රෝවන් පෙරේරා
විල්පත්තුව ජාතික වනඋද්‍යානයට අයත් භූමයෙහී ඇති ගහකොළ විනාශ කරමින් ගම්මානයක් ඉදිකිරීමට කටයුතු කළ බවට චෝදනාවට ලක්වී සිටින අමාත්‍ය පාලිත රංගේ බංඩාර මහතා අද (28) වනාතවිල්ලුව පොලිස් ස්ථානයට පැමිණ පැමිණිල්ලක් කර ඇත.
මේ අතර පූක්කුලම ධීවර සංවිධානයද අද (28) අමාත්‍යවරයාට සහ ජනතාවට කරන චෝදනා අසත්‍ය බව කියමින් පැමිණිල්ලක් කළ බව වනාතවිල්ලුව පොලිසිය කියයි.
තමා පරිසර හානියක් සිදුකර ඇති බවට ඔප්පු කළ හොත් දේශපාලන ජීවිතයෙන් සමුගන්නා බව ඇමතිවරයා ප්‍රකාශ කළේය. ඒ බව ඔප්පු කිරීමට නොහැකිවුවහොත් ආනන්ද සාගර හිමියන් චීවරය අතහැරිය යුතු බවත් ඒ මහතා පැවසීය.
සති දෙකක් තුල පාහියන්ගල ආනන්ද සාගර ස්වාමින් වහන්සේට සහ පරිසර වේදින් දෙදෙනකුට විරුද්දව අධිකරණයට යන බවද අමාත්‍ය පාලිත රංගේ බංඩාර කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන් නිර්දෝෂී නම් ඇමතිවරයා කරපු දේ නිවැරදියි. පොලිසියට පැමිණිල්ලක් දැමීමට සැම පුරවැසියෙකුටම අයිතියක් තිබේ. තමන්ට මඩ ගසන අයට එරෙහිව වන්දි ඉල්ලා නඩු පැවරීමටත් ඔහුට අයිතියක් තිබේ. නමුත් පොලිස් ස්ථානයකට ගොස් පැමිණිල්ලක් දමනවිට පත්‍ර කලාවේදීන්, පොටෝ ගන්න අය ඇතුලට ගෙනයාමට ඔහුට බලයක් තිබේද ? එමෙන්ම පොලිස් ස්ථානාධිපතිවරයත් තමන්ගේ රාජකාරිය හරිහැටි කරාද කියලත් විශාල ප්‍රශ්නයක් මෙහිදී මතු වෙනවා !!!!
පාහියන්ගල හාමුදුරුවෝ කරන්නේ ජනතා සේවයක්. පරිසර වේදීන් රට ගැන හැගීමෙන් කටයුතු කරන ස්වාධීන අය. ඒ අයට චෝදනා කරන එක නෙමෙයි කල යුත්තේ. ඇත්ත නැත්ත පෙන්වා දෙන ස්වාධීන පරීක්ෂණයක් කරන එක.
ඇමතිතුමා කළ නොකරපුවා කියන්න එක කවුරුත් දන්නා දෙයක්. නඩු පවරන එක හොඳයි.