(ඉන්දිකා රාමනායක)
ඇමරිකාවේ වොෂින්ටන් නුවර පිහිටි ශි‍්‍ර ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයකු වශයෙන් කටයුතු කර සේවා කාලය අවසන් වුවද මෙරටට යළි නොපැමිණ සැඟව සිටින හමුදා බි‍්‍රගේඩියර්වරයකු අත්අඩංගුවට ගැනීමට තානාපති කර්යාලය මගින් ජාත්‍යන්තර පොලිසියට දැනුම් දී ඇති බව යුද හමුදාව කියයි.
මෙලෙස අත්අඩංගුවට ගැනීමට දැනුම් දී ඇත්තේ ගජබා රෙජිමේන්තුවේ සේවය කරමින් සිටි ජයන්ත රත්නායක නැමැති බි‍්‍රගේඩියර්වරයා බව හමුදාව පවසයි.
බි‍්‍රගේඩියර් ජයන්ත රත්නායක මහතා ඉකුත් රජය සමයේ 2014 දෙසැම්බර් මස ඇමැරිකාවේ වොෂින්ටන් හි පිහිටි ශි‍්‍ර ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයකු වශයෙන් පත්කර යවා තිබුණි.
2016 වසරේ ඔහුගේ නිල කාලය අවසන් වී නැවැත ලංකාවට පැමිණීමට නියමිතව තිබුණ ද මෙතෙක් ඔහු ශි‍්‍ර ලංකාවට පැමිණ නොමැති බවද හමුදා ආරංචි සඳහන් කරයි.
මෙම බි‍්‍රගේඩියර්වරයාගේ එම තනතුරට දැනට නාවික හමුදා නිලධාරියකු පත් කර ඇති බවත් මින් ඉදිරියට එම තනතුර ශි‍්‍ර ලංකා නාවික හමුදාවට ලබා දී ඇති බවද හමුදාව කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රොෂාන් සෙනවිරත්න මහතාගෙන් කළ විමසුමකදී ඒ මහතා පැවසුවේ බි‍්‍රගේඩියර් ජයන්ත රත්නායක මහතා මෙතෙක් හමුදා සේවට වාර්තා කර නොමැති හෙයින් ඔහු හමුදාව හැරගිය පුද්ගලයකු වශයෙන් නම්කර ඔහුට එරෙහිව පියවර ගෙන ඇති බවයි.
මොහු රාජත්‍යාන්තික විදෙස් ගමන් බලපත‍්‍රයක් භාවිතා කරමින් මෙලෙස සැගවී සිටින හෙයින් මොහු අත්අඩංගුවට ගැනීමට ඇමැරිකානු තානාපති කාර්යාල මගින් ජාත්‍යන්තර පොලිසියට දැනුම් දී ඇති බවද හමුදා ප‍්‍රකාශවරයා කීය.
මෙම නිලධාරියා කර ඇති යම් යම් කි‍්‍රයා හේතුවෙන් වසර කිහිපයක් පුරා යුද හමුදාවට හිමිව තිබු එම ආරක්ෂක උපදේශක තනතුර හමුදාවට අහිමි ව ඇති බවද හමුදා ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
මෙන්න රණවිරුවෝ වැරදි කරන සැමට නීතියට අනුව කටයුතු කිරීම වරදීද රණවිරුවෝ නමට නොව සැබැ ලෙස වැඩ කරනවානම් හොදයි
මෙන්න නියම රණවිරුවෙක් කෝ මේ ගම්මන්පිල , වීරවංශ , බෙංගමුවේ නාලක , මහත්තයෝ , හාමුදුරුවනේ ! රණවිරුව උනත් වැරදි කරනව නම් දඩුවම් කරන්න ඉඩ දෙන්න . රට නොමග යවන්නේ නැතිව
අපේ රටට හොඳ නම්බු නාමයක්.
හරි හරි මංගලා ඒක ආමි එක බලාගනියි. ඔයා නිකන් මේකට රණවිරුවෝ අදාල කරගන්න එපා
රාජපක්ෂලා රට වනසලා
දැන් ලෝයර් කෙනෙල් අල්ලල දේශපාලන රැකවරණ ඉල්ලයි, ආණ්ඩුව මැදිහත්වෙලා විස්තර දීල ගේන්න තියෙන්නෙ මෙහාට, එතකොට ගොඩක් දේවල් කියයි, ලසන්ත, තාජුඩීන් ගැන එහෙම.
ඇත්තක් කියනකොට සමීරට ඩෝන් යනවා වගේ?
චානක, රණවිරුවන්ට අගව්රව කරනවට ඔයා හරි කැමතියි නේද.
අර සමහරු කළා වගේ හමුදාව අතහැර රටෙත් ඉන්නේ නැතුව යුද්දෙට බයේ ඇමරිකාවට යන්න තිබ්බේ යුද්ධය උපරිම වුන කාලේ.