IMG-LOGO

2024 දෙසැම්බර් මස 03 වන අඟහරුවාදා


ඇල්ල-වැල්ලවාය මාර්ගය දිගටම වහලා

( පාලිත ආරියවංශ )
 
නාය යාමකට ලක්ව  ගල්  හා  පස් මාර්ගයට කඩාවැටීමෙන්   වසා දැමූ ඇල්ල-වැල්ලවාය  ප්‍රධාන මාර්ගය තව දුරටත් වසා තැබීමට  තීරණය කළ බව  බ දුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය  පැවසීය .

ඇල්ල නගරයේ සිට කි.මී. 3ක් පමණ දුරින් පිහිටි කි .මී 24 සහ 25  කණු අතර   ප්‍රදේශයේ  මෙම නායයාම  ක්‍රියාත්මක වූ අතර  ඒ හේතුවෙන් පසුගිය 25 වැනිදා මාර්ගය තාවකාලිකව වසා දැම්මේය.

මාර්ගය ඉහළින් ඇති මහා පර්වතයේ සිට  අඩි දහසක් පමණ  ක් පමණ  පහළට ගල් පෙරලීම සිදුව තිබේ.
 පර්වතයේ ඉහළ කොටසේ පිපිරීම් කීපයක් දක්නට ලැබෙන අතර තවත් ගල් කීපයක් පෙරලීමේ අවධානයක් පවතින බව ආපදා කලමණාකරණ ඒකකය  පවසයි .
මේ අනාරක්ෂිත තත්වය නිසා මාර්ගය තව දුරටත් වසා දැමීමට (27) දා පියවර ගෙන තිබේ .
වැල්ලවායේ සිට  මාර්ගය වසා දමා ඇති ස්ථානය දක්වා බස්රථ ධාවනය සිදුවෙයි. කුඹල්වෙල හන්දියේ සිට හා නමුණුකුළ මාර්ගයෙන් ඇල්ල නගරයට පිවිසීමට කිසිදුබාධාවක් නොමැත 
 
විකල්ප මාර්ග  ලෙස  කරදගොල්ල අඹ දණ්ඩේගම මාර්ගය( කුඩාවාහන) ,පස්සර - නමුණුකුල මාර්ගය සහ කොස්ලන්ද බණ්ඩාරවෙල මාර්ගය භාතික කළ හැකි බව අපදා කළමනාකරණ ඒකකය මගීන්ට දැනුම් දී තිබේ.

ඇල්ල පොලිසිය හා යුද හමුදා නිලධාරීහු  නාය යන  ස්ථානයේ ආකරෂක කටයුතු නියැලී සිටිති .

මාර්ග සංවර්ධන අධිකාරිය  ආපදා කළමණාකර ඒකකය යුද  හමුදාව හා පොලිසිය  මාර්ගය යළි විවෘත කිරීම සදහා ගතහැකි ක්‍රියමාර්ගයන් පිළිබදව සොය බලමින් සිටී .
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ භූ විද්‍යාඥයන් තවදුරටත් පරීක්ෂණ සිදුකරයි .

බදුල්ල දිස්ත්‍රික් ලේකම්  දමයන්ති පරණගම මහත්මියගේ  උපදෙස් මත ආපදාකළමණාකරන බදුල්ල දිස්ත්‍රික් ඒකකය සම්බන්ධිකරණය කටයුතු සිදු කරනු ලබයි.   

 

 

 



අදහස් (2)

ඇල්ල-වැල්ලවාය මාර්ගය දිගටම වහලා

R m thilakarahna bandara Tuesday, 29 October 2019 02:51 AM

බලවත් කණගාටුව

:       0       0

athula Wednesday, 30 October 2019 08:12 AM

තව පරිසරය සහ වනාන්තර විනාශ කරන්න. එතකොට සේරම සම්පුර්ණ වේවි. පාලකයෝ 71 වසරක් කරපු කෙරුම් වල ප්‍රගතිය. මේවා තේරුම් ගන්න ජනතාවක් අපට නැති එකේ ප්‍රති විපාක.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාර්ලිමේන්තුව රණ්ඩු මඩුවක් කරගන්න එපා
2024 දෙසැම්බර් මස 03 513 0

පාර්ලිමේන්තුව රණ්ඩු මඩුවක් බවට පත් කරගන්නේ එපා යැයි සභානායක බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


ව්‍යාපාරිකයාගේ ලක්ෂ 13ක බෑගය සොරාගත් ගෘහ සේවිකාව මාට්ටු
2024 දෙසැම්බර් මස 03 226 0

මැණික් ව්‍යාපාරිකයෙකු සතු රුපියල් ලක්ෂ 13 ක් වටිනා ගමන් මල්ලක් ,කටුනායක ගුවන් තොටුපොළේ දී සොරා ගත් ගෘහ සේවිකාවක අද(03) කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය විසි


රිය අනතුරින් බිරිය මරුට සැමියා රෝහලේ
2024 දෙසැම්බර් මස 03 163 0

පල්ලම අඩම්මන ප්‍රදේශයේදී‍ යතුරු පැදියක් බොලේරෝ කෑබ් රථයක ගැටිමේන් සිදුවු මාරක අනතුරකින් බිරිද එම ස්ථානයෙදීම මරණයට පත්ව බරපතල ලෙස තුවාල සිදුවු සැමිය


ආණ්ඩුව ගැන පූර්ණ විශ්වාසය තබා ගන්න
2024 දෙසැම්බර් මස 03 281 0

රජය පිළිබඳ පූර්ණ විශ්වාසය තබමින් ආපදාව සමනය කර ගැනීම සඳහා උදව් වන ලෙස සියලු පාර්ශව වලින් ඉල්ලා සිටින බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පාර්ල


බ්‍රසීලයේ ගිනි අවි-උණ්ඩ සමඟ අයෙක් මාට්ටු
2024 දෙසැම්බර් මස 03 171 0

බ්‍රසීලයේ නිෂ්පාදිත ගිනි අවියක් සහ උණ්ඩ පහක් සමග ’’පොල්වත්තේ ජනක’’ නැමැති සැකකරු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි .


ගජමුතු සමඟ පිය-පුතු අත්අඩංගුවට
2024 දෙසැම්බර් මස 03 70 0

ඊච්චලම්පත්තු, පූනගර් ප්‍රදේශයේ ගැනුම්කරුවෙකුට රුපියල් කෝටි දෙකකට විකිණීම සඳහා රැගෙන පැමිණි ගජමුතු දෙකක් සමග පිය පුතු දෙපළක් ඇතුළු හතර දෙනකු සැකපිට ඊ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 647 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 830 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2284 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site