අංජුල මහික වීරරත්න වියට්නාමයේ හැනොයි නුවර සිට
ආසියාන් සංවිධානය හා ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව පුළුල් කරලීමේ ඉදිරි වැඩ පිළිවෙළක් සම්බන්ධව මූළික පියවර ගැනීම සුදුසු බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ආසියාන් සංවිධානයේ මහලේකම් ජොක් හොයි ලිම් මහතා අතර පැවති සාකච්ඡාවේ දී අවධාරණය කෙරිණි.
හැනොයි නුවර ‘ආසියාන්’ ලෝක ආර්ථික සමුළුව අතරවාරයේ පැවති මේ සාකච්ඡාවේ දී ථෙරවාද බුදුදහම සම්න්ධයෙන් ද විශේෂ අවධානයක් යොමු කෙරිණි.
වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ ආසියාන් සංවිධානයේ රටවල් ගණනාවකම ප්‍රචලිතව ඇත්තේ ථෙරවාද බුදු දහම බව ය. ථෙරවාද බුදු දහම ප්‍රචලිතව ඇති, ආසියාන් සංවිධානයට අයත් නොවන එකම රට ශ්‍රී ලංකාව බවත්, මේ ආගමික සම්බන්ධතාවය මත ආසියාන් රටවල් සමඟ සමීපව කටයුතු කිරීමේ පොදු පදනමක් ශ්‍රී ලංකාවට ඇති බවත් වික්‍රමසිංහ මහතා පැවසීය.
ආසියාන් සංවිධානයට අයත් රටවල් හා ශ්‍රී ලංකාව අතර අධ්‍යාපන හා යෞවන ක්ෂේත්‍රයන්හි සබඳතාවන් තර කරලීම සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් හුවමාරු කර ගැනිණි.
සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපතිනි හසන්තා දිසානායක, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි සහ විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා මේ අවස්ථාට එක්වූහ.
2025 දෙසැම්බර් මස 04
507
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
474
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ආසියාන් සංවිධානය හා ලංකාව අතර සහයෝගීතාව පුළුල් කිරිමේ වැඩපිළිවෙළක්