අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාස භංගයක් ගෙන එමේ සූදානමක් ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි.
මෙම විශ්වාස භංගය ගෙන ඒමේ මූලිකත්වය ගෙන ඇත්තේ ආණ්ඩු පක්ෂයෙන්ම බව දැනගන්නට තිබේ.
විශ්වාස භංග යෝජනාව මේ වන විටත් සකස් කර අවසන් බවත්, ඊට ආණ්ඩුවේ ඇමැතිවරුන් මෙන්ම විපක්ෂ මන්ත්‍රීන් පිරිසක් ද අත්සන් තබා ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.
විශ්වාස භංග යෝජනාව සිකුරාදා (10) හෝ ලබන සතියේ මුල කතානායකට බාර දෙනු ඇතැයි ද කියැවේ.
044
COMMENTS
අවාසනාවන්ත කාලයක් අපේ රටට උදාවී තිබීම ගැන අතිශයින්ම කනගාටු වෙමි.
ඔන්න අන්තිමේට රට ගැන හිතල දෙයක් කියපු මනුස්සයට අවසානේ වෙන දේ
යන්තම් ඇති. යහපාලනේ අළු ගසාගෙන නැගිටිනවා වගේ. බොහොම හොදයි , බොහොම හොදයි. ඔහොම යමු.
නිවැරදි දේ වෙනුවෙන් හඬ නැගීමේ ප්‍රතිවිපාක
කැබිනෙට් සමුහිකම රකින්න බැරිනම් අස්කරනකම් ඉන්නේ නැතුව එලියට බහිනෙක කාටත් ලේසි.
ඊට කලින් එතුමාත් ඉල්ලා අස් වුනොත් කාටත් ලේසි.
මේ විස්වාසබංග කාලයයි..
සුපිරිම සුපිරි
රටේ ජනතාවත් අත් දෙකම ඔසවා සහයෝගය දෙනවා
ඉතාම කාලෝචිත ක්‍රියාවක්
ගහපු පදේකුත් බෙරේ පලුවකුත් නැහැ.
බොහොම හොද අදහසක්...
අද ලොකු මාධ්‍ය සංදර්ශනයක් දැම්මා.. මේවට කොහෙන් හිනාවෙන්නද මන්දා. දැන් වෙන දේවල් දැක්කම පුදුම කලකිරීමක් තියෙන්නේ. විජේදාස රාජපක්ෂ කියන්නේ අවංකවම මේ රට ගැන හිතන මහත්මා දේශපාලකයෙකි. මේ හදන්නේ රවීට වූ දෙයින්ම මොහුගෙන් පලිගන්න. අපිට හරිම පිළිකුල් හරිම ලැජ්ජයි ඔයාලා ගැන... ඡන්දය එනකම් ලබාගෙන ඉන්න. එතකම් නටන්න.
මෙය හරිදේ වෙනුවෙන් කතා කළ දෙයක්..
සමන්, මෙය නිවැරදි දේ වෙනුවෙන් කතා කල එක දෙයක් කියන්න.
මට හිතෙන විදියට මේක,"කොන්ද පන තියෙන කෙනාට, කොන්ද පන නැති අය වට කර ගෙන ගහනවා වගේ" හැබැයි ඒ අයට, ජනතාව ඉදිරියේදී තීරණයක් ගත යුතුයි.
මෙතුමා තමයි ඔක්කොම හොරු රකින්නේ. තවත් රාජපක්ෂවරුන්ගෙන් කෙනෙක් නේ...
නොම්මර එකේ ඩබල් ගේම් තමයි දෙන්නේ. මේවගේ මිනිස්සු මොකට මේ රජයට ගත්තද? මෙයා හොඳයි රජත් සමග ඉන්න. මුල සිටම කලේ කත් අදින එකයි. ඉක්මන්කර එළියටම දාන්න. මහජනයාගේ පැතුම එයයි.
