IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඇමතිට නිවැරදි තොරතුරු ලැබී නැතැයි දකුණේ සෞඛ්‍ය ලොක්කා කියයි

සිරංගිකා ලොකුකරවිට

ඉන්ෆ්ලුවන්සා රෝගය හේතුවෙන් මෙතෙක් මියගිය සංඛ්‍යාව පිළිබඳ තමන් සතුව ඇති නිවැරදි  තොරතුරු මෙතෙක් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා වෙත ලැබෙන්නට නැතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ අද (06) දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගේ කාර්යාලයේ දී දකුණු පළාත් ඉන්ෆ්ලුවෙන්සා රෝගය පිළිබඳ සාකච්ඡාවක් අතරතුර මාධ්‍යෙව්දියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මෙම රැස්වීම සඳහා දකුණු පළාතේ සෞඛ්‍ය හා අධ්‍යාපන බලධාරීන් කැඳවා තිබිණි. එහි දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා කියා සිටියේ දකුණු පළාතේ දරුවන් 15ක් හා වැඩිහිටි පුද්ගලයන් 5දෙනකු මෙම රෝග තත්ත්වය හේතුවෙන් මරණයට පත්ව ඇති බවයි.

නමුත් අද (06) කොළඹ දී කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා කියා තිබුණේ දකුණේ ඉන්ෆ්ලුවෙන්සා රෝගයෙන් මේ වනවිට දරුවන් 14 දෙනකු හා ඒක් වැඩිහිටියකු වශයෙන් මරණ 15ක් ඇතුළුව රෝගීන් 2510ක් වාර්තා වී ඇති බවයි.

සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් කරන ලද මෙම ප්‍රකාශය උපුටා දක්වමින් අමාත්‍යවරයා මරණ 15ක් සිදුවූ බව පවසද්දී සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා මරණ 20ක් සිදුවූ බව පැවසීමේ පරස්පර දත්තවලට හේතුව අප විසින් විමසා සිටි අවස්ථාවේ දී දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා මෙසේ කීවේය.

''මියගිය වැඩිහිටියන් අතරින් ඉන්ෆ්ලුවෙන්සා රෝගයෙන් මැරුණු බව තහවුරු වී තිබෙන්නේ දෙදෙනෙක් පමණයි. ඇමතිතුමාට මේ නිවැරදි තොරතුරු ලැබී නැතිව වෙන්න ඇති ඒවැනි ප්‍රකාශයක් කරන්නට ඇත්තේ. රෝහල්වලට පැමිණෙන රෝගීන් සංඛ්‍යාව දැන් අඩුවී තිබෙන බව දිස්ත්‍රික් තුනේම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරු දැනුම් දුන්නා.

පාසල් ළමුන් කිසිම කෙනෙක් මියගිහින් නැහැ. රෝගය දැන් පාලනය වෙමින් තිබෙන නිසා පාසල් වැසීමේ අවශ්‍යතාවක් නැහැ. ඒවැනි නිර්දේශයක් දෙනවානම් එය ඉහළින් තීරණය කළ යුතුයි.

මියගිය දරුවන් සියලු දෙනාම අවුරුදු දෙකට වඩා අඩු දරුවන් ඒ අයගෙන් සියයට 85ක් ම වෙනත් සංජානනීය ආබාධ සහිත දරුවන්. "

වෛද්‍යවරු වැඩිදුරටත් ඒහි දී අවධාරණය කළේ මෙම රෝගය මාරාන්තික නොවන බවයි. මේ දිනවල පැතිරයන වෛරස් රෝගය හේතුවෙන් දුර්වල වී වෙනත් සංජනනීය ආබාධ තිබෙන දරුවන් සහ වැඩිහිටියන් මෙම රෝගයෙන් මිය යාමේ අවධානමක් ඇති බව ද ඔවුහු පවසති.

ඒබැවින් මේ පිළිබඳ අනවශ්‍ය භියක් ඇතිකර නොගත යුතු බව ද දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කියා සිටියේය.

 



අදහස් (2)

ඇමතිට නිවැරදි තොරතුරු ලැබී නැතැයි දකුණේ සෞඛ්‍ය ලොක්කා කියයි

lalithsjm Thursday, 07 June 2018 01:08 AM

ඔය ඇමතියා ගැන කතා කරලා වෙඩක් නැහැ.

:       1       16

ජගත් ලියනගේ Thursday, 07 June 2018 01:13 AM

ඔය ඇමැතිගෙ ඉතිහාසය හොයල බැලුව නං ඔය ප්‍රවෘත්තියට උත්තරය තියනවා . ඒ කියන්නේ කවදත් බොරු කියන එක්කෙනෙක් .

:       0       68

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 10 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site