IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ඇලෝසියස්ගේ මඟුලට මෛත්‍රී සහ මහින්දත් ගියා - රවී කරුණානායක

මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ  

නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා කොමිසම අමතමින් පෙන්වා දුන්  අර්ජුන් ඇලෝසියස් මහතාගේ ජංගම දුරකතනයට අදාළ ඩිජිටල් වෝහාරික වාර්තාවේ  ඇති එස්.එම්.එස්. පණිවුඩ පිළිබඳව තමාට මතකයක් නැතැයි විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා බැඳුම්කර   කොමිසම හමුවේ සාක්කි දෙමින් අද (02) පැවසීය.

කොල්ලූපිටියේ ‘මොනෑක්‘ එපාර්ට්මනට්හි  නිවස මුලින් බදු ගැනීම හා පසුව මිලට ගැනීම පිළිබඳව තමා කිසිවක් නොදන්නා බවත් ‘මොනෑක්‘ එපාර්ට්මනට්   නිවස මිලට ගැනීමට කටයුතු කොට ඇත්තේ තම බිරිඳ හා වැඩිමහල් දියණිය අධ්‍යක්ෂධුර දරණ සමාගමෙන් බවත් විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා කීවේය.

‘මොනෑක්‘ එපාර්ට්මනට් එකේ නිවස පිළිබඳව තමා මුලින්ම දැනගත්තේ බද්දට ගත් එම නිවසේ පදිංචියට ගිය දිනයේදී යැයිද කී විදේශ කටයුතු ඇමැතිවරයා තමා බිරිඳ හා දියණියන් තිදෙනා සමඟ හොඳ පවුල් ජීවීතයක් ගත කළත් සෑම තොරතුරක්ම ඔවුන් තමන්ට දැනුම් දෙන්නේ නැතැයිද ප්‍රකාශ කළේය.

කොමිසමෙන් දැනුම් දීම් කළ තුන්වැනි දිනයේදී කොමිසම හමුවේ පෙනී සිටි විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතාගෙන් පැය 4 1/2 ක පමණ කාලයක් පුරා ප්‍රශ්න කරමින් කොමිසම   සාක්කි විමසීය.

2015 පෙබරවාරී මස පළමු වැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමේ කටයුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්‍රසිරි, ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්කි විභාග කිරීම සිදු කෙරේ.

අමාත්‍ය රවී කරුණානායක මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න මහතා කොමිසම අමතමින් තම සේවාදායකයා මෙම කොමිසමට පැමිණියේ කරුණු තුනක් සම්බන්ධයෙන් සාක්කි දීමට යැයි කීය. ඉන් පළමුවැන්න රුපියල් මිලියන 75ක් මහා බැංකුවේ හිටපු අධිපතිවරයාගෙන් ඉල්ලමින් ඉදිරිපත් කළ ලිපිය පිළිබඳව ද, දෙවැන්න ‘මොනෑක්‘ එපාර්ට්මන්ට් එකේ නිවස බදු ගැනීම සහ තුන්වැන්න එම නිවස මිලදී ගැනීම සම්බන්ධයෙන් සාක්කි දීමට තම සේවාදායකයා මෙම කොමිසමට පැමිණියේ යැයි කීය.

මෙහි පළමු අයිතිමය මෙම කොමසමට සම්බන්ධ වුවත් ඉතිරි කරුණු දෙක මෙම කොමිසමේ බලාධිකාරයට කිසිම සම්බන්ධයක් නැතැයි ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න මහතා කොමිසමට දැනුම් දුන්නේය.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා - අදාළ ප්‍රශ්ණය මෙම සිද්ධියට සම්බන්ධයි.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතාගේ මෙහෙයවීම යටතේ සාක්කි දෙමින් වරලත් ගණකාධිකාරිවරයෙකු පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම වත්මන් ආණ්ඩුවේ විදේශ කටයුතු අමාත්‍යවරයා ද වන  රවී කරුණානායක (54) මහතා කොමිසම අමතමින්   පැවසුවේ වත්මන් ආණ්ඩුවේ  යහපාලන ප්‍රතිපත්තිය අනුව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙකුගෙන් මෙලෙස ප්‍රශ්න කිරීමට හැකියාව ලැබී ඇති බවයි.

ප්‍ර.  - ඔබ පදිංචි වෙලා ඉන්නේ කොහේද?

පිළි - කොල්ලූපිටියේ ‘මොනෑක්‘ එපාර්ට්මන්ට් එකේ අංක 5 පී.එච්. දරණ නිවසේ.

ප්‍ර. ඔබගේ පවුලේ කී දෙනෙක් ඉන්නවාද?

පිළි. බිරිඳ මෙලනී විරන්ති කරුණානායක, දියණියන් වන ඕනෙලා, ෂෙනලා සහ මිනෙලා සමඟ මා ‘මොනෑක්‘ එපාර්ට්මන්ට් එකේ අංක 5 පී.එච්. දරණ නිවසේ මා පදිංචි වෙලා ඉන්නවා.

ප්‍ර. ඔබ මෙම නිවසේ පදිංචියට ගියේ කොයි කාලයේදී ද?

පිළි. 2016 පොබරවාරී මාසයේ සිට.

ප්‍ර. ඔබ ඊට පෙර පදිංචි වෙලා හිටියේ කොහේද?

පිළි. බත්තරමුල්ල රජමල් වත්ත පාරේ නිවසේයි. එම නිවස අළුත්වැඩියා කරන නිසයි කොල්ලූපිටියේ ‘මොනෑක්‘ එපාර්ට්මන්ට් එකේ අංක 5 පී.එච්. දරණ නිවසේ පදිංචියට ගියේ.

ප්‍ර. ඔබ මුදල් ඇමතිවරයා ලෙස කටයුතු කළේ කොයි කාලයේ සිටිද?

පිළි. 2015 වසරේ සිට 2017 මාර්තු 26 වැනිදා දක්වා.

ප්‍ර. ඔබලා මෙම ආණ්ඩුව පටන් ගත්තේ කොයි කාලයේදීද?

පිළි. 2015 ජනවාරී 08 වැනිදා තමයි අපි ආණ්ඩුව පිහිට වුයේ. ඒ නිසා ආදායම් වැඩිකර ගැනීමට අපිට අවශ්‍ය වුණා.

ප්‍ර. මුදල් අමාත්‍යවරයා ශ්‍රී ලංකා මහා බැංකුව සමඟ සමීප සම්බන්ධතා පවත්වනවා නේද?

