IMG-LOGO

2025 නොවැම්බර් මස 24 වන සඳුදා


ආපදා දැනුම් දෙන්න දුරකථන අංක

(හර්ෂණ තුෂාර සිල්වා)

අධික වර්ෂාව නිසා ඇතිවන ඕනෑම ආපදා තත්ත්වයක් පිළිබඳව 117 අංකයට ඇමතුමක් දීමෙන් දැනුම් දිය හැකි බව ආපද කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

පසුගිය දින කිහිපයේදී ඇද හැළුණු අධික වර්ෂාව ප්‍රදේශ කිහිපයකින් නායයෑම් සිදුවීම් වාර්තා වූ අතර ඉදිරියේදී ද වර්ෂා සහිත තත්ත්වය අපේක්ෂිතය.

නිරිත දිග මෝසම් තත්ත්වය සක්‍රීය වීම වර්ෂා තත්ත්වය ඇති වූ අතර 117 අංකයට රටේ ඕනෑම ස්ථානයකට සිටින පුද්ගලයකුට කිසිදු අයකිරීමකින් තොරව ආපදා තත්ත්වයක් පිළිබඳව ඉහත අංකයට දැනුම් දිය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ රියාර් අද්මිරාල් ඒ.ඒ.එස් ලියනගේ මහතා පැවැසීය.

එමෙන්ම 077 395 7 900, 011 2 136 136 සහ 011 2 136 222 යන දුරකතන අංකවලට ආපදා පිළිබඳ තොරතුරු දැනුම් දිය හැකි බවත් අවශ්‍ය තොරතුරු ලබාගත හැකි බවත් ලියනගේ මහතාගේ පැවැසීය.

මේ අතර ආපදාවලට පත්ව සිටින ප්‍රදේශවල මහජනතාවගේ ජංගම දුරකතනවල සබඳතා විසන්ධි නොකරන ලෙසත් ආපදා තත්ත්වය පහව යන තෙක් ඔවුන්ගේ සබඳතා අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය පහසුකම් සලසන ලෙස ජංගම දුරකතන සේවා සපයන සමාගම්වලින් ඉල්ලා සිටින බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අද (26) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී කීය.



අදහස් (1)

ආපදා දැනුම් දෙන්න දුරකථන අංක

sameera Friday, 26 May 2017 03:30 PM

ඔව්.., දැනුම් දෙයි මිනිස්සු ෆෝන් ආන්සර් කරනවා නම්..... පැලවත්තෙන් අද උදේ කන්දක් නාය ඇවිත් පවුලක්ම යටවෙලා... ඒ මිනිසුන්ව බේරන් අරගෙන ආව අය අතර පොඩි දරුවො දෙදෙනෙක් හිටියා. කර වටක් වතුර කිමී 3ක් කොහොමද ගෙනියන්නෙ... බෝටටුවක්වත් නෑ. පැය භාගෙකට වඩා කෝල් ගත්තට ආන්සර් කලේ නෑ. ලෑලි දාල හදපු පාරුවකින් අරන් ගියේ. මේවා රටේ මිනිස්සු දැනගන්න ඕනනේ...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 70 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 169 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1026 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site