IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඉදිරි වසර 20ට නව විදුලි බල සැලැස්මක්

ඉදිරි වසර 20 දී වත්මන් විදුලිබල උත්පාදන ධාරිතාවයට තවත් මෙගාවොට් 8371ක් එක් වීමට නියමිත බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව මෙගා වොට් 4800 කින් යුත් ස්වභාවික වායු බලාගාර, මෙගා වොට් 457ක ධාරිතාවයකින් යුත් ජල බලාගාර, මෙගා වොට් 1389ක ධාරිතාවයක් සහිත සුර්යතාප බලාගාර, මෙගාවොට් 1205 ක ධාරිතාවයක් සහිත සුළං බලාගාර, මෙගාවොට් 85ක ජෛව ස්කන්ධ බලාගාර, මෙගාවොට් 330 ක ධාරිතාවයකින් යුත් දැවිතෙල් බලාගාර සහ මෙගාවොට් 105ක ධාරිතාවයකින් යුත් ගෑස් ටර්බයින් බලාගාර ජාතික පද්ධතියට එක් කිරීමට නියමිත ය.

ඉදිරි වසර 20ක කාලය සදහා ඉහළ යන විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය සකස් කර අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබු සැලසුම් වලින් වඩා අවම පිරිවැයක් සහිත සැලැස්ම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනුමැතිය ලබා දී තිබේ.

ඉදිරි 20 වසරක කාලයේ වාර්ෂික විදුලිබල ඉල්ලුම 5%කින් පමණ ඉහළ යනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ. එසේ ඉහළ යන විදුලිබල ඉල්ලුම සපුරාලීමට අවශ්‍ය විදුලි ජනන ධාරිතාවය ගොඩනැගීමට මෙම සැලසුම මගින් හැකියාව ලැබේ.  ඒ අනුව අනුමත බලාගාර කඩිනමින් ඉදිකිරීම සදහා පියවර ගත යුතු බවද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවධාරණය කර තිබේ. මෙම විදුලිබල සැලැස්ම අනුමත කිරීමට පෙර ඒ සඳහා මහජන අදහස්  ලබාගැනීමද විශේෂත්වයකි. යෝජිත විදුලිබල සැලසුම සම්බන්ධයෙන් බලශක්ති ක්ෂේත්‍රයේ විශේෂඥයින්, පරිසරවේදීන්, පාරිභෝගික අයිතිවාසිකම් ක්‍රියාකාරිකයින්, අර්ථශාස්ත්‍රඥයින්  ඇතුළු විවිධ පාර්ශ්වයන් විසින් යෝජනා හා අදහස් රාශියක් ඉදිරිපත් කර තිබිණි. අනුමැතිය ලබාදීමට පෙර එම යෝජනාද සැලකිල්ලට ගැනිණි.



අදහස් (1)

ඉදිරි වසර 20ට නව විදුලි බල සැලැස්මක්

Perakum Friday, 21 July 2017 07:02 AM

ලංකාවට ලැබෙන සුර්යතාපය අපේ රටේ පුර්ණ විදුලි බල අවශ්‍යතාවය සපුරා අතිරික්තය අපනයනය කිරීමට තරම් ප්‍රමාණවත් බව විද්‍යාත්මකව පෙන්වා දී ඇත. අවශ්‍ය වන්නේ එය ප්‍රයෝගිකව ක්‍රියාත්මක කල හැකි ක්‍රමවේදයක් උපයෝගී කරගැනීමයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 37 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site