(රන්ජිත් ආනන්ද ජයසිංහ නිව්යෝර්ක් නුවර සිට)
ඇමෙරිකා එක්සත් ජනපදය ඩොලර් මිලියන 480 ක් පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකාවට ලබාදීමට තීන්දු කර ඇත.
ඇමෙරිකානු රජයේ සහශ්‍රක අභියෝගතා අරමුදලින් මෙම පරිත්‍යාගය ලබාදෙන බව එම අරමුදලේ ප්‍රධාන විධායක ජූඞ් බියමන් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දන්වා සිටියේය. පසුගිය 24 වැනිදා නිව්යෝර්ක් නුවර ලෝව්ස් රිජන්සි හෝටලයේ පැවැති විශේෂ හමුවකදී ප්‍රධාන විධායකවරයා මේ බව ජනාධිපතිවරයාට දැනුම් දී ඇත. ඊට අදාළ ගිවිසුම මේ වසරේ දෙසැම්බරයේ කොළඹදී අත්සන් කෙරෙන බවද ප්‍රධාන විධායකවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
මිලේනියම් සහශ්‍රක අරමුදලින් ලැබෙන මුදල් පරිත්‍යාග ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය හා ප්‍රවාහන ක්ෂේත්‍රයේ නවීකරණ කටයුතු සඳහා යෙදවීම රජයේ අරමුණයි.
මිලේනියම් සහශ්‍රක අරමුදලේ ප්‍රධානියා සමග පැවැති හමුවට විදේශ අමාත්‍ය තිලක් මාරපන හා බස්නාහිර මහ නගර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක යන මහත්වරුද එක්වූහ.
COMMENTS
ප්‍රවාහන ක්ෂේත්‍රයේ නවීකරණ කටයුතු වලට ඇමති මණ්ඩලයට අලුතින් වාහන ගන්න එකත් ඇතුලත්ද?
එතකොට ණය නෙමේද? දැන්වත් මේ හම්බවන සල්ලි වලට සංවර්ධනයක් වෙනවාද කියල හොයල බලන්නොන. නැත්තම් පිල්ලි ගහයි.
මහා බැංකු හොරකම හා සමාන මුදලක්
ඔයාට පරිත්‍යාගයක් සහ ණයක් අතර වෙනස දන්නේ නැද්ද?
දෙනකොට පරිත්‍යාගය. පසුව ආණ්ඩුව වෙනස්වුනාම මේ පරිත්‍යාගය ණය ආධාර බව වෙනස්වෙනවා.
ට්‍රම්ප් මහතා මේගොල්ලෝ සතේකට විශ්වාස නැති ජාතියක්.......... වියදම් කරන හැම සතේටම ගණන් හිලව් පෙන්වන්න කියන්න .........
අපෙන් ගත්තුවා එ් ගොල්ලන්ගේ වගේ පිටදෙනවා. අපි එ් ගොල්ලන්ගේ පදේට නටනවා.
ළඟදි තිබුණු මහබැංකු වංචාව නම් ඩොලර් මිලියන 60ක් විතර ඇති. ඔය කියන්නේ පහුගිය ආණ්ඩුව කාලේ වුණු මහබැංකු වංචාව වෙන්න ඇති...