පිළි. මුදල් අමාත්‍යවරයා කටයුතු කරන්නේ පිස්කල් ප්‍රතිපත්ති සම්බන්ධවයි. ශ්‍රී ලංකා මහා බැංකුව කටයුතු කරන්නේ මුල්‍ය ප්‍රතිපත්ති සම්බන්ධවයි.

ප්‍ර. මහා භාණ්ඩාගාරය තියෙන්නේ ඔබ යටතේද?

පිළි. ඔව්.

ප්‍ර. අයවැයි ලේඛණය ඉදිරිපත් කිරීමේ වගකීම තියෙන්නේ මුදල් ඇමතිවරයාට නේද?

පිළි. ඔව්. අපගේ ආණ්ඩුවේ දින 100 වැඩ පිළිවෙළක් තිබුණා. ඒ අනුව 2015 ජනවාරී මාසයේදී අයවැයි යෝජනා දෙකක් ගෙන ඒමට තිබුණා.

ප්‍ර. එතකොට භාන්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමෙන්තුව සිදු කරන්නේ කුමක්ද?

පිළි. එම දොපාර්තමෙන්තුව පාලනය කරන්නේ අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු මාර්ගයෙන්, මාගේ කාලයේ සිටියේ රණසිරි මහතායි.

ප්‍ර. එහි ප්‍රධාන කාර්යභාරය ඉදිරි මාසයේ මුල්‍ය ප්‍රවාහ වාර්තා සකස් කර මහා බැංකුවට යැවීමයි.

ප්‍ර. භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමෙන්තුව තියෙන්නේත් ඔබ යටතේද?

පිළි. ඔව්.

ප්‍ර. ඔබ ලියාපදිංචි ස්කන්ධ ,කොටස් පනත හා එහි 2(1) වගන්තිය පිළිබඳව ඔබ දන්නවාද?

පිළි. මා ලියාපදිංචි ස්කන්ධ හා කොටස් පනත පිළිබඳ දන්නා නමුත් එහි එහි 2(1) වගන්තිය පිළිබඳව මා දන්නේ නැහැ.

මේ අවස්ථාවේදී අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා  මහතා  අදාළ වගන්තිය කොමිසම හමුවේ කියැවීය.

ප්‍ර. ලියාපදිංචි ස්කන්ධ හා කොටස් පනතට අනුව ණය මුදල් උපයාගත යුත්තේ බැඳුම්කර හෝ වෙනත් මුල්‍ය උපකරණ මාර්ගයෙන් නේද?

පිළි. ඔව්.

ප්‍ර. ලියාපදිංචි ස්කන්ධ හා කොටස් පනතේ 4(1) වගන්තිය අනුව එම කාර්යය ගැසට් නිවේදනයකින් ප්‍රසිද්ධියට පත් කළ යුතුයි නේද?

පිළි. ඔව්. එම ගැසට් නිවේදනය මුදල් අමාත්‍යවරයා වෙත එවනවා.

කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා. දැන් වෙනත් ක්ෂේත්‍රයකට යන්න.

ප්‍ර. ඔබ කොහොමද අර්ජුන් ඇලෝසියස් මහතාව දන්නේ?

පිළි. ඔහුගේ සීයාගේ, තාත්තාගේ කාලයේ සිටම මා ඔහු දන්නවා. වසර 10ක් 15ක් විතර කාලයක සිට මා ඔහු දන්නවා.

ප්‍ර. ඔබ අර්ජුන් ඇලෝසියස් සමඟ සමීප සබඳතාවයක් තිබුණද?

පිළි. සාමාන්‍ය සබඳතාවයක් තමයි තිබුණේ.

ප්‍ර. ඔබ අර්ජුන් ඇලෝසියස් සමඟ නිල සබඳතාවයක් තිබුණද?

පිළි. නැහැ.

ප්‍ර. ඔබ අර්ජුන් ඇලෝසියස් සමඟ තිබුණේ කුමනාකාරයක සබඳතාවයක්ද ඔබලා අතර දේශපාලන සම්බන්ධතාවයක් තිබුණද?

මේ අවස්ථාවේදී නීතීඥ මඩුල්ල අතර සිටි නීතීඥවරයෙක් සිනාසෙයි.

ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා - අන්න උපහාසයට සිනා සෙනවා.

ප්‍ර. ඔබ සමාගම් අධ්‍යක්ෂවරයෙක්ද?

පිලි. ඔව්. 2015 වසරට පෙර මා සමාගම් 08ක විතර අධ්‍යක්ෂ ධුර හෙබවුවා. ‘ජී.ටී.එල්‘, ‘ග්ලෝබල් ස්ටාර්‘ ඉන් කිහියපක් මා දැන් එම සමාගම් වල කොටස් හිමියෙක් පමණයි.

ප්‍ර. ඔබ ග්ලෝබල් ට්‍රාන්ස්පොටෙන්ස් ලොජිස්ටික් සමාගමේ අධ්‍යක්ෂවරයෙක්ද?

පිළි. මා එම ආයතනයේ අධ්‍යක්ෂධුරයෙන් 2015 ජනවාරී මාසයේදී ඉවත් වුණා. දැන් මාගේ බිරිඳ මේලා කරුණානායක සහ වැඩිමහල් දියණිය ඔනෙල්ලා කරුණානායක  එහි අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කරනවා.

ප්‍ර. ග්ලෝබල් ට්‍රාන්ස්පොටෙන්ස් ලොජිස්ටික් සමාගමේ සභාපතිවරයා කවුද?

පිළි. ලක්ෂ්මී කාන්තන් මහතා. ඔහු ඉන්දියාවේ උපන් අයෙක්, නමුත් මේ වන විට ඔහු පදිංචි වෙලා ඉන්නේ එංගලන්තයේ.

ප්‍ර. ලක්ෂ්මී කාන්තන් සහ ප්‍රසිද්ධ එමිල් කාන්තන් අතර සම්බන්ධතාවයක් තියෙනවාද?

පිළි. එමිල් කාන්තන් කියන්නේ කවුද?

විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා - ඔබ විදේශ ඇමතිවරයා වශයෙන් එමිල් කාන්තන් කියන්නේ කවුද කියා දැනගත යුතුයි.

ප්‍ර. එතකොට මෙම ග්ලෝබල් ඉන්ටර්නැෂනල් ලොජිස්ටික් සමාගමට අයිති සමාගම් මොනවාද?

