IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඇවන්ට්ගාඩ් නඩුව ජුනි 26 වැනි දා සිට විභාගයට

(මනෝප‍්‍රිය ගුණසේකර)
 

ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති සහ විශ‍්‍රාමික මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු මහත්වරුන්ට එරෙහි නඩුව ජුනි 26 වැනි දා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා අද (19) නියම කළේය.

පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යෑමට කටයුතු සලසාදීම සඳහා රුපියල් ලක්‍ෂ 355ක මුදලක් පිරිනැමීම හා එම මුදල ලබා ගැනීමෙන් අල්ලස් පනතේ දුෂණය නමැති වරද සිදු කළැයි ඔවුන්ට එරෙහිව ඇති චෝදනාව වේ. 

මෙම නඩුව කැදවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගනිමින් විත්තිකරුවන්ට විදේශ ගතවීමට අවසර දුන් කොළඹ මහාධිකරණ විනිසුරුවරයා නඩුව විභාග කරන දිනවල අධිකරණයේ පෙනී සිටිය යුතු බවට කොන්දේසියක් ද පැනවීය.

මෙම නඩුවේ පළමු විත්තිකාර විශ‍්‍රාමික මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතාට මළල කී‍්‍රඩා සංගමයේ කටයුතු වලටත් මෙම නඩුවේ දෙවැනි විත්තිකාර ‘‘ඇවන්ට් ගාඩ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට ප‍්‍රතිකාර ලබා ගැනීම සඳහාත් විදේශගත වීමට අවසර දෙන්නැයි ඔවුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ගාමිණි මාරපන මහතා කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා එලෙස නියම කළේය.

මෙම නඩුව සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී සිටි ඇවන්ට් ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති සහ විශ‍්‍රාමික මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු මහත්වරුන් ඇප මත මුදා හැරීමට නියම කළ විනිසුරුවරයා අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගතවීම තහනම් කරමින් කොන්දේසියක්ද පනවනු ලැබ තිබු අතර එම ඇප කොන්දේසිය ලිහිල් කරමින් විනිසුරුවරයා නියෝගයක් ද පැනවීය.

මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති සහ විශ‍්‍රාමික මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු මහත්වරුන් අධිකරණයේ පෙනී සිටියහ.

පැමිණිල්ල වෙනුවෙන් අල්ලස් කොමිසමේ සහකාර නීතී අධ්‍යක්‍ෂ තුෂාරී දයාරත්න මහත්මිය සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා පෙනී සිටියේය.

විත්තිකරුවන් වෙනුවෙන් නීතීඥ නවීන් මාරපන සහ නීතීඥ අජිත් පතිරණ යන මහත්වරුන් ඇතුළු නීතීඥ මඩුල්ලක් සමඟ ජනාධිපති නීතීඥ ගාමීණි මාරපන මහතා ද පෙනී සිටියේය.
 



අදහස් (2)

ඇවන්ට්ගාඩ් නඩුව ජුනි 26 වැනි දා සිට විභාගයට

sirimal Monday, 19 March 2018 11:35 AM

තව මාස තුනක්..."ලෝකය පෙරලෙයි.. කාලේ ගෙවීයයි මරුවා ලඟා වෙනවා.." කෝ එතකොට අර දවස් පතා නඩු අහන උසාවි? ඒ පොරොන්දු පැත්තක තියලා කන්න දුන්න අත හපා කන්නමයි උත්සාහය... !!!

:       0       122

BANDARA Monday, 19 March 2018 12:35 PM

පුද්ගලික හා රජයේ ඒකාබද්ධ ව්‍යාපාර නූතන සංකල්පයක්... එයට දූෂණයක් කියනවා නම් රට ඉදිරියටත් අනාථයි.

:       183       215

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 92 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 142 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 944 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site