ටෝකියෝහිදීය (රොයිටර්)
න්‍යෂ්ටික යුද ශීර්ෂ, අන්තර්මහද්වීපික බැලැස්ටික් මිසයිල සහ තවත් න්‍යෂ්ටික ද්‍රව්‍යය කිහිපයක් ඉදිරි මාස හයක කාලයේදී තම එරටට එවැන්නැයි ඇමෙරිකා එක්සත් ජනපදය උතුරු කොරියාවෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ.
න්‍යෂ්ටික යුද ශීර්ෂ යනු මිසයිල හෝ ටෝපිඩෝ හෝ වල හිසය. මෙම කොටස න්‍යෂ්ටික බලයෙන් සමන්විතය.
උතුරු කොරියාව සහ සම්බන්ධ සමීප මූලාශ්‍ර කිහිපයක් උපුටා දක්වමින් ජපානයේ ‘අසාහි’ පුවත්පත අද, බදාදා (17) ඒ බව වාර්තා කර තිබේ.
ඉහත සඳහන් කරන ලද න්‍යෂ්ටික අයිතම නෞකා මගින් ඇමෙරිකා එක්සත් ජනපදයට එවීමට කටයුතු කළහොත් ඇමෙරිකා එක්සත් ජනපදය උතුරු කොරියාව ත්‍රස්තවාදයට සහාය දක්වන රාජ්‍යය ලැයිස්තුවෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ ප්‍රකාශ කර ඇතැයි ද එම පුවත්පත වාර්තා කරයි.
මේ මස මුලදී උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් හමු වූ අවස්ථාවේදී මයික් පොම්පෙඕ මේ බව ප්‍රකාශ කර ඇතැයි එම පුවත්පත තවදුරටත් වාර්තා කරයි.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හදපු දේ සද්ද නැතුව තියාගෙන ඉන්නේ නැතුව ගියා බොරුවට සද්දේ දාන්න. දැන් ඇමෙරිකාව කියන විදියට නටන්නවෙලා. උතුරු කොරියාව ඉදිරියේ සෙලවිලා හිටිය ඇමරිකාව හරියට කොරවෙලා හිටිය රනිල්ව දෝෂාභියෝග කිහිලි කරුවෙන් නැගිට්ටුව වගේ දෙයක් උතුරු කොරියාවත් කරගත්තේ...
මෙන්න බඩු... යුද්ධය කාලේ අපටත් තිබුණා නම්..