IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


ආපදාවට මුහුණ දෙන්න ශ්‍රී ලංකාව විදේශ ආධාර ඉල්ලයි

(හර්ෂණ තුෂාර සිල්වා)
ගංවතුර හා නායයෑම්වලින් මියගිය සංඛ්‍යාව 122 බව වාර්තා වෙද්දි ආපදා කටයුතුවලට සහන කටයුතු සඳහා ශ්‍රී ලංකා රජය සෙනසුරාදා 27 දිනයේදී ජාත්‍යන්තර සහාය පැතීය.

තවමත් පුද්ගලයන් 93 දෙනකු අතුරුදන්ව ඇතැයි රාජ්‍ය මැදිහත්වීම යටතේ ක්‍රියාත්මක වන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළ අතර මෙම වර්ෂාව  2003 වසරේ ඇතිවූ වර්ෂාවෙන් පසු වාර්තා වූ ප්‍රබලතම වර්ෂාව යැයිද වාර්තා වේ.


තත්ත්වය සැලකිල්ලට ගත් ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සහ අසල්වැසි රටවලින් සහාය ඉල්ලා සිටි බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේය. විශේෂයෙන්ම සෙවුම් සහ මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා ජාත්‍යන්තර සහාය ඉල්ලා තිබේ.  ඉන්දියාව ආධාර සහ අවශ්‍ය සැපයුම් සහිතව එරට නාවික හමුදාවට අයත් නෞකා තුනක් ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කර තිබූ අතර ඉන් පළමු වැන්න අද  (සෙනසුරාදා) දිනයේදී කොළඹ වරායට පැමිණියේය.


කළුතර, මාතර හා රත්නපුර යන දිස්ත්‍රික්කවලින් අද දිනයේදීත් මරණ වාර්තා වූ බව බලධාරීහූ පැවසූහ. ත්‍රිවිධ හමුදාව සහ මුදා ගැනීමේ කණ්ඩායම් බෝට්ටු සහ හෙලිකොප්ටර් යොදා ගනිමින් සහන සේවා සැපයීමේ හා මුදා ගැනීමේ කටයුතුවල නිරත වූවද එහෙත් ඇතැම් ප්‍රදේශවලට පිවිසීම දුෂ්කර බව නිලධාරීහූ ප්‍රකාශ කළහ.


සාමාන්‍යයෙන් මැයි මස අගදී ආරම්භ වන නිරිත දිග මෝසම් වර්ෂාව මෙවර ආරම්භයේදීම ඉතා දැඩි ඝනත්වයකින් ඇදහැළිණ. ඒ හේතුවෙන් දිවයින පුරා ලක්ෂ 5 කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව ඇති අතර බොහෝ පිරිසකට තම නිවෙස්  අතහැර දමා යෑමට සිදුවී තිබේ.


ඉකුත් බ්‍රහස්පතින්දා (25) ශ්‍රී ලංකාවට ඇතිවූ වර්ෂාව 2003 වසරෙන් පසු ඇතිවූ ප්‍රබලතම වර්ෂාව යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළද අතර ඉදිරි දින කිහිපයේදීද වර්ෂාව ලැබිය හැකි යැයි එම දෙපාර්තමේන්තුව තවදුරටත් නිවේදනය කරයි.



අදහස් (14)

ආපදාවට මුහුණ දෙන්න ශ්‍රී ලංකාව විදේශ ආධාර ඉල්ලයි

d.upul Saturday, 27 May 2017 05:23 PM

ජාත්‍යන්තරය දන්නවා නම් මිනිස්සු ගංවතුරේ ගහගෙන යද්දිත්.... වාහනවලටයි, ප්‍රභූ නිවාස අලුත්වැඩියාවටයි කෝටි ගණනක් ඉල්ලලා,... ඊයෙත් පාර්ලිමේන්තුවට ඇස්තමේන්තු ඉදිරිපත් කළා කියලා නම් ආරංචියි.

:       0       23

Priyantha Saturday, 27 May 2017 05:49 PM

වාහන ගන්න නම් සල්ලි තියෙනවා. ඔය කෝටි 70 ම මිනිස්සුන්ට වියදම් කරලා ආධාර වලින් පස්සේ වාහන ගත්තානම් ඉවරයිනේ..

:       0       17

ranjan Saturday, 27 May 2017 06:42 PM

නරකද වාහන ගන්න වියදම් කරන මුදල් මේවට වියදම් කරන්න බැරි මොකද?

:       0       16

ranjan Saturday, 27 May 2017 06:44 PM

අපේ රටට විදේශ ආධාර නවත්වන්න කියන්න ඕනේ... හේතුව ඒ මුදල්වලින් පාලකයෝ කරන්නේ රටේ සංවර්ධනය නොව සුපිරි වාහන ගැනීමයි.

:       0       71

චානක Saturday, 27 May 2017 07:51 PM

විදේශ ආධාර ඉල්ලන්නෙ ආපදාවට මුහුණදුන් මිනිසුන්ට සහන සලසන්නද? නැත්තන් මැති-ඇමතිවරුන්ට වාහන ගන්නද?

