(ඉන්දිකා රාමනායක)
ආපදා හේතුවෙන් විපතට පත් වු ජනතාව පොලිසියට ඉදිරිපත් කරන පැමිණිලිවල පිටපත් නොමිලේ නිකුත් කිරීමට පොලිසිය පියවර ගෙන ඇත.
ගංවතුරින් හා නායයාමෙන් මියගිය , අතුරුදන් පුද්ගලයින් පිළිබඳව හා දේපළ අහිමිවීම් , වටිනා ලියකියවිලි අතුරුදන් වීම් සම්බන්ධයෙන් පොලිසිය වෙත කරන පැමිණිලි වල පිටපත් මේ අනුව නොමිලේ නිකුත් කෙරේ.
විපතට පත් වු ජනතාවට මෙම පැමිණිලි පිටපත් නොමිලේ නිකුත් කරන ලෙසට පොලිස්පතිවරයා අදාල ප‍්‍රදේශවල සියලූම පොලිස් ස්ථාන වෙත දැනුම් දී ඇති බවද පොලිස් මුලස්ථානය සදහන් කරයි.
මේ සඳහා නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය ලේකම්වරයාගේ ද අනුමැතිය හිමි වී ඇති බවද පොලිස් මුලස්ථානය පවසයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.