පිලි. ‘ඕ.ඇම්.එස්. සමාගම‘ සහ ‘හැම්ප්ටන් සමාගම‘ ඒක විදේශ සමාගමක්. ‘ඕ.ඇම්.එස්.‘ සමාගමට නම යොදා ඇත්තේ තම දියණියන් තිදෙනාගේ නම් වල මුලකුරු යොදාගෙන  

මේ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා කොමිසම අමතමින් අර්ජුන් ඇලෝසියස් මහතාගේ ජංගම දුරකතනය සම්බන්ධයෙන් ඩිජිටල් වෝහාරික වාර්තාවක් ඩිජිටල් වෝහාරික විශේඥ වාර්තාවක් ලබාගෙන ඇති බවත් එම ඩිජිටල් වෝහාරික වාර්තාවේ රවී කරුණානායක මහතාට අයිති කොටස පමණක් රවී කරුණානායක මහතාගේ නීතීඥවරයාට හා අර්ජුන් ඇලෝසියස් මහතාගේ නීතීඥවරයාට ලබාදෙන බවත් කියා සිටියේය.

ප්‍ර. මෙහි පළමු එස්.එම්.එස්. පණ්විඩය නීල් ද සිල්වා නමැත්තෙක් අර්ජුන් ඇලෝසියස්ගේ දුරකතනයට එවා තියෙනවා. ඔබ මේ ගැන දන්නවාද?

පිළි. මා මේ ගැන කිසිවක් දන්නේ නැහැ.

ප්‍ර. ඔබ නීල් ද සිල්වා නමැත්තෙක් ගැන දන්නවාද?

පිළි. මා දන්නේ නැහැ.

ප්‍ර. මෙහි දෙවැනි එස්.එම්.එස්. පණ්විඩය රුවන් ගාල්ලගේ නමැත්තෙක් අර්ජුන් ඇලෝසියස්ගේ දුරකතනයට එවා තියෙනවා. ඔබ මේ ගැන දන්නවාද?

පිළි. මා මේ ගැන කිසිවක් දන්නේ නැහැ.

ප්‍ර. ඔබ රුවන් ගාල්ලගේ නමැත්තෙක් ගැන දන්නවාද?

පිළි. ඔව්. ඔහු ලංකා පුත්‍ර බැංකුවේ සේවකයෙක්. ඔහු ඊට පෙර මර්චන්ට් බැංකුවේ සේවය කර තියෙනවා.

ප්‍ර. ඔබ සන්ඩේ ලීඩර් පුවත්පත ගැන දන්නවාද?

පිළි. එය ලසන්ත වික්‍රමතුංග මහතා විසින් ආර්ම්භ කළ එකක්.

ප්‍ර. මෙහි ඇති තවත් එස්.එම්.එස්. පණිවිඩයකින් කියැවෙන්නේ සන්ඩේ ලීඩර් පුවත්පතේ සේවකයින්ට ගෙවීමට රුපියල් මිලියන තුනක මුදලක් ඉල්ලීම සම්බන්ධයෙන් ඔබ මේ ගැන කිසිවක් දන්නවාද?

පිළි. නැහැ. මා දන්නේ නැහැ.

ප්‍ර. ඊළඟ එස්.එම්.එස්. පණිවිඩය අර්ජුන් ඇලෝසියස් මහතා විසින් ඔහුගේ ලේකම්වරයා ලෙස කටයුතු කළ සැමුවෙල් නමැත්තාට යැවු එකක්. එහි සඳහන් කොට ඇත්තේ ආර්.කේ. සමඟ කතා කොට ඔහුට මතක් කරන්න කියලා පී.එම්. සමඟ සාකච්ඡාවක් තියෙන බවත් ඇමරිකානු භාන්ඩාගාර නිලධාරීන් එන බවත් මතක් කරන්න කියලා එහි සඳහන් වෙනවා. මේ සම්බන්ධයෙන් ඔබ කියන්නේ කුමක්ද?

පිළි. මා දන්නේ නැහැ.

විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා. අර්ජුන් ඇලෝසියස්ගේ  ලේකම් සැමුවෙල් රීච් නමැත්තා ඔබට ආර්.කේ. කියලා කතා කරනවාද?

පිළි. මා දන්නේ නැහැ. මිනිස්සු මට රවී කියලත් කරූ කියලත් කතා කරන බව මා දන්නවා.

ප්‍ර. ඔබ මේ දේවල් කියන්නේ දිව්රුම් පිට නේද?

පිළි. ඔව්.

ප්‍ර. ඊළඟ එස්.එම්.එස්. පණිවිඩයේ සදහන් වන්නේ 2016 දෙසැම්බර් පළමු වැනිදා ඔබලා දෙන්නාම ආර්.කේ. හමුවෙන්න කියලා. ඔබ මේ ගැන මොනවත් දන්නවාද?

පිළි. නැහැ.

ප්‍ර. ඊලඟ එස්.එම්.එස්. පණිවිඩය මකා දමා ඇති එකක් එහි සඳහන් වන්නේ සමාජ ජාලා මාධ්‍ය බලවත්, ඒ නිසා අපි ගොසිප් පිටුවක් පටන් ගෙන පී.එම්. ටයි හොනරබල් රවීටයි සහයෝගය දෙමු කියලා. ‘හොනරබල් රවී‘ කියන්නෙ ඔබටද?

පිළි. ඒ ගැන මා දන්නේ නැහැ.

මේ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා කොමිසම අමතමින් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ සහ අර්ජුන් ඇලෝසියස් මහතාගේ 2015 ජුනි මාසයේ 09 වැනිදා සිට 2017 වසර දක්වා විදේශ ගතවීම් වලට අදාළ ගුවන් ගමන් වාර්තාවක් කොමිසමට ඉදිරිපත් කළේය.

ප්‍ර. මෙම වාර්තාවට අනුව ඔබ 13 වතාවක් සිංගප්පුරූ ගිහිං තියෙනවා. එහිදී ඔබට අර්ජුන් ඇලෝසියස් මුණ ගැසුණද?

පිළි. මට මතක විදියට සිංගප්පුරූවේ තිබු මුල්‍ය සම්මන්ත්‍රණයේදී මට  අර්ජුන් ඇලෝසියස් මුණ ගැසුණා. මට මතක එච්චරයි.

ප්‍ර. මෙම වාර්තාවට අනුව ඔබ දෙන්නා එකම දවසක එකම ගුවන් යානයකින් සිංගප්පුරූ ගිහිං තියෙනවා නේද?

පිළි. මට මතකයි එක් වතාවක් ඔහු මා සමඟ ගුවන් මඟින් ගිහිං තියෙනවා.

