IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


‘ආනවිලුන්දාව‘ රජයේ රක්ෂිතයේ සියලු විස්තර ඉදිරිපත් කරන්නැයි අධිකරණයෙන් නියෝගයක්

(මනෝප‍්‍රිය ගුණසේකර) 


රජෙකුගෙන් තම මුතුන් මිත්තන්ට ‘සන්නසකින්’ ලැබුණු බව කියමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ‘ආනවිලුන්දාව’ රජයේ වනාන්තරයක අක්කර 9998 ක් ව්‍යාජ පිඹුරුපත් හා ඔප්පු සකස් කොට වෙනත් පුද්ගලයින්ට විකීණීමේ මහා පරිමාණ ජාවාරම සම්බන්ධයෙන් වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව පවත්වන පරීක්‍ෂණ සඳහා අවශ්‍ය කැලෑ ඉඩම් පිළිබඳ පිඹුරුපත් හා සියලුම විස්තර එම දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙස කැබිතිගොල්ලෑව මහෙස්ත‍්‍රාත් ටී.ජේ. ප‍්‍රභාකරන් මහතා රජයේ ආයතන වල ප‍්‍රධානීන්ට නියම කළේය.


දේශපාලනඥයින්, හිමිවරුන්, ව්‍යාපාරිකයින් ඇතුළු විවිධ තරාතිරම් වල පුද්ගලයින්ට ව්‍යාජ ලෙස සකස් කළ ඔප්පු මත ‘ආනඋලන්දාව’ රජයේ වනාන්තරයේ අක්කර 10 සිට අක්කර 2000 දක්වා වු බිම් කොටස්කර විකුණා හා දීර්ඝ කාලීනව බදු දී ඇති බව හෙළි වී ඇති හෙයින් ඒ බව තහවුරු කිරීමට හා ඒ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන සඳහා කැලෑ ඉඩම් පිළිබඳ පිඹුරුපත් හා සියළුම විස්තර ලබාදෙන ලෙස රජයේ දෙපාර්තමේන්තු වලට නියම කරන්නැයි අනුරාධපුර දිසා වන නිලධාරී ලලිත් ගමගේ මහතා කළ ඉල්ලීමක් පිළිගත් මහෙස්ත‍්‍රාත්වරයා එලෙස නියම කළේය.


මිනුම්පතිවරයාට, ඉඩම් නිරවුල් කිරීමේ කොමසාරිස් ජනරාල්වරයාට, අනුරාධපුර දිස්ත්‍රික් ඉඩම් රෙජිස්ටාර්වරයාට, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට සහ හොරොව්පොතාන ප‍්‍රාදේශිය ලේකම්වරයාට මහෙස්ත‍්‍රාත්වරයා අදාළ නියෝග නිකුත් කළේය.


රජෙකුගෙන් තම මුතුන් මිත්තන්ට ‘සන්නසකින්’ ලැබුණු බව කියමින් අනුරාධපුර දිස්ත්‍රීක්කයේ හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රජයේ වනාන්තරයක අක්කර 9998 ක් ව්‍යාජ පිඹුරුපත් හා ඔප්පු සකස් කොට වෙනත් පුද්ගලයින්ට විකුණීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට වාර්තා කළ වන සංරක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ අනුරාධපුර දිසා වන නිලධාරීන් සිද්ධියට අදාළව සිදුකළ පරීක්‍ෂණ වල ප‍්‍රගතිය දැක්වෙන වාර්තාවක් කහටගස්දිගිලිය අඩවි වන නිලධාරි චන්දිම කුමාර මහතා අධිකරණයට ඉදිරිපත් කළේය.


