IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඇවන්ගාඩ් අවි ගබඩා බාරකරු-මෙහෙයුම් කළමනාකරු යළි රිමාන්ඩ්


(ඩී.ජී.සුගතපාල)


ගාල්ල වරාය ආසන්නයේ ඇවන්ගාඩ් නෞකාවේ නිති විරෝධි  ආයුධ ගබඩාවක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින අවි ගබඩාවේ බාරකරු සහ මෙහෙයුම් කළමනාකරු තව දුරටත් ලබන මස 12 දක්වා  දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමට  ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ නිශාන්ත පිරිස් මහතා අද (28))නියෝග  කළේය. 


මෙසේ තව දුරටත්  රිමාන්ඩ්  බන්ධනාගාර ගත කරනු ලැබුවේ එම අවි ගබඩාවේ බාරකරු ලෙස කටයුතු කරන ලද  කර්නල් දොන් තෝමස් ඇල්බට් විජේතුංග තිලකරත්න සහ මෙහෙයුම් කළමනාකරු ලෙස කටයුතු කරන ලද මේජර් මිල්ලනියගේ සුමුදු නිලුපුල් කොස්තා යන  සැකකරුවන් දෙදෙනාය .


මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ සැකකරුන්ට එරෙහිව ඉදිරිපත්වි ඇති චෝදනාවන්ට මෙම අධිකරණයෙන් ඇප ලබාදිය නොහැකි මහාධිකරණයෙන් ඇප ලබාගත යුතු බවය.


නිති විරෝධි ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදි ශ්‍රි ලංකා නාවික හමුදාව විසින් 2015 ඔක්තෝබර් 13 වනදින ඇවන්ගාඩ් නෞකාව අත් අඩංගුවට ගෙන වැඩිදුර පරික්ෂණ සඳහා අපරාධ පරිෂණ දෙපාර්තමේන්තුවට බාරදෙන ලදී. 


 ඒ අනුව කරන ලද පරික්ෂණවලදි නැවේ තිබි ටී56 ගිනි අවි549ක් ,84එස්.ගිනිඅවි 264ක් උණ්ඩ204674ක් එල්.එම්.ජි.ගිනි අවි 2ක් සොයාගෙන ඇත.

 



අදහස් (1)

ඇවන්ගාඩ් අවි ගබඩා බාරකරු-මෙහෙයුම් කළමනාකරු යළි රිමාන්ඩ්

Sugath Thursday, 28 June 2018 07:33 AM

මේක අවි ගබඩාවක්. ඇයි මෙහෙම නිදැල්ලේ ඉන්න දෙන්නේ.?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 332 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 209 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site