(හාලිඇල- විජේරත්න රත්නායක )
ඇල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයකදී ඇතිවූ ආරවුලකින් තුවාල ලැබූ විදේශීය සංචාරකයෙක් ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ.
පිහි ඇනුමකින් තුවාල ලබා මෙසේ රෝහල් ගතකොට ඇත්තේ චෙක් ජනරජයේ පුරවැසියෙකු වන මාටින් සෝවා නම් අයෙකු වන අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට එම රටේම අයෙකු වන පීටර් මලීන් නම් පුද්ගලයෙකු ඇල්ල පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
චෙක් ජනරජයේ පුරවැසියන් වන සංචාරක යුවළ දෙකක් ඇල්ල හල්පෙ ප්‍රදේශයේ හෝටලයක නතරවී ඇති අතර එම යුවළ දෙකේ පිරිමින් දෙදෙනා අතර ඇතිවූ ආරවුලකදී මෙසේ සැකකරු විසින් තුවාලකරුට පිහියකින් ඇනීමට උත්සාහ කිරීමේදී ඔහු තුවාල ලබා ඇතැයි වාර්තාවේ.
ඇල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අලගියවන්න මහතාගේ උපදෙස් මත සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙන අතර සැකකරු බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.
COMMENTS
මේ දෙදෙනාම විදේශිකයන් හෙයින් රෝහල් ගත කිරීමට හෝ නඩු පැවරීමට හෝ නොහැක.
පීරිස් මහත්තයා, අනේ දන්නේ නැත්නම් මෝඩ කතා නොකියා ඉන්නකෝ.. අපේ දේශපාලකයෝ වගේ. ඒවාට නීති තියෙනවා. දන්නේ නැත්නම් අදාළ කන්ස්ටිටියුෂන් එක අරන් කියවන්න.
ලංකාවේ පුරවැසිභාවය ගන්න සුදුසුකම් ඔක්කොම තියෙනවා. කැමැතිනම් පොහොට්ටුවෙන් ඉල්ලලා බලන්නත් පුළුවන්...
මෙතන කමෙන්ට් දාන අයගේ පණ්ඩිත සහ බහුශ්‍රැත දැනුමේ තරම තමයි පේන්නේ. විදේශිකයෙක් රෝහල්ගත කළ හැක. ඔහුට නිදහස් රෝහල් සේවයක් හිමි නොවෙයි. මුදල් ගෙවිය යුතුයි. ශ්‍රී ලංකා භූමිය තුළදී සියලු දෙනා එහි නීතියට යටත් වේ.. (නීතිය පොතට පමණක් සීමා වී ඇති බව කරුණාවෙන් සලකන්න)
මේක සාමාන්‍ය වලියක්, මොකටද මෙතන වළි දාගන්නේ.