(ඔගස්ටින් ප‍්‍රනාන්දු )

ආරච්චිකටිටුව ප්‍රාදේශීය සභාව තුළ දී දෙපිරිසක් අතර ඇතිවු ගැටුමකින්  එක් අයෙකු තුවාල ලබා හලාවත දිස්ත‍්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති බව ආරචිචිකටිටුව පොලිසිය කියයි.

2018 වසර සඳහා ආරචිචිකටිටුව ප්‍රාදේශීය සභාව සතු දේපල සහ මස් වෙළෙඳසල් ටෙන්ඩර් පත් ඉදිරිපත් කිරිමට අද (04) පැමිණ සිටි දෙපාර්ශවයක් අතර මෙම ගැටුම ඇති වී ඇතැයි පොලිසිය පවසයි.

ලේකම්වරයාගේ නිල කාමරයේ දි ටෙන්ඩර් පත් ඉදිරිපත් කිරිමට පැමිණි එක් පාර්ශවයකට තවත් පිරිසක් පහරදී ඇති අතර ඔවුන් අත තිබු ටෙන්ඩර් පත් උදුරා ඉරා විසි කර ඔවුන්ට පහර දි නිල කාමරයෙන් එළියට දමා ඇතැයි පොලිසිය ප්‍රකාශ කරයි.

තුවාල ලැබූ පුද්ගලයාගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මේ සම්බන්ධයෙන් ආරචිචිකටිටුව ප‍්‍රාදේශීය සභා ලේකම් පෝල් ප‍්‍රනාන්දු මහතා පැවසුවේ එවන් සිද්ධියක් ඇතිවූ බවත් මේ වන විට පොලිසිය පැමිණ කටඋත්තර ගන්නා බවත් ය.

ඒ නිසා එම කටයුතු අවසන් කිරිමෙන් පසුව විමසුව හොත් විස්තර පැවැසිය හැකි බව ද ඒ මහතා පැවසීය.