:       0       87

aravinda Saturday, 27 May 2017 09:10 PM

කරුණාකර විදේශ වලින් ආධාර ඉල්ලන්නට කලින්... මන්ත්‍රීවරුන්ට නැවත නැවත කාර් ගන්න එක නවත්වා..., ඒ මුදල් ආපදා කටයුතුවලට වලට යොදන්න.

:       0       74

lal Sunday, 28 May 2017 01:12 AM

මෙච්චර විනාශයක් වෙලත් තාම ඉන්දියාවෙන් විතරයි උදව් කරන්න ආවේ..කෝ අර බටහිර රටවල මිත්‍රයෝ? සද්දයක්වත් නෑනේ...

:       0       15

ඉරාන් Sunday, 28 May 2017 01:28 AM

අහිංසක මිනිස්සුන්ගේ හාල් ඇටයේ ඉඳල එකතුකරන බදු සල්ලි වලින් ඇමතිවරුන්ට වාහන අරගෙන... අාපදාවලට සහන දෙන්න විදේශ ආධාර ඉල්ලමු.. නැත්තං ඒකත් අහිංසක මිනිස්සුන්ගෙන්ම එකතුකරමු.

:       0       91

wasantha Sunday, 28 May 2017 02:20 AM

අාපදා අරමුදලක් රජය මගින් දේශීයවත් ආරම්භ කළොත් නරකද?

:       0       0

Lalith Sunday, 28 May 2017 03:30 AM

මොකටද විදේශ ආධාර... ඇයි වෙන්කරපු සල්ලි ටික ඇතිනේ...?

:       0       61

don Sunday, 28 May 2017 04:46 AM

ලකෂ්මන් කිරිඅැල්ල මහත්තයාගේ කාර් ගන්න මුදල් වෙන්කිරිම දැක්කම සතයක් වත් දෙන්න හිතදේවිද මන්දා ?

:       0       55

Upali Sunday, 28 May 2017 06:16 AM

අනේ මෙහෙමත් පාලකයෝ ඉන්න රටක්... ඔය වාහන ගන්නයි,..නිල නිවාස අළුත්වැඩියා කරන්නයි දාපු පරිපූරක ඇස්තමේන්තු අයින් කරගෙන, ඒ මුදල් මේ විපතට පත් වූ ජනතාව ගලවා ගන්නයි.., ඔවුන්ට පහසුකම් සපයන්නයි..., යොදා ගන්න පුළුවන්කම තිබියදී ජාත්‍යන්තරයට අත දික් කරන්නෙ ජාතියේ අභිමානය කොහේට දාලද?

:       0       100

ruwan Sunday, 28 May 2017 06:55 AM

අන්න මේක නම් හොඳ දෙයක් අපේ රටට උදව් කරනවා නම්....

:       0       0

tikiri banda -Nugegoda Sunday, 28 May 2017 05:12 PM

ගලන ගංවතුරක් ඔය පාර්ලිමේන්තුව වට කරගෙන ගලල හැදී ගාවිලම ගියානම් මම කියකින් හරි ආධාර කරනවා.ඒ රටට පිළිකාවක් වෙලා ඉන්න අවුන් ටික "සෙට්ට පෝච්චි" වෙලාම ගියා කියල හිත හදාගෙන .

:       0       34

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහ ඡන්දෙට දින දෙකක් පාසල් වහයි
2024 නොවැම්බර් මස 08 4 0

මෙම 14 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණය හේතුවෙන් ලබන 13 සහ 14 දෙදින සියලු පාසල්වල නිවාඩු දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.


දිස්ත්‍රික්ක 6කට නාය යෑමේ අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 08 15 0

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 6 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.


ජපුර විද්‍යාර්ථීන්ට මැතිසබෙන් පාඩමක්
2024 නොවැම්බර් මස 08 241 0

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයනාංශයේ විද්‍යාර්ථීන් වෙනුවෙන් පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්


ආර්.එම්.වී ප්‍රධාන කාර්යාලය දෙදිනක් වහයි
2024 නොවැම්බර් මස 08 1080 0

නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහ දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය මහ මැතිවරණයේදී ඡන්ද මාධ්‍යස්ථාන ලෙස යොදාගන්නා බැවින් එම කාර්යාලය සාමාන්‍ය රාජක


අල්ලස් ගත් විදුහල්පතිවරිය රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 08 1236 0

2025 පළමු වසරට දරුවකු ඇතුළත් කිරීම සඳහා රුපියල් 15 0000 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන කැළණිය කරුණාරත්න බෞද්ධ ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනිය ලබන 22 දින දක්ව


13-14 බස්නාහිර ආදායම් බලපත් නිකුත් නොකරයි
2024 නොවැම්බර් මස 08 355 0

මහ මැතිවරණය හේතුවෙන් මේ මස 13 සහ 14 දෙදින බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් නොකරන බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 82 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 459 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1433 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site