(නිමන්ති රණසිංහ / ඡායාරූප - ඉෂාන් සංජීව)

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු සැකකරුවන් 8කට සම්බන්ධ නඩුවේ ලිඛිත දේශන සඳහා ලබන අගෝස්තු 11 තෙක් නඩුව කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද(12) නියෝග කළේය.

පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට ඇවන්ගාඩ් මැරිටයිම් සමාගමට අවකාශ සලසමින් රුපියල් බිලියන 11.4ක් හෝ ඊට ආසන්න මුදලක් රජයට පාඩුකළැයි චෝදනා ඔවුහු චෝදනා ලැබ සිටිති.