(රොමේෂ් මධුෂංඛ)
 
වසර 26 ක් පුරාවට සිය මුල් ඉඩම් අහිමි වූ ඉරණතිව් දූපතේ මුල් පදිංචිකරුවන් සිය මුල් ඉඩම් ඉල්ලා සිදුකළ සත්‍යග්‍රහයට වසරක් පිරීම නිමිත්තෙන් ඉරණතිව් මාතානගර් කතෝලික දේවස්ථානය අසලදී ඊයේ (23)  විරෝධතාවක් සංවිධානය කැරිණි.

ඉරණතිව් මුහුදු වෙරළ ආසන්නයේ පිහිටි මාතානගා කතෝලික දේවස්ථානය ඉදිරිපිට මෙම විරෝධතාව සංවිධානය කර තිබූ අතර මේ සඳහා ඉරණතිව් දූපත්වාසීහු හා උතුරේ ස්වේච්ඡා සංවිධාන කිහිපයක්ද සහය ලබා දුන්හ.

‘1992 වසරේ සිට ඉරණතිව් දූපත තමන්ට අහිමි වූවේ එවකට පැවති යුදමය වාතාවරණය හේතූන් මත නිසාවෙන් බවටත් පසුව 2007 වසරේ සිටම තම දූපත වූ ඉරණතිව් දූපත වෙතට පැමිණීමට අවස්ථා කිහිපයකදීම ගත් උත්සහයන් අසාර්ථක වූ අතරම පසුව 2009 වසරේදී යුද්දය අවසන් වීමෙන් පසුව තම මුල් ඉඩම් හිමි වේවි යන බලාපොරොත්තුවෙන් සිටියද පැවති රජයන් හා වත්මන් රජයද මේ දක්වා තම බලාපොරොත්තු ඉටු කිරීමට කිසිදු පියවරක් ගෙන නොමැති බව ඔවුහු පැවසුහ.