(මොහොමඞ් බුහාර්ඩින්)  

දඹුල්ල කුරුණැගල ප‍්‍රධාන මාර්ගයේ ගලේවෙල බෙලිගමුව ප‍්‍රදේශයේදි මර්ගයේ ධාවනය වෙමින් තිබු ඉන්ධන බවුසරයක් මාර්යෙන් ඉවතට පැන ගසක ගැටි  සිදුවු රිය අනතුරකින් එහි රියදුරු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි.

අනුරාධපුරයේ සිට කොලොන්නාව ඉන්ධන ගබඩාවට යමන් තිබු බවුසර් රථයේ රියදුරුට රථයේ වේගය පාලනය කරගත නොහැකිව අද 8 අලූයම 5ට  පමණ ගලේවෙල බෙලිගමුව ප‍්‍රදේශයේදි මාර්ගයෙන් අනෙක් පසට පැන අසල තිබු අධිබලැති විදුලි කණුවකද මයිල ගසකද ගැටි කාණුවට වැටි නතර වි  ඇතැයි  ඇතැයි පොලීසිය පවසයි.

අනතුරින් පසු බවුසරයේ සිරවි සිටි එහි රියදුරු ප‍්‍රදේශවාසින්ගේ හා පොලිසියේ මැදිහත් වි පැයකට පසු රියදුරු ගලේවෙල දිසා රෝහලට ඇතුළු කිරිමට කටයුතු කෙරුණු අතර එහිදි වැඩිදුර ප‍්‍රතිකාර සදහා දඹුල්ල මහ රෝහලට මාරු කර යවා ඇත.