( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණය සඳහා ප‍්‍රජාතන්ත‍්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ නාමයෝජනා පත‍්‍රය ප‍්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනු කර ඇති රිට් පෙත්සමට අද (3) මැතිවරණ කොමසාරිස් ඇතුළු වගඋත්තරකරුවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විරෝධතා ගොනු කෙරිණි.
මෙම පෙත්සම් ප‍්‍රියන්ත ජයවර්ධන , නලින් පෙරේරා සහ ප‍්‍රසන්න ජයවර්ධන යන මහත්ම මහත්මීන් ගෙන් යුතු ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවිණි.
මෙම පෙත්සම ජුලි 30 වැනි දා සළාකා බැලීමට ද නියෝග කෙරිණි.
ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වීම වළකාලමින් දැනටමත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනමක් නිකුත් කර ඇත.
ප‍්‍රජාතන්ත‍්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ ලේකම් ආරියවංශ දිසානායක මහතා ඇතුළු තිදෙනෙකු විසින් ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු එහි සාමාජිකයින් නම් කරනු ලැබ ඇත.
පෙත්සම්කරුවන් ඇතුළු 29 දෙනෙක් ප‍්‍රජාතන්ත‍්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ වෙනුවෙන් ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණය සඳහා නාමයෝජනා පත‍්‍රය බාර දුන්හ.
2025 දෙසැම්බර් මස 18
668
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1113
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇල්පිටි ප්‍රා.සභාවේ පෙත්සමට විරෝධතා ගොනු කරයි