ප්‍ර. මේ වාර්තාවට අනුව ඔබ දෙන්නාම 13 වතාවක් සිංගප්පුරූ ගිහිං තියෙනවා?

පිළි. මා දන්නේ නැහැ.

විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා. මෙහිදී කියැවුණු නීල් ද සිල්වාගේ සමාගම ලංකා බැංකුවෙන් ණය අරගෙන ගෙවීම් පැහැර හැර තියෙනවා. ඒවාට මැදිහත් වෙන්න කියලා ඔබගේ සහය පැතුවද?

පිළි. ලංකා බැංකුව මා යටතට වැටන විෂයක් නෙමේ.

ප්‍ර. ඔබ අර්ජුන් මහෙන්ද්‍රන් ගැන දන්නවාද?

පිළි. වසර 15ක කාලයක සිට මා දන්නවා.

ප්‍ර. 2105 පෙබරවාරී 27 වැනිදා පැවැත්වු බැඳුම්කර වෙන්දේසිය ගැන ඔබ දන්නවාද?

පිළි. ඔව්.

ප්‍ර. ඒ ගැන මහජන කළබගෑනියක් පිළිබඳව ඔබ දන්නවාද?

පිළි. ඔව්.

ප්‍ර.      එතකොට ඔබ මේ සම්බන්ධව පත්කරපු කමිටුවල සාක්කි දුන්නද?

පිළිතුර - ඔව්. කෝප් කමිටුවේ සාක්කි දුන්නා.

ප්‍ර.      ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාථමික ගැණුම්කරුවන්ගේ සංගමයේ රැස්වීමක් තිබුණා ඔබට මතකද? ඊට ඔබ සහභාගී වුණාද?

පිළි. ඔව්. රැස්වීමක් හෝ දෙකක් තිබුණා මට මතකයි. අපි ප්‍රාථමික ගැණුම්කරුවන් දිරිගැන්වීමේ අරමුණින් මෙම රැස්වීම පැවැත්වූවා. මෙහිදී ප්‍රාථමික ගැණුම්කාර සමාගමේ ප්‍රධාන නිලධාරීන් සහභාගී වුණා. අපි ඔවුන්ට රජයේ ප්‍රතිපත්තිය පැහැදිලි කළා. මෙයට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති පී. සමරසිරි මහතා සහභාගී වුණා.

ප්‍ර.      2015 පෙබරවාරි 27 වැනිදා වෙන්දේසියෙන් පසු අර්ජුන් මහේන්ද්‍රන් ඔබට කතා කළාද?

පිළි. පසුව කතා කළා.

ප්‍ර. අර්ජුන් ඇලෝෂියස් කතා කළාද?

පිළි. නැහැ.

ප්‍ර.අර්ජුන් ඇලෝෂියස් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියාද?

පිළි. මා දන්නේ නැහැ.

ප්‍ර. කසුන් පලිසේන ඒ කියන්නේ පර්පචුවල්  ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන ගැණුම්කරු ගැන ඔබ දන්නවාද?

පිළි. මට ඔහු මුණගැහිලා තිබෙනවා. ඒ ප්‍රාථමික ගැණුම්කරුවන්ගේ රැස්වීමකදී.

(සාක්කිකරු රුපියල් මිලියන 75ක් ශ්‍රී ලංකා මහබැංකු අධිපතිවරයාගෙන් ඉල්ලීමේ ලිපිය පිළිබඳව රවි කරුණානායක මහතාගේ අවධානය යොමුකරයි.)

ප්‍ර. මෙම ඉල්ලීම සිදුකරන්නේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති සඳහාද?

පිළි. ඔව්. මෙම ලිපිය ලිව්වේ මම. මෙම සාකච්ඡාවට කබීර් හෂීම්, මලික් සමරවික්‍ර ඇමතිවරු ඇතුළු 15 දෙනෙකු පමණ සහභාගී වුණා.

ප්‍ර. මෙම ලිපියේ දිනය දැම්මේ නැත්තේ ඇයි?

පිලි.  එය හිතාමතාම කළ දෙයක් නෙවෙයි. මේක අධිපති මහේන්ද්‍රන්ගේ ඉල්ලීම අනුව ඉදිරිපත් කළ ලිපියක්.

ප්‍ර. මේක නිර්මාණය කළ ලිපියක්. මේ ගැන කිසිදු සටහනක් නැහැ. රාජ්‍ය පටිපාටිය අනුව මෙහි ලිපිගොණු අංකයක් තිබිය යුතුයි.

පිළි. අධිපති මහේන්ද්‍රන්ගේ ඉල්ලීම මත ඉදිරිපත් කළ නිවැරදි ලිපියක්.

ප්‍ර.      2015 මාර්තු 17 වැනි දින අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශයක් සහිත හැන්සාඩ් වාර්තාවක් පිළිබඳ සාක්කිකරුගේ අවධානය යොමු කරනවා. එහිදී කියල තිඛෙනවා මහින්ද රාජපක්ෂ කිසිදු මුදල් වෙන් කිරීමකින් තොරව කොන්ත්‍රාත් අත්සන් කර තිඛෙනවා. ඉන් බිලියන 1ක් භාණ්ඩාගාර බැඳුම්කරවලින් ලබාගන්න. ඒක ඔබ කළ ප්‍රකාශයට පටහැනියි නේද?

පිළිතුරු : මෙහි බිලියන 100ක අවශ්‍යතාවය ගැන පැහැදිලිව සඳහන්වනවා.රුපියල් බිලියන 15ක කඩිනම් අවශ්‍යතාවයක් මෙහි සඳහන් වනවා.

ප්‍රශ්නය: ඔබ දැන් පදිංචිව සිටින්නේ මොනාක් දොපාර්තමේනතුවේ අපාර්ට්මන්ට් හි එස්.පී.එච්.2 ඒකකයේ නේද ?

පිළිතුරු : ඔව් මේක නහිල් විෙජ්සූරියගේ දියණියවන අනීතා  විෙජ්සූරිය මෙනවියගෙයි.

ප්‍රශ්නය: ඔබ මේ නිවස මිළඳී ගන්න අනීතා විජ්සූරිය එක්ක කතා කළාද?

පිළිතුරු : මම කතා කළේ නැහැ.පවුලේ අය තමයි ඒවා කතා කළේ.එම නිවසේ පදිංචියට පෙර මං ඒ නිවසට ගියේ නැහැ.

