(ඉන්දිකා රාමනායක)
අමාත්‍යවරයකු ලෙස තමාට ලබාදුන් මෝටර් රථය ධාවනයට යොදවා ඇත්තේ දවස් 7 හෝ 8 ක් පමණක් බව තිරසාර සංවර්ධන වනජීවි හා ප‍්‍රාදේශිය සංවර්ධන අමාත්‍ය ෆීල්ඞ් මාෂල් සරත් ෆෝන්සේකා මහතා අද (3) පැවසීය.
එයට හේතුව වී ඇත්තේ එය වැඩි වශයෙන් ඇත්තේ ගරාජයේ බවත් දවසක් ධාවනයට යොදා ගතහොත් මාස 2 ක් එය ගරාජයේ බවත් තමන් රාජකාරි කළේ එක වාහනයෙන් පමණක් බවද අමත්‍යවරයා කියා සිටියේය.
ඇමැතිවරයෙක් වශයෙන් පත්වීම් ලැබ තමන්ට වාහනයක් ලැබුණේ පත්වීම් ලැබ මාස 10 ක් ගත වු පසුව බවත් එතෙක් කාලයක් තමා භාවිතා කළේ තමන්ගේ පෞද්ගලික වාහනයෙන් බවද හෙතෙම සඳහන් කළේය.
එම වාහනයට ඉන්ධන ලබාගත්තේ තමාගේ පෞද්ගලික මුදල් වලින් බවද අමාත්‍යවරයා වැඩිදුරයත් කියා සිටියේය.
අමාත්‍යය සරත් ෆොන්සේකා මහතා මේ බව පැවසුවේ අද (03) සිය නව අමාත්‍යධුරය් වැඩ බාර ගැනීමේ උත්සවය අමතමිනි.
ඡායාරූප - ළහිරු හර්ෂණ



COMMENTS
මෙතුමා තදින් හිටියොත් කැලේ සත්තු ටික, වන සම්පත බේරෙයි කියලා මට හිතෙනවා.
රුපියල් කෝටි 7 ක් වැය කරලා ගනිපු වාහනය "දවසක් ධාවනයට යොදා ගතහොත් මාස 2 ක් එය ගරාජයේ" නම්, ඔය ගැන "බෙන්ස්" සමාගමට කියන්න ඕන. මොකද ඔය වාහනයට තවම අවුරුදු 3 යි. අනික ඔය වාහනය හදන "ගරාජ්" එක මොකක්ද කියල බලන්නත් ඕන වගෙයි. බෙන්ස් කියන්නේ ලෝකයේ රාජ්‍ය නායකයන් වැඩි ගණනක් පාවිච්චි කරන උසස්ම ගනයේ සුඛෝපභෝගී වාහනයක්.
අහිංසක වනසතුන් මරණ මස් වැද්දන්ටත්, ගස් කපන්නන්ටත් නිසි දඬුවම් දෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
ඔබතුමාට ජය වේවා ! රට බේරා ගත් ඔබට රටේ සම්පත් බේරා ගැනීමට ශක්තිය ලැබේවා !
සුදුස්සාට සුදුසු තැන දෙනවා කියන්නේ මේකට තමා.
සැබෑ දේශපාලකයෙක් වන මෙතුමාට මේ මොහොතේ අපි සුබ පතමු.
මෙතුමාට ඔය වගේ වැඩක් භාර දුන්නොත් අනිවාර්යයෙන්ම හරියටම කරාවී
අතුල මයා වෙත ඔබගේ අදහස් සමග ආපදෙකග වන්නෙමු. බෙන්ස් වාහනය ඉහල ප්‍රමිතියකින් නිෂ්පාදනය කරන රථයකි.මිල අදිකවන අතර එහි ගුණාත්මකබාවය ද ඉතා ඉහල මට්ටමාක පවතින බව අප සිල්ලලෝම දන්නා කරුණකි.සාමාන්‍ය පුරවැසියන් වන අපට නැගෙන ප්‍රශ්න වන්නේ මෙහි සදහන් ගරාජයේ සිටින කාර්මිකයන් එක්කෝ වඩු ,සිමෙන්ති, පල්දෝරු , ,දන්ත ,කෘෂි වැනි විෂයන්ට අදාළ කාර්මිකයන් විය යුතුමය.අනේ කරුණ ඔබ සදනකල පරිදි මේ පිලිබදව ජර්මන් බෙන්ස් අයාතනයට දැන්විය යුතුයි "තත්වයෙන් බාල තුට්ටුදෙකේ" වාහනයක් ( අදික මිලකට ) අප රටට විකිණීම පිලිබදව. එසේත් නැත්නම් මෙම වාහනය අපරටට ගෙන්වීමේදී "මොකෙකේ හරි බුරුවෙක්" මෙමගින් ගසා කා ඇතිබවට (තුට්ටු දෙකේ වහනයක් අදික මිලගණන් පෙන්වා ගසාකෑම වැනි දෙයක් සිදුවී ඇති බව ) . මෙය හොද පාඩමක් මින් මතුවට අපේ රටේ අම්බරුවන් 225 ගෙන් එකෙක්වත් "තුට්ටු දෙකේ බෙන්ස්" වාහන මිලදී නොගන්නා බව. මොකද මේ සිල්ලම ඒ ඒ අම්බරුවන් ගෙදරින් ගෙනත් වියදම් කරන මුදල් නොවැ.
