ඉන්දියාවේ හිටපු ජනාධිපති රජිව් ගාන්ධි ඝාතනය කළ බවට එල්ල වූ චෝදනාවලට වරදකරුවන් වී සිරඳඬුවම් ලබන හත් දෙනා නිදහස් කරන්නැයි ඉල්ලා තමිල්නාඩු ආණ්ඩුව කරන ලද ඉල්ලීම ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.
සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් තමිල්නාඩු ආණ්ඩුව කර තිබෙන ඉල්ලීම සම්බන්ධයෙන් මධ්‍යම ආණ්ඩුවට එකඟ විය නොහැකි යැයි තම තීරණය දැනුම් දෙමින් ඉන්දීය ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.
ජනාධිපතිවරයා අදාළ තීරණය ගෙන ඇත්තේ මෙවැනි කරුණු සම්බන්ධයෙන් පත්කර තිබෙන අමාත්‍යවරුන්ගෙන් සමන්විත මණ්ඩලයේ උපදෙස් අනුවය.
කොටි සංවිධානයේ සාමාජිකාවක විසින් එල්ල කරන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට ගොදුරු වීමෙන් 1991 වසරේ මැයි 21 වැනි දා රජිව් ගාන්ධි ඝාතනයට ලක්විය.
මානුෂීය කරුණු සළකා බලමින් මෙම සිරකරුවන් හත්දෙනාට සමාව ලබාදී නිදහස් කරන්නැයි තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුව පසුගිය සිව් වසරක කාලයේදී දෙවතාවක් ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට ලිපි යවා ඇත.
ද හින්දු
055
COMMENTS
ඉන්දියාවෙන් ඉගෙන ගන්න දෙයක් තියෙනවා වගේ...
අනේ ඒකට අපේ "ජරා පාලන" ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන්න තිබ්බේ. රට බේරාගත්ත හමුදාව හිරේ දාලා, අහිංසක සිංහල, දෙමල ජනතාව මරපු ත්‍රස්තවාදීන්ව නිදහස් කරන ආණ්ඩුවක් අපට ඇත්තේ. මේ "ජරා පාලනයේ" උපාය ත්‍රස්තවාදී ඡන්ද වලින්, 2015 ජනවාරි 08 දිනනවා වගේ ආයිත් බලයට 2020 එන්න...
ඉන්දියාවේ එහෙම වුණාට ලංකාවේ එහෙම වෙන්නේ නෑ.
පොඩ්ඩක් අපේ යහපාලන උන්දැලාගෙන් ඉල්ලලා බැලුවොත් නරකද? මෙහ්ට ගෙන්නගෙන හරි නිදහස් කරන්න උත්සාහ කරයි.
අපේ පොලිසියේ 600 ක් මරුපු අයටත් දෙන්න නිදහස...