ජුඩ් සමන්ත සහ ලලිත් නවරත්න
මෝටර් රථයක් යතුරුපැදියක ගැටීමෙන් සිදුවී ඇති අනතුරකින් තුවාල ලබා රෝහල් ගත කර සිටි ගැබිනි කාන්තාවක් මිය ගොස් ඇති බව ආරච්චිකට්ටුව පොලීසිය කියයි.
පසුගිය 1 වැනි දා සවස ආරච්චිකට්ටුව - අඩිප්පල මාර්ගයේ දී මෙම අනතුර සිදුවී ඇත.
අනතුරින් මිය ගොස් ඇත්තේ ආරච්චිකට්ටුව - බෝපත්ගම පදිංචිව සිටි කුමාගේ යමුනා රුවන්ති (අවු:28) නම්වූ ගැබිනි කාන්තාවකි.
මිය ගොස් ඇති කාන්තාව 8 හැවිරිදි තම පුතා සමඟ යතුරුපැදියකින් ගමන් කරමින් සිට තිබේ.
එම අවස්ථාවේදී බීමත් රියදුරෙකු විසින් පැදවූ මෝටර් රථයක යතුරුපැදිය ගැටීමෙන් අනතුර සිදුවී ඇත.
සැකකාර රියදුරු හලාවත මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව මේ මස 11 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේ බිමත් රියදුරයයි කියන යක්ෂයාට උපරිම දඩුවම් ලැබේද ? නැති වූ ඒ අහිංසක ජීවිතය ආපසු ලැබේද ??? සදහටම රියදුරු බලපත්‍රය අවලංගු කර යුතුයි....