මෙතුමාට අදාල නැතිව ඇති, ඒවුනාට ඔයිට කලින් කියා කියා හිටපු ද්විත්ව පුරවැසිබවයේ කතාව ඉවරද? එක යට ගහන්නද හදන්නේ? පාර්ලිමේන්තුව ඇතුලේ ද්විත්ව පුරවැසිභාවය තියෙන අය ඉන්නවනම් අයින් කරොත් හොඳයි. රටට හොඳක් වෙන්නේ නැහැ. පිටරටක විපක්ෂ නායිකාවට අයින් වෙන්න වුන ද්විත්ව පුරවැසිභාවයේ කතන්දරයක් ඇවිල්ල.
බොරදියේ මාලු බාන මිනිසුන්ට ඔහොම වෙන්න ඕනේ
එතුමා උගතෙක්, උගතුන්ට රජයේ ඉඩ නැ. උගතුන්ට කෙලින් කතා කරන්න බැරි වකවානුවක්.
පාර්ලිමේන්තුවේ විස්වාසය නැතිවුවත් එතුමාට ජනතාවගේ විස්වාසය තියෙනවා , එබැවින් නිසි වෙලාවට ජනතා ප්‍රතිචාර ලැබේවි.
මහින්ද මහත්තයා මට කියනවද අර අාප්පවලට දාපු දේවල් මොනවද කියලා...?
අනික් පැත්තේ කට්ටිය නම් ඡන්දෙ දෙන එකක් නැහැ ෂුවර් එකටම.
එ්ක තමයි මෙච්චර කල් හොරුත් එක්ක විදේශ ගමන් ගියපු විජේදාස මහත්තයට ඊයේ කැක්කුමක් ඇවිත් හම්බන්තොට වරාය ගැන කියෙව්වේ... ඇයි?
වටිනා අදහස් ඇති කෙනෙක් පාට කන්නාඩි දාල බලන අයට මේවා තේරෙන්නේ නැත. දේශීය චින්තනයක් නැතිව අපටම කියා ස්වාධීනව ගොඩනැගෙන්න අමාරුයි විජේදාස මැතිතුමාට තෙරුවන් සරණයි
පසුගිය ආණ්ඩුවේ දූෂිතයන්, අපරාධකරුවන් සම්බන්ධයෙන් වන නඩු ඉක්මනින් විභාග කර අවසන් කිරීම සඳහා පිහිටුවන්නට රජය පොරොන්දු වී ඇති වෙනම අධිකරණය, පිහිටැවිය නොහැක්කේ අධිකරණ ඇමතිවරයා ඊට අකමැති නිසා යි.
විජේදාස මහත්තය නිවැරදි . එතුමාට කැබිනෙට්ටුවේ සාමුහිකේ රකිනවට වැඩිය රටේ චන්දෙ දීපු මිනිසුන්ගේ අයිතිවාසිකම් රකින්න වගකීමක් තියෙනවා.
ඒකාබද්ධෙට තව මන්ත්‍රී කෙනෙක්.
මේක නම් හොඳ වැඩක්...
කොහොම වුණත් මෙයත් රාජපක්ෂවරයෙක් බව අමතක කරන්න එපා. විපක්ෂයේ ඉන්න අනෙක් රාජපක්ෂවරුත් මීට එරෙහිව එන්න තියෙන විශ්වාසභංග යෝජනාවට එරෙහිව ඡන්දෙ දෙන කීමෙන්ම එය මනාව පැහැදිලි වෙනවා.
විජේදාස මහතා ආණ්ඩුවට නොගෙන ඉන්න තිබ්බේ. දැන්වත් එක කරනවා නම් හොඳයි ජනතාවට ජයවේවා!!!
අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතාට අගමැතිතුමාගේ පූර්ණ රැකවරණය හා අාශිර්වාදය තිබෙනවා.
මහරගමින් පරාදයි මනාපෙන් ආවේ. කතාව කෙසේවෙතත් ක්‍රියාවෙන් පේනවා. එක වසරකට නඩු මුර දෙකයි. කවද්ද නඩු අවසන් වන්නේ?
පාර්ලිමේන්තුවේ විස්වාසය නැතිවුවත් එතුමාට ජනතාවගේ විස්වාසය තියෙනවා , එබැවින් නිසි වෙලාවට ජනතා ප්‍රතිචාර ලැබේවි.