(නිමන්ති රණසිංහ)
ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් බැඳුම්කර නිකුතුවේදී අක‍්‍රමිකතාවක් සිදුවීම සහ එමගින් රජයට පාඩු සිදුකළැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගම් සමූහයේ අධ්‍යක්ෂක අර්ජුන් අලෝසියස් සහ එහි ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන අයවලූන් ලබන 23 වැනි දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය.
එසේම, පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගමට අනුබද්ධ මෙන්ඩිස් සහ සමාගමට ඇතුළු සමාගම් පහක් සම්බන්ධයෙන් 2014 ජනවාරි 1 වැනිදා සිට 2018 මැයි 24 වැනි දා දක්වා බැංකු ගිණූම් විස්තර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන ලෙසට බැංකු හා මූල්‍යායතන 13කට ද අධිකරණය මගින් නියෝග නිකුත් විණී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd