නිමල කොඩිතුවක්කු
ඇස්බැස්ටෝස් තහනම ඉවත් කිරීමට රජය ගත් තීරණයට තමන් සම්පූර්ණයෙන්ම විරුද්ධ බවත් ඒ සඳහා ඉදිරියේදී ජනමතයක් ගොඩ නැගීමට කටයුතු කරන බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝ අද (21) පැවසූහ.
ජාතික පුස්ථකාල හා ප‍්‍රලේඛන සේවා මණ්ඩලයේ පැවති මාධ්‍ය හමුවකදී රතන හිමියෝ මේ බව පැවසූහ.
ඇස්බැස්ටෝස් තහනම සහ තේ තහනම සම්බන්ධයෙන් ගැටලූව ඇති බවත් ඉදිරියේදී මේ පිළිබඳ ප‍්‍රකාශයක් සිදු කිරීමට කටයුතු කරන බවත් උන්වහන්සේ සඳහන් කළහ.
ඇස්බැස්ටෝස් තහනම් කිරීමට තමන් පුරෝගාමී වූ බවත් මෙම ගැටලූවේදීද ජනතා මතය නියෝජනය කිරීමට කටයුතු කරන බවත් උන්වහන්සේ වැඩිදුරටත් කීහ.
COMMENTS
උළු දැම්මම තෙමෙනවා ,එකයි ඇස්බැස්ටෝස් දාන්නේ
ජනාදිපති ගත්ත තීරණය වෙනස් කරන්න ඔබවහන්සේ කවුද? අනික මේ ප්‍රශ්නෙදී ඇස්බෙස්ටෝස් වලට වඩා මේ වෙලාවේ වටින්නේ අපනයන කරන දේවල් පිළිබඳව නේද?..
ඔබවහන්සේ හරි අපේ හාමුදුරුවනේ.