(රංජන් කස්තුරි )
ඉන්ධන මිල ඉහළ ගියද කිසිසේත් විදුලි ගාස්තු ඉහළ නොදමන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
ලෝක වෙළෙඳපොලෙහි තෙල්මිල උච්චාවචනයන්ට මුහුණ දුන්නද ආණ්ඩුව විදුලි ගාස්තු ඉහළ නොදැමීමට තීන්දුවක් ගෙන ඇතැයි ද එම නිසා විදුලි පාරිභෝගිකයින් අපහසුතාවට පත් නොවන බවද හෙතෙම පැවසීය.
ආණ්ඩුව සෑම විටකදීම ජනතාවට හැකි උපරිම සහන ලබාදෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.