(ඩි.කේ.රත්න)
ඇල්ල සංචාරක තොරතුරු මධ්‍යස්ථානයේ ස්ථානභාර නිළධාරිවරයාට පහරදී පොලීසියට කට්ටි පනිමින් සැඟවී සිටි ඇල්ල ප‍්‍රාදේශීය සභාවේ සභාපති බී.එම්.අමිල බස්නායක මහතා අද (10) ඇල්ල පොලීසියට බාරවීමෙන් පසු බණ්ඩාරවෙල වැඩබලන මහේස්ත‍්‍රාත් රුවන් බස්නායක මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 10 ක බැගින් වු ශරීර ඇප තුනක් මත මුදා හැරීමට නියෝග කළේය.
සෑම මසකම අවසන් ඉරුදින ඇල්ල පොලීසියේ පෙනී සිටින ලෙසටත් මහේත‍්‍රාත්වරයා නියෝග කළේය.
ඇල්ල සංචාරක තොරතුරු මධ්‍යස්ථානයේ ස්ථානභාර නිළධාරි කේ.ඒ.ඉන්දික සෙනවිරත්න මහතාට පහරදීම නිසා ඒ මහතා අසාධ්‍ය තත්වයෙන් බදුල්ල මහ රෝහලට ඇතුළත් කර බදුල්ල මහ රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ගනු ලැබීය.
ඇල්ල ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇල්ල සංචාරක තොරතුරු මධ්‍යස්ථානයට ගොස් එහි ස්ථානභාර නිළධාරිවරයාගෙන් තොරතුරු මධ්‍යස්ථානයට යාබදව පිහිටි කාමරයේ යතුර ඉල්ලා සියදී එම යතුරු නොමති බව පැවසීම නිසා මෙම පහරදීම සිදු කර තිබේ.
ඇල්ල පොලිස් සථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.එම්.එම්.කේ.අලගියවන්න මහතාගේ උපදෙස් පරිදි ඇල්ල පොලීසියේ නිළධාරීහු පිරිසක් විසින් මෙම සභාපතිවරයා මහේස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර තිබුණි.
2025 දෙසැම්බර් මස 04
701
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඇල්ල ප්‍රා.සභාපතිට ඇප
Kasun Sunday, 10 February 2019 09:14 AM
මෙවැනි අය පත්කරන ජනතාවට මාගෙ ප්‍රනාමය
Chanak los angelesSunday, 10 February 2019 05:10 PM
කසුන් ජනතාවගේ වැරැද්ද නොවෙයි. පුද්ගලයාගේ යුක්තිගරුක නීතිගරුක භාවය නොමැතිකමයි.. එලෙසම ඒවා මොනවාදැයි කියා බුද්ධියක් නොමැතිකමයි.. එවන් කෙනෙකුට අනිසි බලයක් ලැබුණු විට ඔහුගෙන් සිදුවෙන්නේ අනිසි ක්‍රියාවන්මයි.
Hafeel Sunday, 10 February 2019 04:24 PM
ඊළඟ මහ මැතිවරණයට දැනටමත් අවශ්‍ය සුදුසුකම් ඇත.