(විනීතා එම් ගමගේ)
ඉරාන හා ඉරාක දේශ සීමාවේ ඇතිවූ භූ කම්පනයෙන් ශ්‍රී ලාංකිකයන්ට කිසිදු හානියක් මෙතෙක් වාර්තා වී නැතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි.
එම දෙරටෙහි තානාපති සේවාවන් සමඟ දිගින් දිගටම සම්බන්ධ වී මේ පිළිබඳ තොරතුරු සොයමින් සිටින බවත් තානාපති කාර්යාලයේ නිලධාරින් සිද්ධිය වී ඇති ප‍්‍රදේශයේ සොයා බැලීම් සිදුකරන බවත් කාර්යංශයේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
රිච්ටර් මාපක 7.3 ක් ලෙස සටහන් වී ඇති මෙම භූ කම්පනය කුවේට් දේශයට ද දැනී ඇති අතර එහි ජනතාවද ඊයේ රාත‍්‍රීය එළිමහන් ස්ථානවල ගත කර ඇතැයි හෙතෙම සඳහන් කළේය.
කෙසේ වෙතත් කුවේට් හි ද කිසිදු ශ්‍රී ලාංකිකයකුට හානියක් සිදුවූ බවක් මෙතෙක් වාර්තා වී නැතැයි ද ඔහු පැවැසුවේය. කාර්යංශය පැය විසිහතරම මේ ගැන අවධානයෙන් සිටින බව ද එම නිලධාරියා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉරානය සහ ඉරාකය තුල සිදුවුණු මේ භූමිකම්පාව ගැන අපි ඉතාමත් කණගාටු වෙනවා. එ්ත් මොකද්ද මේ සිදුවීම අපේ ජාතික කොඩියත් එක්ක තියන සම්බන්ධකම ...?