විනිසුරු කේ.ටී.චිත්‍රසිරි: මෙම නිවස කොටස් දෙකක එකුවක් නේද ?

පිළිතුරු : මේක කාමර තුනක් තිඛෙනවා..කොටස්  දෙකක් එකතු කර නැහැ.

විනිසුරු ප්‍රසන්න ජයවර්ධන : අපි ළඟ මේ පිළිබඳ ලියකියවිලි තිඛෙනවා.

ප්‍රශ්නය : එතකොට  ඔබ දැන් දන්නවද මෙම නිවස බද්දට ගත්තේ වොල්ටර් ඇඩ් රෝ සමාගම බව

පිළිතුරු: මම ඒවා දැන ගන්නේ පසුව අනීතා විෙජ්සූරිය දේශපාලනඥයෙකුට නිවස බද්දට දීමට අකැමැතිවූ බැවින් .ඒ අනුව මෙම සමාගමට බද්දට දුන් බව පසුවයි මම දැනගත්තේ .ඒ ගැන මම මුලින් මොකුත් දන්නේ නැහැ.

ප්‍රශ්නය : එතකොට මෙම නිවස ග්ලෝබල් ඉන්ටර්නැෂනල් ලොජිස්ටික් සමාගම මෙම නිවස මිළට ගන්නා සමාගම කාගෙද ?

පිළිතුරු: එව් එය අපේ පවුලේ සමාගමක්

ප්‍රශ්නය : එතකොට මෙම ගනුදෙනු වලින් කිසිවක් ඔබ දන්නේ නැහැ.

පිළිතුරු: මම දන්නේ නැහැ.මේවා මෙලා තමයි මේ කටයුතු සම්බන්ධීකරණය කරන්නේ.

ප්‍රශ්නය : එතකොට අර්ජුන් ඇලෝසියස් ඔබගේ බිරිඳ වන මෙලා කරුණානායක මුණ ගැසී මෙම නිවස බදු ගැනීම පිළිබඳව සාකච්ඡා කළ බව ඔබ දන්නවාද ?

පිළිතුරු: නැහැ.ඒ ගැන මම දන්නේ නැහැ. අර්ජුන් ඇලෝෂියස් අනීතා විෙජ්සූරියගේ හිටපු පෙම්වතෙක්.

ප්‍රශ්නය : එතකොට වෝල්ටර් ඇන්ඩ් රෝ සමාගමේ අධ්‍යක්ෂවරුන් අර්ජුන් ඇලෝෂියස් සහ ජෙෆ්රි ඇලොෂියස්  බව ඔබ දන්වාද?

පිළිතුරු: මම වෝල්ටර් ඇන්ඩ් රෝ සමාගම කුමන ව්‍යාපාරයක යෙදෙනවාද කියලාවත් ,එහි අධ්‍යක්ෂකවරුන් කවුද කියලවත් මම දන්නේ නැහැ.මෙම කටයුතු කළේ අපේ පවුලේ අයයි.ඔවුන් අනීතා විෙජ්සූරිය සමඟ සමීප මිත්ත්‍රත්වයක් පැවැත්වූවා.මම අමාත්‍යවරයෙක් හැටියට පැය 4 ක් 5 ක් ගතකරන්නේ අමාත්‍ය කාර්යාලයේ .මෙම තීරණ ගන්නේ පවුලේ අයයි.

ප්‍රශ්නය : එතකොට මොනාක් අපාර්ට්මන්ට් එකේ නිවස මාස 6කට බදු දීමෙන් පසු තවත් එය මාස දෙකක කාලයක් දීර්ඝ කිරීම පිළිබඳව ඔබ දන්නවාද ?

පිළිතුරු: මම දන්නේ නැහැ.

ප්‍රශ්නය : මෙම නිවස මිළඳී ගැනීමට ඉල්ලීම කළේ කවුද ?

පිළිතුරු: අපි හිටියේ අපේ රජමල්වත්ත පාරේ නිවසේ. එහි අළුත්වැඩියා කර ඉවර වූ පසු පදිංචියට යන්නන අනීතා විෙජ්සූරිය  තමයි මෙම නිවසේ මිලදී ගන්න කිව්වේ.

ප්‍රශ්නය : මෙම නිවස මිළඳී ගැනීම සඳහා රුපියල් මිලියන 165ක් ගෙවූ බව ඔබ දන්නවාද ?

පිළිතුරු: මම දන්නේ නැහැ.මේක සමාගමේ උපදේස් මතයි සිදු කළේ.එම සමාගම කරන්නේ මාගේ බිරිඳයි.

විනිසුරු ප්‍රසන්න ජයවර්ධන : ඔබ කිව්වනේ ඔබගේ පවුල සමීප පවුලක් කියලා ?

පිළිතුරු: ඔව්.

විනිසුරු ප්‍රසන්න ජයවර්ධන : එසේ නම් මේවගේ කරුණු දැන ගත යුතුයි.

විනිසුරු ප්‍රසන්න ජයවර්ධන : මෙම නිවස බද්දට ගත් වෝල්ටර් ඇන්ඩ් රෝ සමාගම අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් අර්ජුන් ඇලෝෂියස් කටයුතු කරන බව ඔබ දන්නවාද ?

පිළිතුරු: නැහැ මම දන්නේ නැහැ.

විනිසුරු ප්‍රසන්න ජයවර්ධන : එසේ දැන ගෙන සිටියා නම් සිදු කරන්නේ කුමක්ද?

පිළිතුරු: එසේ නම් එහි පදිංචියට යන්නේ නැහැ.ඒ බව මම සොයා බැලූවේ අමාත්‍ය මහින්දානන්ද අලූත්ගම පාර්ලිමේන්තුවේදී හෙලි කළ කරුණු වලින් පසුවයි.

ප්‍රශ්නය : එතකොට ඔබේ බිරිඳ සහ දියණිය මේ ගැන දන්නවද?

පිළිතුරු: ඔවුන් දේශපාලන කටයුතු යෙදෙන්නේ නැති නිසා මේවා ගැන දන්නේ නැහැ.

ප්‍රශ්නය : ග්ලෝබල් ඉන්ටර්නැෂනල් ලොජිස්ටික් සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරී බ්‍රයන් සින්නයියා සාක්කි දෙමින් කිව්වා ,සමාගමේ සභාපති ලක්ෂ්මිකාන්දන් රුපියල් මිලියන 75 ,70 ක් වාර් දෙකකදී බෑග් දෙකකින් ගෙනැල්ලා කිසිදු ලියවිල්ලක් නැතිව  සේප්පුවේ තැන්පත් කළා කියලා .මේ සල්ලි කොහොමද සොයා ගත්තේ

පිළිතුරු: ඔහු දක්ෂ ව්‍යාපාරිකයෙක් .මේවා ශ්‍රී ලංකාවෙන් සොයා ගත් මුදල් ස්ථීරයි.

