(කේ බුද්ධික කුමාරසිරි )
පෝරුවදණ්ඩ වගවත්ත ප‍්‍රදේශයේ පිහිටි රබර් කිරි පිරිසිදු කර බෙදා හොරණ හැරීමේ ආයතනයකට ලොරි රථයකින් රැගෙන ආ ඇමෝනියම් අඩංගු සිලින්ඩර තොගයක් බෑමට යාමේදී සිදු වූ පිපිරීමක් සමගින් ඇති වූ ඇමෝනියා කාන්දුවක් නිසාවෙන් දැඩි ලෙස රෝගාතුරුව හොරණ මූලික රෝහලෙහි දැඩි සත්කාර ඒකකයෙහි ප‍්‍රතිකාර ලබමින් සිටි එක් අයෙකු අද (18) දින මියගොස් ඇතැයි ඉංගිරිය පොලිසිය පවසයි
මෙලෙස මිය ගොස් ඇත්තේ අදාල කර්මාන්ත ශාලාවේ කම්කරුවෙකු ලෙස රැකියාව කළ බංගලා කොටස ඔට්ටාන් බදුල්ල යන ලිපිනයේ පදිංචිකරුවකු වන සෙල්වරාජ් රුෂන්තන් නමැති පුද්ගලයෙකි
මෙම පිපිරීම සිදු වූ අදාල ආයතනයකට ලොරි රථයකින් රැගෙන ආ ඇමෝනියම් අඩංගු සිලින්ඩර තොගයක් බෑමට යාමේදී ඉකුත් 14 වන දින සිදු වූ පිපිරීම එක් ඇමෝනියා අජංගු සිලින්ඩරයක් පුපුරා යාමෙන් සිදු වූවක් බවට සිදු කල විමර්ශණවලදී කරුනු රැසක් අනාවරණය වී ඇති බවත් අදාල සිද්ධිය සම්න්දයෙන් මේ වන විට රස පරීක්ෂක නිළදාරීන් පරීක්ෂණ කටයුතු සිදු කරමින් පවතින බවත් සිද්ධිය වූ ස්ථානය අසල වහලයේ තිබී හමු වූ වර්ෂ 1989 දී නිශ්පාදනය කරන ලද එක් ඇමෝනියා අඩංගුව පැවැති සිලින්ඩරයක එය පාස්සා තිබූ ස්තානයෙන් අඩියක පමණ පැල්මක් තිබූ බැවින් මෙම පිපිරීම එම සිලින්ඩරයෙන් සිදු වූවක් ද යන්න වැඩි දුරටත් විමර්ශණ කටයුතු ආරම්භ කර ඇති බවත් පොලිසිය පවසයි.
අදාල කර්මාන්තශාලාවේ සිදු වූ සිද්ධියත් සමග හොරණ මූලික රෝහලට පුද්ගලයින් පස් දෙනෙකු ඇතුලත් කළ අතර පසුව බරපතල තත්වයේ පසු වූ දෙදෙනෙකු පානදුර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයටත් තවත් අයෙකු හොරණ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයටත් ඇතුලත් කර ප‍්‍රතිකාර ලබා දීම සිදු කර තිබූ බවද පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 30
60
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
723
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඇමෝනියම් සිලින්ඩරය පිපිරීමෙන් රෝහල්ගත කළ අයෙක් මරුට