වන අලි මැරීම වෙනුවට ගම් වදින අලි අල්ලා හෝ කොටුකර දීමට ගම්මුන්ව දිරිගන්වා එසේ අලි අල්ලා දෙන අයට දීමනාවක් දෙන්න .කණ්ඩායම් වසයෙන් එකතුවී මෙය කරන්න පුළුවන් .බොරුවළවල් කපා අලි එම වළවල්වලට වැටෙන්න සැලැස්වීම මදුගසිම ආදී ක්‍රමවලින්.සහභාගී වූ ගම්මුන්ට දිරි දීමනාවක් දෙන අතර වන ජීවි නිලධාරීන්ට පුළුවන් මෙසේ අල්ලන අලි රක්ෂිතවලට ගිහින්දාන්න.
ගරාජ් එකේ තියන්න නම් මොකටද මිලියන ගණනක් මහජන මුදල් වියදම් කරලා ඔය වගේ වහනයක් ගත්තේ . කට පිහද ගන්න , පොඩි කලේ බීපු කුක්කු තවම කට වටේ .
අර පොක්සොගන් කම්හලේ හදපු එකක් වෙන්න ඕනේ .
වාහන ඇතත් නැතත් අපේ වනජීවී සම්පතවත් ආරක්ෂා කරදීමට ඔබතුමාට හැකියාව ඇති බව අපි විශ්වාශ කරමු.විරුද්ධ දේශපාලකයින් උපහාසයට ලක්නොකර වැඩ කරන්න.
වාහනේට කෝටි 7 යි.. මෙච්චර අබලන් වෙන්නේ කොහොමද? එච්චර වටින වාහනයක් මාස ගනන් ගරාජ් වල තියෙන්නේ කොහොමද..? සම්පූර්ණ බොඩි පේන්ට් කරලා අලුත්වැඩියා කරන්නත් මාසයක් යයි... අනික මේ වාහනේට වගකීම් නැද්ද.. බොරු බයිලානේ.. මේවට රැවටෙන මී හරක් ඉන්නවා.. මේ මනුස්සයා ඇමති කෙනෙක් වෙලා කරපු එක වැඩක් තියනවද කියල හොයලා බලන්න... අපෙ රට කවදාවත් ගොඩ යන්නේ නෑ..
ඇමතිතුමා පේනව නේද මේකේ තියන අදහස්. අපි දැං බේගල් අහලම මට්ටුවෙලා ඉන්නේ. ආයේවතාවක් බොරුවක් කියනකොට ටිකක් හිතල බලලා කියන්න. හිතාගෙන හිටියට අපි අමිබරුවො නෙමේ.
අතුල මහත්තයාට ගොඩක් රිදිලා වගේ... සරත් ෆොන්සේකා කියපු දේවල් වලට... අනික කොහොමද දන්නේ? එක අලුත් වාහනයක්ද, පරණ එකක්ද කියලා? අනික බෙන්ස් වාහනයක් කියලා? අනික මේ මනුස්සයා බොරු කාරයෙක් නම් ලංකාවේ යුද්දේ නිමා කරන්න වෙන්නේ නැහැ... හොඳේ.
අතුල මහත්තයාට ගොඩක් රිදිලා වගේ සරත් ෆොන්සේකා කියපු දේවල් වලට. අනික කොමද දන්නේ ඒක අලුත් වාහනයක්ද පරණ එකක්ද කියලා? අනික බෙන්ස් වාහනයක් කියලා? අනික ෆොන්සේකා මහත්තයා බොරු කාරයෙක් නම් ලංකාවේ යුද්ධේ නිමා කරන්න වෙන්නේ නෑ හොදේ.
මිස්ට අතුල , සරත් ෆොන්සේකා මහත්මය වගේ අයට අලුත්ම බෙන්ස් එකක් දුන්නට කමක් නැහැ වැදු මවටත් රටටත් ණය ගෙවූ අයෙක් , ඔය කට වාචාලයෝ බොරු දේශප්‍රේමී වගේ නෙමේ තාමත් ඇඟ ඇතුලේ බෝම්බ කෑලි.