වොෂින්ටන්හිදීය (රොයිටර්)
සටන් විරාමය උල්ලංඝණය කළහොත් ස්ථීර සහ නිසි පියවර ගන්නා බව ඇමෙරිකා එක්සත් ජනපදය සිරියාවට අනතුරු අඟවයි.
සිරියාවේ නිරත දිග ප්‍රදේශ කිහිපයකට සටන් විරාම ප්‍රකාශයට පත්කර තිබේ. සිරියානු රජයේ හමුදා සටන් විරාම ප්‍රකාශයට පත් කර තිබියදීද යුද මෙහෙයුම් දියත් කරන බවට තොරතුරු ලැබී ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපදය සඳහන් කරයි.
ඇමෙරිකා එක්සත් ජනපදය මෙම අනතුරු ඇඟවීම කරමින් සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ට ද චෝදනා කළේය. සිරියානු අර්බුදය උග්‍ර කරන්නේ ජනාධිපති බෂාර් අල් අසාද් යැයි ඇමෙරිකාව චෝදනා කළේය.
“අසාද් රෙජීමය සටන් විරාමය උල්ලංඝණය කරන බවට තොරතුරු ලැබී තිබෙනවා. දිගින් දිගටම එසේ වුවහොත් ඊට නිශ්චිත සහ සුදුසු ප්‍රතිචාර දක්වනවා” යැයි ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකා හෙදර් නෙවර්ට් පැවැසුවාය.
- 055
COMMENTS
ඇමරිකාව ලෝකයේ රටවල් ගණනාවක් අනාථ කරලයි තියෙන්නේ මේ වෙනකොට.... ඒ පාර සිරියාවත් අනාථ කරල දාන්න වගේ හදන්නේ...
අද වනවිට එහි පැමිණ සිටින ජාත්‍යන්තර නියෝජිත කණ්ඩායම්වලට එම ප්‍රදේශයේ එවන් අවි භාවිතා කළ බවට කිසිදු සාක්ෂියක් සොයාගැනීමට නොහැකි වෙලා තියෙනවා . කෙසේ වෙතත් ඇමරිකා ප්‍රහාරයෙන් පසුව සිරියාව තම ආරක්ෂක පද්ධතිය පුළුල් කර තිබෙනවා . සිරියානු ජනපතිවරයා පසුගිය සතියේ මොස්කව් ගොස් රුසියානු ජනපතිවරයා හමුවුණා .එහිදී රුසියානු ජනපතිවරයා ලොව නවීනතම ගුවන් සහ මිසයිල ආරක්ෂණ පද්ධතිය වන S-300 සහ RDS-37 මිසයිල පද්ධතිය සිරියාවට ලබාදුන්නා . මීට අමතරව සති දෙකකට පෙර ඊශ්‍රයලය සිරියාවට ප්‍රහාරයක් එල්ල කළ නිසා ඉරානය සිරියාවට තම නවීන මිසයිල පද්ධතියක් ලබා දුන්නා . දැන් ඇමරිකාවට පහසු නැහැ සිරියාවට ප්‍රහාර දියත් කරන්න .