(විනීතා එම් ගමගේ)
පළාත් පාලන ඡන්දය හැකි ඉක්මණින් පැවැත්වීමට තම පක්ෂය හැකි උපරිම උත්සාහය යොදන බව ශ්‍රී ලංකා නිදහස් සන්ධාන ලේකම් ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
මැතිවරණය මේ තරම් කල් යන්නට ප‍්‍රධාන ලෙස හේතු වූයේ නව මැතිවරණ ක‍්‍රමයක් හඳුන්වා දීම නිසා යැයි ද ලේකම්වරයා කියයි.
ඡන්දය පරණ ක‍්‍රමයට තබන්නැයි ඉල්ලා සිටින පිරිස් බොහෝ සිටින බවත් ශ්‍රීලනිපය මුල සිටම කියන්නේ නව ක‍්‍රමයට මැතිවරණය පවත්වන ලෙස යැයි ද හෙතෙම පවසයි.
මැතිවරණය පැවැත්වීම නතර කරන්නට එලිපිට මෙන්ම යටින් උත්සාහ කළ හා උත්සාහ කරන පිරිස් සිටින නමුත් කෙසේ හෝ නව ක‍්‍රමයට මැතිවරණය පැවැත්වීමට ගත් පියවර නිසා කොට්ඨාසයට මන්ත‍්‍රීවරයකු පත්වීමෙන් මනාපවලට කපාකොටා ගන්නා, කුඩු කාරයින් දිනන ක‍්‍රමය අහෝසි වූයේ යැයි ද අමාත්‍යවරයා ප‍්‍රකාශ කරයි.
නව ක‍්‍රමය යටතේ මැතිවරණය පැවැත්වීම සියයට සියයක් සාර්ථක යැයි පැවැසිය නොහැකි යැයි පැවැසූ අමරවීර මහතා එහි බොහෝ අඩු පාඩු ඇතිවනු ඇති බවත් මැතිවරණයෙන් පසු සමාලෝචනය කරමින් රටට ඉතා උචිත ක‍්‍රමයකක් කරා යන බවත් කියයි.
අමරවීර මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ අද (23) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොහොට්ටුව ජවිපෙ ඡන්දය කල්දමා ගන්න උත්සාහ කරන නිසා තමයි ඡන්දය කල්යාමේ හේතුව
එන්නකෝ ඡන්දය ඉල්ලගන කවදාහරි ඡන්දය තියන දවසක. හිතනවා ඇති අපි තවත් මෝඩ වෙයී කියාලා.
ඕකට කොමිටියක් දාන්න.