IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඇවන්ට්ගාඩ් නඩුව මැයි 21 වැනිදා සිට විභාගයට

(මනෝප‍්‍රිය ගුණසේකර)
 

ඇවන්ට්ගාඩ් සභාපති  නිශ්ශංක සේනාධිපති මහතා සහ විශ‍්‍රාමික මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතාට එරෙහි නඩුව ලබන මැයි 21 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහෙන්ද්‍රන් මහතාට අද (28) නියම කළේය.
 

ලංකාව අවට මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යෑමට කටයුතු සළසා දීම සඳහා රුපියල් ලක්‍ෂ 355ක මුදලක් තුටු පඩුරක් ලෙස පිරිනැමීමෙන් හා එම මුදල ලබා ගැනීමෙන් අල්ලස් පණතේ දුෂණය නමැති වරද සිදු කළ බවට ඔහු චෝදනා ලැබ සිටී.
 
මෙම නඩුව අද දින සිට විභාග කිරීමට නියමිතව තිබුණත් පැමිණිල්ල මෙහෙයවන රජයේ නීතීඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවකට පෙනී සිටීම නිසා නඩු විභාගය කල් තැබීමට විනිසුරුවරයා එලෙස නියම කළේය.
 
ලංකාව අවට මුහුදේ  පාවෙන අවි ගබඩාවක්  පවත්වාගෙන යෑමට කටයුතු සළසා දීම සඳහා රුපියල් ලක්‍ෂ 355ක මුදලක් තුටු පඩුරක් ලෙස පිරිනැමු බවට ඇවන්ට් ගාඞ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට එරෙහිවද රුපියල් ලක්‍ෂ 355ක මුදලක් තුටු පඩුරක් ලෙස ලබාගත් බවට රක්නා ලංකා සභාපති විශ‍්‍රාමික මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතාට එරෙහිවද අල්ලස් කොමිසම විසින් මෙම නඩුව පවරා ඇත.
 
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ඇවන්ට් ගාඞ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාද විශ‍්‍රාමික මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතාද අධිකරණයේ පෙනී සිටියහ.
 
නඩුව කැඳවනු ලැබු අවස්ථවේදී ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගනිමින් විනිසුරුවරයා අදාළ නියෝගය නිකුත් කළේය.
 
 පැමිණිල්ල වෙනුවෙන් අල්ලස් කොමිසමේ සහකාර නීතී අධ්‍යක්‍ෂ තුෂාරී දයාරත්න මහත්මිය සමඟ ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ ජනක බණ්ඩාර මහතා පෙනී සිටියේය.
 
 විත්තිකරුවන් වෙනුවෙන් නීතීඥ නවීන් මාරපන සහ නීතීඥ අජිත් පතිරණ යන මහත්වරුන් ඇතුළු  නීතීඥ මඩුල්ලක් සමඟ ජනාධිපති නීතීඥ ගාමිණි මාරපන මහතා පෙනී සිටියේය.
 



අදහස් (2)

ඇවන්ට්ගාඩ් නඩුව මැයි 21 වැනිදා සිට විභාගයට

de silva Thursday, 28 February 2019 11:28 AM

මේ කෝලම අපේ බදු සල්ලි විනාශ කර කර අවරුදු 4 විතර රඟ දක්වනවා , මේක ඉකමනට අහල ඉවර කරන්න බැරි මොකද ? මේකත් හරියට ඉඩම් නඩුවක් වගේ තව අවරුදු 5 විතර ඇදල නිකම්ම විසිකරලා දාවි අපරාදේ අපේ බදු සල්ලි

:       0       14

nalinda dasanayaka Friday, 01 March 2019 08:18 AM

ලංකාවේ හිටපු හොඳම වීරයෙක් තමයි කරන්නාගොඩ සර්... මුළු සිංහල ජනතාවගේම ආදරය අාශීර්වාදය එතුමාට තියනවා. දළදා පිහිටයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site