ප්‍ර . ඔබ මුදල් ඇමති. අර්ජුන් ඇලෝෂියස්ගේ සමාගම ප්‍රාථමික ගැණුම්කරුවෙක්. එවැනි අයෙකුගෙන් නිවසක් බදුගැනීම යම් සහයෝගයක් දැක්වීමක් කියලා ඔබට හිතෙන්නේ නැද්ද?

පිළි .  මම මේවා දන්නේ නැහැ. මම විරුද්ධ පක්ෂයේ සිටියදීත් මට පහර දුන්නා. දැන් ආණ්ඩු පක්ෂයේ සිටියදී නීතිපති දෙපාර්තමේන්තුව පහර දෙනවා. ඒ කාලයේ විදේශ විනිමය උපයාගත්තා කියලා මට නඩුදාලා අවුරුදු 10ක් මම නඩු කිව්වා. අන්තිමේදී මං නිදහස් වුණා. ඒ නඩුවට සම්බන්ධ රාජ් රාජරත්නම් ළඟ වැඩ කරපු ආචාර්ය ඉන්ද්‍රජාත් කුමාරස්වාමි මා යටතේ මහ බැංකු අධිපති ලෙස කටයුතු කරනවා.

ප්‍ර . එතකොට ඔබ කියන්නේ මාස 9ක් නිවසක් බද්දට ගෙන හිටියේ මේ කිසිවක් නොදැන කියලද?

පිළි . මා මේ ගැන දන්නේ මහින්දානන්ද අලූත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව හෙළි කළ පසුවයි.

            හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනී සිටින නීතීඥ චානක ද සිල්වා මහතාගේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍ය රවි කරුණානායක මහතා මෙසේ ද කීය.

ප්‍ර . ඔබ අර්ජුන් මහේන්ද්‍රන් මහතා දන්නවාද?

පිළි . ඔව්. සෑහෙන කාලයක සිට මා දන්නවා. ඔහු බී.ඕ.අයි සභාපති විදියටත් හිටියා.

ප්‍ර . අර්ජුන් මහේන්ද්‍රන්ගේ දුව බැඳල ඉන්නේ අර්ජුන් ඇලෝෂියස් කියලා ඔබ දන්නවාද?

පිළි . ඔව්. මං මංගල උත්සවයටත් සහභාගී වුණා.

ප්‍ර . එම මංගල උත්සවයට සහභාගී වූ අනිත් ප්‍රසිද්ධ අය කවුද?

පිළි . ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, අමාත්‍ය කරු ජයසූරිය, එවකට සිටි කතානායක වි.ජ.මු ලොකු බණ්ඩාර, අමාත්‍ය මලික් සමරවික්‍රම මෙම මංගල උත්සවයට සහභාගී වුණා.

 අර්ජුන් ඇලෝෂියස් මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතාගේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍ය රවි කරුණානායක මහතා මෙසේ ද කීය.

ප්‍ර . ඔබට අර්ජුන් ඇලෝෂියස් හැර වෙනත් මිතුරන් සිටිනවාද?

පිළි . ඔව්. මම දේශපාලනඥයෙක්. මට බොහෝ මිතුරන් සිටිනවා.

සභාපති විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා . ඔබට යමක් කියන්න තිඛෙනවාද?

පිළි . මාධ්‍ය මගින් මගේ දේශපාලන ප්‍රතිරූපය විනාශ කරලා. මම මෙම කොමිසමටම ඇවිත් සත්‍ය ප්‍රකාශ කළා.

 

 

 

 

 

 



අදහස් (40)

ඇලෝසියස්ගේ මඟුලට මෛත්‍රී සහ මහින්දත් ගියා - රවී කරුණානායක

pradeep Wednesday, 02 August 2017 08:44 PM

හරියටම ඇත්තමයි කියල තියෙන්නේ. හරිම හොඳ ඇමති කෙනෙක්නෙ. ඉන්න ගෙදර කාගේද කියලවත් දන්නේ නැහැ.දාහකින් හොයාගන්න බැහැ මෙහෙම මිනිස්සු. මේ දවස්වල කේන්දරේ රවී නීච වෙලා ඇති. පවු හරිම අහිංසකයි.

:       243       654

saraThursday, 03 August 2017 06:51 AM

ලංකාවේ නෙමෙයිද ඉන්නේ ......? මෙයාලා එහෙම තමයි.... මෙයාලගේ කාටහරි මොනවා හරි වුණත් මෙයාලා දන්නේ නැහැ..

:       0       357

raveendraSunday, 06 August 2017 02:45 AM

ඔබගේ අදහස මේ නොදරුවට හොඳට ගැලපෙනවා. මොකද මේ වැසිකිළි ගියත් වැසිකිළියේ නිදාගත්තත් කියනවනේ අනේ මම දන්නේ නැහැ. මට මතක නැහැ. ඔබට මතක නැති, මට අමතක නැති, අපේ බාල වියේ...........

:       0       1

Nandalal DE SILVA - France Wednesday, 02 August 2017 10:10 PM

ආරාධිතයන් හැටියට සමහර ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ හෝ ව්‍යාපාරිකයන්ගේ මගුල් තුලාවලට දේශපාලකයන් යාමේ වැරද්දක් මට පෙන්නේ නැහැ. විවාහයක සාක්ෂිකරුවන් හැටියට අපමණ දේශපාලකයන් අත්සන් කර තිබෙනවා. ඇලෝසියස්ගේ මඟුලට පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දේශපාලකයන් එක්වී තිබුණා කියා රවී කියා තිබීමෙන් යුවළ හැමෝගේම මිතුරන් බවත් හැඟෙනවා. මගුල් ගෙදර ගිය හැමෝම බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටිය යුතු වෙනවාද ? ප්‍රශ්නය එතනයි !

:       276       482

Ratnamalala Thursday, 03 August 2017 12:48 AM

පව් අප්පා. හරිම අහිංසක මනුස්සයෙක්. දැන් රටේ හැමෝම දන්නවා මෙයාගේ දෑත් සුපිරිසිදුයි කියල.

