IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සීඅයිඩියට කැඳවයි

තරිඳු ජයවර්ධන

 

කප්පම් ගැනීම සඳහා පුද්ගලයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි කියන නඩුවක වරෙන්තුකරුවකු වූ ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් නේවි සම්පත් හට රැකවරණය දුන්නේයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු නාවික හමුදාපති සහ වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හෙට (10) එම දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.

 

එම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගැනීමට හෙට (10) උදෑසන 10ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ පෙනී සිටින ලෙස අද්මිරාල් විජේගුණරත්න මහතාට දැනුම් දුන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග කියයි.

 

2007 වසරේ දී කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක තරුණයක් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් විවෘත වරෙන්තු නිකුත් කරනු ලැබ සිටි ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් නේවි සම්පත් පසුගිය අගෝස්තු 13 වැනි දා රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

 

එම සැකකරුට සැඟවීමට ආධාර අනුබල දීම හා ඔහුට පහසුකම් සැපයීම සම්බන්ධයෙන් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 29 වැනි දා කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මියට දුන්නේය.

 

ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නම් සැකකරුට මැලේසියාවට පලා යෑම සඳහා නාවික හමුදාවේ ගිණුමකින් රුපියල් ලක්ෂ පහක් ලබා දී ඇති බවට තොරතුරු අනාවරණය වීයැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මීට පෙර අධිකරණයට දැනුම් දී තිබිණි.

 

සැකකාර හෙට්ටිආරච්චි අත්අඩංගුවට ගැනීමට සොයද්දී ඔහු තට්ටු අටකින් සමන්විත නාවික හමුදාවේ නිලධාරී නිවස්නයක තුන් වැනි මහලේ කාමරයක  නවාතැන්ගෙන සිටි බවට තොරතුරු අනාවරණය වී යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 

දිනක් එම සැකකරු නිලධාරී නිවස්නයේ විදුලි සෝපානයෙන් පහළට ගමන් කරද්දී නාවික හමුදාවේ ප්‍රධානියකු හමු වූ බවටත්, එහෙ මෙහෙ ගිහින් පොලිසියට අහුවුණොත් මට කරන්න දෙයක් නැහැ යනුවෙන් එම හමුදා ප්‍රධානියා කී බවටත් තවත් ලුතිනන් කමාන්ඩර්වරයකු සාක්කි දී ඇතැයි එම රහස් පොලිසිය සඳහන් කරයි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 20 වැනි නාවික හමුදාපතිවරයා ලෙස රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වැඩ බාර ගත්තේ 2015 ජූලි 11 වැනි දා ය. 2017 අගෝස්තු 22 වැනි දා ඔහු නාවික හමුදාපති ධුරයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු ජනාධිපතිවැරයා විසින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කරනු ලැබීය.



අදහස් (4)

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සීඅයිඩියට කැඳවයි

සෙනෙවි Sunday, 09 September 2018 03:36 PM

මේකටත් පොලවේ හැපේවි දේශප්‍රේමියෝ, තමන් නිවැරදි නම් කරුණූ දක්වා නිදහස් විය හැක. සිඅයිඩිය සම්බන්දයෙන් තමුනට වාසි වන පරීක්ෂණ වලදී එක මතයකත් අවාසි අවස්ථාවලදී වෙන මතයකත් සිටීම මෙම දේශප්‍රේමීන්ගේ පොදු ලක්ෂණය වී ඇත.

:       7       53

සුමාල්Monday, 10 September 2018 04:37 AM

විජයකලා... එක්කො ඕන නෑ

:       0       1

සතයපාල Sunday, 09 September 2018 04:06 PM

කරන කළට පව් මිහිරිය මී සේමා විඳින කළට දුක් දැඬි වේ ගිණි සේමා කිව්වලු. ඒ වගේ දැන් කල වැරදී වලට නිසි දඬුවම් ලැබෙන්න පටන් අරන් තියෙන්නේ ඒකට ලෑස්තිවෙමු.

:       2       65

Saman Sunday, 09 September 2018 09:16 PM

මේකට තමයි 'කර්මය' කියන්නෙ..

:       3       58

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 42 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 149 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1004 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site