නාලක සංජීව දහනායක
ත්‍රීරෝද සඳහා ඉන්ධන සහනාධාරයක් ලබා දීමට රජය කටයුතු නොකරන්නේ නම් ලබන සඳුදා සිට අනිවාර්යයෙන්ම ත්‍රීරෝද රථ ගාස්තු වැඩිකරන බව ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ත්‍රීරෝද රථ සංගමය සඳහන් කරයි.
ලක්‍ෂ අටහමාරක් පමණ වන ත්‍රීරෝද රථ රියදුරන් සඳහා ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බවද එම සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ලංකාදීපයට පැවැසීය.
වැඩිවන ජීවන වියදම හමුවේ ඉන්ධන මිළ ඉහළ යෑම තම සාමාජිකයන්ට දරා ගැනීම අපහසු බවත් රජය ත්‍රීරෝද රියදුරන් සඳහා ඉන්ධන සහනාධාරය ලබා නොදෙන්නේනම් දැනට පළමු කිලෝමීටරය සඳහා අයකරනු ලබන රුපියල් 60 ගාස්තුව රුපියල් 80 දක්වා ඉහළ දමන බව සභාපතිවරයා සඳහන් කළේය.
COMMENTS
මුන් 158 ට තිබ්බ පෙට්රෝල් මිල 117 ට බැස්සුවම සත පහක් අඩු කරේ නෑ... දැන් රුපියල් විස්ස පලවෙනි කිලෝ මීටෙර්යටම වැඩි කරනවා. මේවගේ යන්නැතුව හිටියම ඉවරයි.
කොහොමත් තෙල් වැඩි නොකරත් අසාධාරණ ගනන් අය කරන්නෙ.
අපි පයෙන් යමු.
එකෙනුත් ලොකු ගානක් හම්බ කරගන්න හදනවා , ලංකාවේ බහුලව තිබෙන ත්‍රිවිලර් එකකකට පෙට්‍රල් ලීටර් එකකින් කිලෝ මීටර් 30ක් දුවන්න පුළුවන්, පෙට්‍රල් රු 20 කින් වැඩි උනාම මෙගොලොන්ට එක කිලෝ මීටරයකට රුපියලකටත් අඩුවෙන් තමයි වැඩිපුර වියදම් වෙන්නේ, මෙගොල්ලොන්ගේ අඩුම දුරක් කියන්නේ සාමාන්‍යයෙන් කිලෝ මීටර් 1 ක් වගේ දුරක් , එහෙම බැලුවම රුපියලක් තමයි අඩුම දුරට මේගොල්ලෝ වැඩි කරන්න ඕනේ .
පෙට්‍රල් ලීටරයකින් ත්‍රීරෝද රථයක් කිලෝමීටර කීයක් දුවන්න පුලුවන්ද? 20km පුළුවන් නම්, කිලෝමීටරයට රුපියලකින් නේ ගාන වැඩි කරන්න වෙන්නේ... ලීටරේ 162/- ට තිබුන කාලේ ගාස්තුව කීයද?
පෙට්රෝල් මිළ ඉහළ ගියේ ලීටරයකට රුපියල් විස්සක් ඉතින් කිලෝමිටරයක් යන්න පෙට්‍රෝල් ලිටරයක් යනවද?
පළමු කිලෝමීටරයෙන්ම ලීටරයක සල්ලි හොයන්නනයි කල්පනාව. අර පැට්‍රොල් මිල අඩුකළ විට සතයක්වත් අඩුකලේ නැහැ නේද? පුළුවන් තරම් පයින් යන්න ඇඟට හොඳයි.
වැඩිවෙලා තියෙන මිල එක්ක හරිනම් කිලෝ මීටරයට 200 වත් ගන්න ඕනා...
කලින් තෙල් අඩු කරපු වෙලේ අඩු කලේ නෑ සතයක් වත් මේ ත්‍රීවීල් අය. කලින් 158-117 ගෙනවා දැන් 117-137. එතකොට සාමාන්‍ය ජනතාවට තමා හුලන්! අනික ඔය අය මීටෙර් තියෙන්නේ කීයෙන් කීදෙනාටද ? ත්‍රීවීල් පොඩි මිනිස්සු තමා. ත්‍රී ව්හීල් වල යන අපිත් පොඩි මිනිස්සු තමා අපිට සල්ලි තියෙනවා නම් මොනා හරි වාහන කට්ටක් ගන්නවානේ.
වැඩි කරොත් වැඩි කරාම තමා.
කරුණාකර මේ ත්‍රිරෝධ රථවලට මීටර් සවිකර සහතික මිලක් නියම කරන්න, ලෝකයේ හැම රටකම වගේ එම නිතිය තිබෙනවා එතකොට කිසිම කරදරයක් නැහැ, ත්‍රිරෝද රථවලට මීටර් ටික සවිකරන්න සම්මත කරගත්තු නිතිය ක්‍රියාත්මක කරන්න , මෙහෙම සරල දෙයක්වත් කරගන්න බැරි ආණ්ඩුවකින් ඇති පලය කුමක්ද ? කොටි ගණන ජනතමුදල් වියදම් කරමින් විවිධ වරප්‍රසාද ලබාදෙමින් දේශපාලකයෝ නිලධාරියෝ නඩත්තු කරන්නේ කුමටද ?
අනිත් බිස්නස් කරැවන්ට මිල වැඩි කරන්න පුඵවන් නමි ඔබලාටත් මිල වැඩි කල යුතුයි.