(කාංචන කුමාර ආරියදාස )
දඹුලු රජමහා විහාරය කිසිම ආකාරයෙන් රජයට පවරාගැනීමට හෝ වසා දැමීමට කිසිදු ඉඩක් නොදෙන බවත් විහාරය රැකගැනීමට භිෂුන් වහන්සේලා සමඟ සිටින බවත් හිටපු ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.
අධ්‍යාපන ඇමැති අකිල විරාජ් මහතා හදන්නේ දඹුල්ල මධ්‍යම සංස්කෘතික අරමුදලට පවරාගෙන කුරුණෑගලට රැකියා ලබාදීමට බවත් දැනට සීගිරියට හා මෙවැනි ස්ථාන රැසකට සේවය කළ පිරිස් ඉවත් කොට අලුතින් කුලියාපිටිය ප්‍රදේශයෙන් රැකියා සඳහා ඒවා ඇති බව මාධ්‍ය හමුවේ සඳහන් කළේය .
ආණ්ඩුවේ ඇමැතිවරුන්ගේ විෂයන් බෙදීම තුළින් මේ ප්‍රශ්න ඇතිවන බව හිටපු ඇමැති ජනක බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය .

COMMENTS
මේවා විශ්වාස කරන්න බැහැ. අද අගමැතිතුමාගේ අරලියගහ මන්දිරයේ තිබ්බ මාධ්‍ය හමුව බැලුවා නම් තේරෙයි හේතුව මොකද්ද කියලා?. හේතුව තමයි යුනෙස්කෝ හෙරිටේජ් ලිස්ට් එකෙන් දඹුල්ල විහාරය අරන්දාන්න තීරණය කීරීමයි. රටට ආදරයක් නැති තුට්ටු දෙකේ බංකොලොත් දේශපාලකයන්ට තැනක් දෙන්න බැහැ.
එතකොට ඔයා දන්නේ මොනවාද? උතුරට වැඩිමිලට හොරෙන් සිමෙන්ති නැව්ගන්න ගෙනියන්න විතරද? ඔයාගේ කෙරුවාවල් අපිත් දන්නවා..
ඔය අත තියන්න හදන්නේ ඔබත් ඔබේත් පක්ෂයේත් විනාශයට බව මතක තබාගන්න.