(නිමන්ති රණසිංහ)
කොටහේන ප‍්‍රදේශයේ පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන් කළැයි කියන සිද්ධියේ ප‍්‍රධාන සැකකරු වූ ලෙෆ්ටිනන් කමාන්ඩර් චන්දන ප‍්‍රසාද් හෙට්ටිආරච්චි යන අයට නාවික හමුදා මූලස්ථානය තුළ නවාතැන් ලබාදීමේ සිද්ධියට අදාළව හිටපු නාවික හමුදාපති, වර්තමාන ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වා අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව බී වාර්තාවක් මගින් අධිකරණයට කළ කරුණු දැක්වීමකින් අනතුරුව මහේස්ත‍්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.
මෙම සිද්ධියට අදාළව මේ වන විට අතුරුදන්ව සිටින ලෙෆ්ටිනන් කමාන්ඩර් ප‍්‍රසාද් චන්දන හෙට්ටිආරච්චි යන අය අවසන් වරට නාවික හමුදා මූලස්ථානයේ නවාතැන්ගෙන සිටින අවස්ථාවේදී ඔහුගේ කාමරයේ ආසන්නයේ නවාතැන්ගෙන සිටි නාවික හමුදා නිලධාරියකුගේ ප‍්‍රකාශයකට අනුව මෙම කරුණු තහවුරු වී ඇතැයි ද මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd