IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


ඇමැති රංගේ බණ්ඩාරගේ පුතා අත්අඩංගුවට

ඔගස්ටින් ප‍්‍රනාන්දු                                            

කොළඹ පුත්තලම මාර්ගයේ බංගදෙණිය කෝට්ටපිටිය හන්දියේ දී නිවසකට දැඩි ලෙසින් හානි කරමින් සිදුවු අනතුරක් සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යාංශකට අයත් කැබ් රථය පැදවු යශෝධ රංගේ බණ්ඩාර මහතා ජයවර්ධන පුර මහ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටිය දී අද (8) අලුයම අත්අඩංගුවට ගත් බව ආරචිචිකටිටුව පොලිසිය කියයි.

ඊයේ (7) අලුයම එකට පමණ කරුකුපොනේ අතුරු මාර්ගය ඔස්සේ අධි වේගයෙන් පැමිණි මෙම කැබ් රථය පාලනය කර ගත නොහැකිව පාරෙන් ඉවතට පැන බංගදෙණිය කෝටිටපිටිය හන්දියේ පදිංචි හේවාගාල්ලගේ චාමක ලහිරු නුවන් අමරදිවාකාර මහතාට අයත් නිවසට දැඩි ලෙසින් හානි කරමින් එම නිවසේ තාප්පය හා බිත්තිය කඩා ගෙන සාලයට ඇතුළු වී තිබිණි.

මෙම රථය පැදවු බව කියන යශෝධ රංගේ බණ්ඩාර අනතුර සිදුවු අවස්ථාවේ දී අධික ලෙසින් මත්පැන් පානය කර සිටි අතර එම රථයෙහි තිබි විදේශ මත්පැන් බෝතලයක් සෝඩා බෝතලයක් විකටි කුරක් බේස් බෝල් පිත්තක් හා කඩුවක් තිබි පොලිස් බාරයට ගෙන ඇත.

 

  



අදහස් (15)

ඇමැති රංගේ බණ්ඩාරගේ පුතා අත්අඩංගුවට

Mahee Friday, 08 June 2018 04:25 AM

මං මේ ඉතිහාස පොත්, පරණ පත්තර එහෙම පෙරළ පෙරළා හොයන්නේ කිසිම දවසක මේ ශ්‍රී ලංකාවේ ඇමති පුතෙක් උසාවියෙන් වැරදි කාරය වෙලා තියෙනවද කියලයි.

:       0       69

Sunil Friday, 08 June 2018 04:43 AM

යහපාලනය මේ ගැන මොනවා කරයිද? කවුරුත් බලා සිටී.

:       0       49

kasun Friday, 08 June 2018 04:44 AM

මහජනයාට සේවය කරලා එනගමන්

:       0       56

tharindu Friday, 08 June 2018 04:45 AM

විකට් කුරක් , බේස් බෝල් පිත්තක් සහ කඩුවක්,,,,, ???? ඒ කියන්නේ මේ දෙන්නා ගේමක් දීල එන ගමන් වෙන්න ඇති ??

:       0       39

Kamal Friday, 08 June 2018 04:57 AM

මෙතුමා හරිම අහිංසක දරුවෙක් පොඩි කලේ ඉදලම. විස්කි අරන්ගියේ බඩේ අමාරුවට බොන්න. කඩුව අරන් යන්නේ තනිකම් දෝෂවලට. පොලු කලි අරන් යන්නේ වාහනේ අද වලට තියන්න.

:       0       51

sanjeeva Friday, 08 June 2018 05:00 AM

මේ අයව ඊළඟ මැතිවරණයේදී පාර්ලිමේන්තුවට යවමු. මේ වගේ උතුම් පුතුම් තමයි අද අපේ රටට අත්‍යාවශ්‍ය......

:       0       47

nuwan Friday, 08 June 2018 05:32 AM

ඉස්සෙල්ල හිටපු රජතුමාට ගෙදර යන්න උනේ පුත්තු කරපු වැඩ නිසා තමා!

:       1       12

Ruwan Friday, 08 June 2018 05:40 AM

අනේ පව් ඉක්මනට නිදහස් කරන්න මේ අසරණයව...ඇතුලේ ඉන්න කල් ඉන්නේ හොස්පිටල් එකේ ඇඳක් සෙට් කරලා දෙන්න කාරුණික වෙන්න ......... මොකද මේ අය රටේ වැදගත් උදවියගේ පුත්තුනේ..............

:       0       78

අමා Friday, 08 June 2018 05:46 AM

කඩුව නම් කොස්කොටන්න වෙන්නැති....... අනෙක් ඒවා මොකටද කියලා කියන්න බැහැ.

:       0       40

Anton Austria Friday, 08 June 2018 05:48 AM

අපේ කොල්ලෙක් නේ ක්‍රිකෙට් ගහන්න යන්න ඇති. පවු කොල්ලව අතහැරලා දාන්න.

:       0       3

Raveendra Friday, 08 June 2018 06:01 AM

ඉදිරි දින කිපයතුලදී ලක් පුරවැසියන්හට මෙම සිදුවීම පිලිබදව වීදි නාට්‍ය, නවකතා,කෙටි කතා මෙන්ම විනෝදසමය වැනි හාස්‍ය උපදවන වැඩසටහන් දැක ගැනුමට වාසනාව උදාවන බව ඉගිබිඟි පළකර හැක. තවද කිලිටුවූ සහ ගඳ ගසන "සුදු කබා ඇදගත් පෙරේතයන්ගේ" ගොන් තර්ක විතර්කද කියවීමේ භාග්‍ය ලැබෙනු ඇත.

:       0       55

කොඩ්ඩා Friday, 08 June 2018 06:08 AM

මුල් අවස්ථා වලදී දඩුවම් නොදුන්න එකේ විපාක

:       0       43

පිටිගල මිලානෝ Friday, 08 June 2018 06:57 AM

ලංකාව දැන් වනාචාරී රටක්. හොඳ වෙලාවට ඉතාලි ආවේ.

:       0       4

Chanak Los angeles Friday, 08 June 2018 07:03 AM

ඔන්න දැන් රන්ජන් කීව කලුකබා නීතිය හෝ ගාල වැඩ ඇති ..

:       0       15

Hafeel Friday, 08 June 2018 08:19 AM

දියවන්නාවට යන්න සියලු සුදුසුකම් මෙයාට තියනවා. මේ රටේ ඇමති පුතක් වෙනව නං, වාසනාව තමයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 617 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 821 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 355 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site