාඩ් එක්ක සෙට් වෙලා චිනට වැඩේ දීල .

:       50       34

Champa Sunday, 17 May 2020 11:55 AM

මැරුණු හේතුව මෙතනම තියෙනව. "ඊශ්‍රායලයට පැමිණි අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතාගේ අදහස් චීන තානාපතිවරයා විසින් හෙළා දැකීමෙන් දින දෙකකට පසුව මෙම මරණය සිදුවී තිබේ." ලංකාවේ පාලකයාත් ඊශ්‍රායල ඒජන්තයෙක්. ඔහු දැන් කරන්නේ රඟපෑමක්. 19 අහෝසි වුනා නම් නියම ස්වරූපේ මතු වෙනවා බලන්න පුළුවන්.

:       1063       574

Pali Sunday, 17 May 2020 05:49 PM

මිනිසුන් අකාලේ ස්වහාවිකව මැරෙන්න පුලුවන්... නිකරුනේ සැක කිරීම වැරදියි .

:       3       90

විජේTuesday, 19 May 2020 12:17 AM

ඒක ඇත්ත. ඒත් යුක්‍රේන් ඉදලා ඊශ්‍රායලයට ආපු චීන තානාපති කෙනෙක් ඇමරිකානු නියෝජ්‍ය ජනාධිපතිවරයා විවේචනයකර ටික දවසකින් මියයාම, විශේෂයෙන්ම හාට් ඇටෑක් එකකින්. මම කියන්නෙ නෑ ඇමරිකානු උවමනාවට මොසාඩ් කරාම කියලා, ඒත් කාගේ හෝ උවමනාවට කව්රුන් හෝ ගේමක් ගසා ඇති හැඩක්නම් ඇති හැඩයි.

:       9       1

Anton Monday, 18 May 2020 04:27 AM

ඇමරිකාව සහ ඊශ්‍රායල කියන්නේ කිසිම ලෙසකින් විශ්වාස කල හැකි රටවල් නොවේ. මෙය අපේ වසර 30 ක යුද්ධයේදී අපට හොදින් දැක ගන්න ලැබුණා... ඇමරිකාව අපිට එරෙහිව කටයුතු කල අතර ඊශ්‍රායලය අපට ආයුධ ලබා දුන්නත් ඒවාට එරෙහිව පාවිච්චි කල හැකි ආයුධ කොටි සංවිධානයට ලබා දුන්න . අනිත් එක අපේ හමුදා සෙබළුන් පුහුණු කල අතරම කොටි සංවිධානයේ ඇතැම් බුද්ධි අංශ කණ්ඩායම්වලට යුද පුහුණුව ලබා දුන්න . මෙම රටවල් දෙක විශේෂයෙන් බොහෝ රටවල යුද්ද සදහා වක්‍ර ලෙස සම්බන්ධ වෙනවා . ඒ තුලින් ඔවුන්ගේ යුද අදායම වැඩි කරගන්නවා .

:       9       378

laksithaMonday, 18 May 2020 10:34 AM

චීනය හරිම හොද රටක්. දැන් මේ වෛරස් එක පවා ඉන්දියාවෙන්නේ ඉස්සෙල්ලම පටන් ගත්තේ. ඇමෙරිකාවයි ඊශ්‍රයෙල් එකයි තමයි මේක ලෝකෙට බෝ කලේ. දැන් ඔය ශෑන්ග්රිල්ල එකත් ඇමරිකාවේ වැඩක්. ඒ ඉඩමත් අමෙරිකාවටමයි අයිති.

:       348       364

කපිල Monday, 18 May 2020 09:48 AM

අපිට නම් මේ මරණය සැක සහිතයි. මොකද ඊශ්‍රායලය කියන්නේ ඇමරිකාව වගේම වැඩ කරන අනික් රටනේ.

:       0       53

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1537 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1352 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 488 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site