:       142       369

ravin Thursday, 03 August 2017 01:26 AM

ඔක්කොම දේසපාලුවෝ හොරු හෝ හොරු ආරක්ෂා උදවිය කියලයි මේ කියන්නේ. වැරදි වැඩකට ආධාර හා අනුබල දීමත් වැරදි වැඩක් කියල සම්මත නීතියක් තියනවලු නේද?

:       0       176

janatha anura Thursday, 03 August 2017 02:26 AM

මහජන මුදල් කොල්ල කෑම අද සිදුවෙනවා ජනතාව හොදින් දන්නවා නමුත් පාරම්පරික දේසපාලනය අපි මුලා කොට තිබෙන බව දේසපාලකයන් දැන ගත යුතුය. ජනතා අධිකරණයට කොමිසම් සහ නිදහසට කරුණු අවශ්‍ය නැහැ

:       0       90

sachith Thursday, 03 August 2017 02:36 AM

ඔබට මතක නෑ, අපේ ඡන්ද දායකයන්ටත් මතක නෑ. එ්ක නිසා ප්‍රශ්නෙකුත් නෑ.

:       2       172

raman Thursday, 03 August 2017 02:43 AM

මම කෙල්ලෝ ගොඩකට ලියුම් ලියලා ඒ අයගෙන් තෑගි අරන් අහුවුණාම කිව්වා අනේ ඔය අනික් කෙල්ලන්ගේ බොරු... මම ඔය මොකුත් කළෙත් නැහැ. දන්නෙත් නැහැ. අපේ අම්මයි, තාත්තයි හොයලා දීපු ගෑනු ළමයාව බැන්දා, හැබැයි එයාව දැක්කෙත් බැන්ද දවසෙයි කියලා. ඇත්තමයි මේ කියන්නේ.

:       2       141

asanka Thursday, 03 August 2017 02:45 AM

ෆැමිලි වන්, ඒ දේවල් දන්නේ නැති කෙනා රටේ වෙන දේවල් දන්නවද....? මොකට මුදල් ඇමති වුණාද? මේ ඔක්කොම මේ රට පුද්ගලික දේපලක් කරගෙන. ඉන්න අයත් එකයි. ගියපු අයත් එකයි. තව එක අවුරුද්දක් හිටියොත් ලංකාව කියලා එකක් නෑ. ඒක ශුවර්...

:       4       86

Mahinda Thursday, 03 August 2017 02:51 AM

මා දන්නා පරිදි රවී කරුණානායක මැතිතුමා වරලත් ගණකාධිකාරවරයෙක් නොවේ. ඔහු එංගලන්තයේ වරලත් කළමනාකරණ ගණකාධිකාර ආයතනයේ (සිමා) සාමාජිකයෙකි. ලංකාවේ වරලත් ගණකාධිකාරවරයෙකු වශයෙන් හැඳින්වීමට ලංකාවේ වරලත් ගණකාධිකාරි ආයතනයේ සාමාජිකයෙකු විය යුතුය.

:       45       157

raveendraThursday, 03 August 2017 10:07 AM

හරි හරි ඔය පරණ දේවල් මතක් කරන්න එපා. එතකොට විභාගයට " අස්සයෝ " දුවලා කියල මට්ටු වෙන්න පුළුවන්.

:       2       11

Senarath Thursday, 03 August 2017 03:28 AM

කිසිම දෙයක් දන්නේ නැහැ. මේ එලිවෙච්ච ටික හොදටම ඇති.

:       37       172

raveendraThursday, 03 August 2017 06:47 AM

අනේ සමාවෙන්න... මම දන්නේ නැහැ මම මෙතනට අාවේ...."උපන් වස්තරයෙන්ද? " කියලා.

:       0       120

ලසන්ත Thursday, 03 August 2017 03:33 AM

පව් අප්පා! මොකුත් නොදන්න, කොටින්ම බිරිඳගේ වැඩ ගැනවත් නොදන්න, මේ අහිංසකයට ඇයි මේ කරදර කරන්නේ? අපරාදෙ, බිස්නස් වලට, සමාවෙන්න ජනතා සේවයට තියෙන වටිනා කාලයනේ මේ නාස්ති කරන්නේ.

:       51       218

Prasad Thursday, 03 August 2017 05:18 AM

සුපිරි නිවාස ගත්තු හැටි රවී දන්නෑ.. ඇලෝසියස් ට පාස්වර්ඩ් මතක නෑ කොරියානු යුධ අත්හදා බැලීම් හෙලා දැකීම ජනපති දන්නෑ. ජෝන් ඇමැතිතුමා මේ කිසිදෙයක් දන්නෑ අල්ලපු කුඩු වලට මොකද කරන්නේ කියලා සාගල ඇමතිතුමා දන්නෑ..

:       11       299

amali Thursday, 03 August 2017 05:33 AM

දැන් එතකොට මගුලේ ගිය මහින්දයි, මෛත්‍රියි මහත්වරු දෙන්නද හොරු...? රවී බබා නම් පව්.... අහිංසකයි.

:       23       327

naradaThursday, 03 August 2017 05:51 AM

හොඳ පවුල් ජීවිතයක් ගත කළත්, සෑම තොරතුරක්ම ඔවුන් තමන්ට දැනුම් දෙන්නේ නැතිද?

:       5       32

raveendraThursday, 03 August 2017 06:39 AM

ඔබගේ අදහස හරියට හරි. මෙයා කුම්බලා මාළු කාලයි ඉන්නේ....

:       0       55

raveendra Thursday, 03 August 2017 06:25 AM

හොඳ වෙලාවට කිව්වේ නැත්තේ ඔබාමා සහ පුටින් මඟුලට අාවා කියලා. මේ " මහත්තයා " එල්ලෙන්න පිදුරු ගස් හොයනව වගේ...

:       0       25

රොමේෂ් Thursday, 03 August 2017 06:34 AM

තමන් ඉන්න තැන කාගේද? කියලවත් දන්නේ නැති කෙනෙක් විදේශ ඇමති වුණු රටේ, විදේශ සම්බන්ධතා වැඩි දියුණුවෙලා රටට යහපතක් වෙයිද? අඩු තරමේ විදේශයකින් එන බලපෑමක්වත් කල්තියා හඳුනාගන්න සහ ඒවාට විරුද්ධව ක්‍රියාත්මක වෙන්න පුළුවන්ද? දේශපාලනය අතහැරලා දැන්වත් තමන්ගේ පවුලේ ව්‍යාපාර කරගෙන රටට පව් නොදී ඉන්න මහත්තයෝ. ඊට කලින් හොරකම් කළ සල්ලි නැවත අයකරගෙන හිරේ දාන්න ඕනෑ. මේ සල්ලිවලින් නේද සුර සැප විඳින්න? ඡන්දයක් ආවාම හොරෙන් ගත් ධනයෙන් දශමයක් විතර විසිකරලා ජනතාවට පොඩි සැපක් දෙනවා. අපේ මෝඩ මිනිසුන් ආයෙත් මේ අයවම පත්කරගෙන පස්සේ හොරා කෑවා කියකියා අඬනවා.

