ශ්‍රී ලංකා-ඉන්දියා නාවික හමුදා අතර පවතින සහයෝගීතාව පිළිබිඹු කරමින් ඉන්දියානු නාවික හමුදාව ශ්‍රී ලංකාවේ වැලිගම මුහුදු බොක්ක හා දකුණු මුහුදු තීරය ආශ්‍රිතව ඒකාබද්ධ ජලමාන සමීක්ෂණයක් පවත්වා ඇත. මාස දෙකක් පුරා කරන ලද මෙම සමීක්ෂණයෙන් නාවික සැතපුම් 7000 ක පමණ ජලමාන සමීක්ෂණ දත්ත එකතු කර තිබේ.
එම දත්ත වාර්තා කොළඹ පැවති විශේෂ උත්සවයකදී ශ්‍රී ලංකා නාවික හමුදාවට භාර දී තිබේ.
“මෙම ප්‍රථම ජලමාන සමීක්ෂණය දෙරට අතර ද්විපාර්ශික සම්බන්ධතාවල නව ආරම්භයක් පිළිබිඹු කරනවා“ යයි ඉන්දියානු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඩී එක් ෂර්මා මහතා පවසයි. මෙම සමීක්ෂණය කිරීමට ඉන්දියානු ‘දර්ෂක්‘ නෞකාව මාස දෙකක විහිදුම් ක්‍රියාමාර්ගයක් කළ බව ඒ මහතා කියයි.
මෙම සමීක්ෂණ මෙහෙයුම් අදියර තුනක් යටතේ කෙරුණ අතර ‘දර්ෂක්‘ නෞකාව කොළඹ හා ගාලු වරායවලට ද පැමිණියේය. චීටා වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ද මේ සඳහා යොදා ගැනිණි.
(පී.ටී.අයි. ඇසුරිනි)
COMMENTS
අඟලක් නැතිව ලංකාවේ මූදෙයි, ගොඩබිමෙයි ඔක්කොම තොරතුරු ඉන්දියාව හොයාගනී... මේවා ව්‍යාප්ත වාදයට අත්‍යවශ්‍ය කරුණුනේ...
ජලමාන පරීක්ෂණයකට අාවද? නැතිනම් මෝදි එන කාලේ දකුණු මුහුදු තිරයේ සබ්මැරින් ඇතුළු නාවික යාත්‍රා ක්‍රියාකාරකම් ගැන පරීක්ෂාවෙන් ඉන්න ආවද කවුද දන්නේ? මේකේ අති ප්‍රබල යන්ත්‍ර එහෙමත් තියෙන්න ඇතිනේ... ?
කුමාර් ඔබේ මතය හරි... ඉන්දියාවෙන් ලංකාවට දුන්නු සුවසැරිය ගිලන් රථ කව්රුවත් පරීක්ෂා කළාද? ඒවාගේත් මොනවා හරි හයිකරලා ඇති තොරතුරු ගන්න....
ඉන්දියාව කියන්නේ ප්‍රජාතන්ට්‍රවාදී රටක්.. එරටට ලංකාවට එම වරදක් නෙමෙඉ
ඉන්දියන් හමුදාව අපේ අතිශය සංවේදී දත්ත රැස්කිරීම භයානක බව... ආණ්ඩු කරන ඇත්තන්ට තේරෙන්නෙ නැති එක අපේ අවාසනාවක්...!!