:       0       120

dasun Thursday, 03 August 2017 06:35 AM

තමුන්ගේ හොර වහගන්න තමන්ගේ භාර්යාව පාවා දෙනවා නම් ඒක පිරිමිකමටත් නින්දාවකි.

:       0       47

Danushka Thursday, 03 August 2017 06:50 AM

ගිලෙන්න යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවනේ...

:       0       43

raveendra Thursday, 03 August 2017 06:53 AM

අනේ බලන්නකෝ,.. මොනතරම් පාපයක් ද? ජනතාවට සේවය කරන්න තියෙන වටිො කාලය මට නැතිව යනවා. මේ එක එක තැන්වලට ගිහින් සාක්කි දෙන්න වෙන එක නිසා.

:       0       77

godfrey Thursday, 03 August 2017 07:51 AM

මා උගත්කමින් මුදල් රැස්කර ගත් යැයි කියා බුද්ධිය මගින් ජනයාගෙන් වසන් කිරීමට දරණ වෑයමක තරම!! නූගත් යැයි සිතන ජනයා බුද්ධිමත් ලෙසින් කලබල නොවී, ඊලඟ ඡන්දය එනතුරු බලාසිටින බව උගතුන්ට නොතේරීම ඒ අයගේ බුද්ධියද දෝෂ සහිත බව ඒ අයම නොදනී. ජනපතිතුමාද දෙයක් කල යුතුව ඇත. රටේ සෑම අංශයකින්ම උගත් බුද්ධිමත් දෙදෙනා බැගින් හෝ ගෙන 40,50 ක කමිටුවක් සදා රටේ නැගෙන ප්‍රශ්න ඔවුනට යොමුකළ යුතුයි. එසේ නැතුව පාර්ලිමේන්තුවට යොමුකිරීම තුළින්, තම සාක්කුව පිරවීමට මිස රටේ දියුණුවට දෙයක් කිරීමට ඔතන සිටින කිසිවකුට කළ නොහැකි නිසා...

:       0       39

wedage Thursday, 03 August 2017 08:04 AM

මෙතරම් වගකීම් විරහිත කෙනෙක්... මුදල් ඇමති කමට පත්කළ බලධාරීන් ශ්‍රී ලංකාවට ඉතා විශාල අනර්ථයක් සිදුකොට ඇත.

:       0       73

sarath Thursday, 03 August 2017 08:07 AM

ඇඳුමක් ඇඳලද කියල මතකත් නෑ රවී මහත්තයට... ඒ තරම් වැඩනේ...

:       0       71

සමන්- ඕමානය Thursday, 03 August 2017 08:16 AM

හා..හා !!! අපේ සුපිරිසිදු ඇමතිතුමා! කොන්ඩේ බැඳපු චීන්නුන්ට මේවා කියන්න.

:       0       68

Sithum Thursday, 03 August 2017 08:25 AM

මෙහි මාතෘකාවට අනුව කථාව ගැලපීමක් තියෙනවද?

:       21       46

ratawasso Thursday, 03 August 2017 10:17 AM

එළිවෙන හැටියට කට්ටියම එක හැලියේ තමයි බත් කාලා තියෙන්නේ. ඔහොම යං. රවිත් අර කල්ලියේම තමයි. දඬුවම් ජනතාවට. මන්දිර දේශපාලකයින්ට. ජයවේවා!!!

:       0       16

JEEWA Thursday, 03 August 2017 11:19 AM

හත් දෙයියනේ!!! මේ තරම් මතක නැති කෙනෙක් මුදල් ඇමතිවෙලා රාජකාරි කළේ කොහොමද? එහනම් ප්‍රශ්නෙට උත්තරේ තියනවා නේද? මතක නැති නිසා තමන්ගේ ගෙදර කියලා අල්ලපු ගෙදරටත් යන්න ඇති...

:       1       10

bamunu Thursday, 03 August 2017 11:58 AM

මෛත්‍රී සහ මහින්දත් නොවෙයි මට කීවානම් මමත් යනවා.

:       0       3

Lal Thursday, 03 August 2017 12:19 PM

මෙයාටත් මුකුත් මතකත් නැහැ. මුකුත් දන්නෙත් නැහැ. අනිවාර්යෙන් මෙයා නිතීය හමුවේ නිදහස් වේවි. ස්වභාවධර්මයා මතු දවසක මෙයා නොදන්නවා කියන දේවල් මතක් කරලා දේවී.!!!

:       0       22

lakviduThursday, 03 August 2017 03:07 PM

පිස්සුද අනේ.. ස්වභාව ධර්මයත් දැන් ඒ අයගේ පැත්තෙනේ...

:       0       2

reks Thursday, 03 August 2017 03:01 PM

අපි පැය අටක් දහයක් ඔෆිස් එකේ..... එත් අපේ බිරින්දෑවරු පොල්කට්ටේ ලුණු නැති වුණත් අපිට කියනවා.

:       0       4

lanka Thursday, 03 August 2017 03:40 PM

ඉතින් ඇලෝසියස් දෙපැත්තටම බෙදනවනේ. ඉතින් දෙගොල්ලම මෙයාගේ වෙඩින් එකට නොගිහින් කොහොමද?

:       0       110

arunalu Friday, 04 August 2017 08:10 AM

කවුරු මොන මඟුලේ ගියත් අපිට කමක් නැහැ. අපේ තුට්ටු දෙකට තට්ටු නොකර..

:       0       2

Pinky Friday, 04 August 2017 07:40 PM

ගෙදර කට්ටිය ගෙනල්ලා ප්‍රශ්න කරාම හරි

:       0       1

etarahelaya Saturday, 05 August 2017 08:33 PM

හොර, බොරු, වංචාම තමයි වෙන්නේ...

:       0       0

Darmadasa Monday, 07 August 2017 06:51 PM

අනිත් නඩේ දැන් මේයාට බයවේලා ඇති . අනේ රවී ඔයා අපිව පවලා දේන්න ඒපා දේයියෝ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 550 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 488 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site