රජයේ කැළෑව දේශපාලනඥයින්ට විකුණන බවට අනුරාධපුර දිසා වන නිලධාරී ලලිත් ගමගේ මහතාට ලැබුණු තොරතුරකට අනුව මෙම සිද්ධියට අදාළව රහසිගතව විමර්ශනයක් ආරම්භ කළ බව දැනුම් දුන් චන්දිම කුමාර මහතා මේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී සැකකරුට හෝ ඔහුගේ පරම්පරාවට කිසිඳු හිමිකමක් නැති රජයේ කැළෑව සැකකරු තවත් පිරිසක් සමඟ එක්ව ව්‍යාජ ලෙස සකස් කළ ඔප්පු මඟින් විකූණා ඇති බව හෙළි වුවේ යැයි දැනුම් දුන්නේය.


බලයලත් මිණින්දෝරුවකු 1974 වර්ෂයේදී පිළියෙල කළ  බව කියන පිඹුරක් උපයෝගි කර ගනිමින් නැවත නැවත එම පිඹුරට අයත් බිම් කොටස් කර අලුතින් සකස්කරන පිඹුරු ඉදිරිපත් කරමින් සැකකරු විසින් විවිධ කණ්ඩායම් මෙම ජාවාරම සඳහා පොළඹවාගෙන ඇති බව පරීක්ෂණ වලදී අනාවරණය වී ඇතැයි දැනුම් දුන් චන්දිම කුමාර  මහතා මෙම දේපලෙහි දැනට සිටින එකම හිමිකරු තමා බව ප්‍ර‍කාශ කරමින් සැකකරු නීතිඥයන් මඟින් පැටිකිරි වාර්තා කිහිපයක් ද සකස්කරවා ගෙන ඇතැයි දැනුම් දුන්නේය.


මිනිනින්දෝරු දෙපාර්තමේන්තුව පිළියෙල කළ කැලෑ මැනුම් මූලික පිඹුරකට අයත් වන බිම් ප්‍රදේශයක් ඉලක්ක කර ගනිමින් මෙම කූට සැලැස්ම ක්‍රියාවට නගා ඇති බවද සමහරක් රාජ්‍ය නිලධාරීන්ගේ වක්‍ර‍ සහයෝගය සැකකරුට ලැබී ඇති බවට තොරතුරු ලැබී ඇති හෙයින් ඒ පිළිබඳ හෙළි කරගැනීම සඳහා පරීක්‍ෂණ පවත්වන්නේ යැයි දැනුම් දුන් චන්දිම කුමාර මහතා මිනිනින්දෝරු දෙපාර්තමේන්තුව පිළියෙල කළ කැලෑ මැනුම් මූලික පිඹුරකට අනුව මෙම කැලෑව තුල අක්කර 105 ක පුද්ගලික ඉඩම් ඇති බවත් එසේ තිබියදි එම බිම් කට්ටි එකකට හෝ නිසි හිමිකමක් නොලැබු තැනැත්තෙකු එම බිම් කට්ටිද ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව භාරයේ පවතින බිම් කට්ටිද ඊට අමතරව වන සංරක්ෂණ ආඥා පනත යටතේ රජයේ වනාන්නතර ලෙස ගැනෙන ඝණ කැලෑ සහිත විශාල ප්‍රදේශයක් ද ඇතුළත් වන සේ අක්කර 9998 ක එකම හිමිකරු තමා ලෙස දක්වමින් ව්‍යාජ පිඹුරු හා ලේඛන මත හිමිකම් ඉදිරිපත් කොට ඇති බව මේ සම්බන්ධයෙන් සිදුකළ මුලික විමර්ශන වලදී හෙළි වු බවද අධිකරණයට දැනුම් දුන්නේය.


මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කළත් සැකකරු ප‍්‍රදේශයෙන් පළාගොස් සැඟවී ඇතැයිද ඔහු අල්ලා ගැනීම සඳහා වැඩිදුර පරීක්‍ෂණ සිදුකරන බවත් දැනුම් දුන් චන්දිම කුමාර මහතා සැකකරු අත්අඩංගුවට ගෙන ඉදිරිපත්කිරීම සඳහා තමන්ට කල් ලබාදෙන්නැයි ඉල්ලීමක්ද කළේය.


ඉදිරිපත් ව කරුණු සළකා බැලීමෙන් අනතුරුව ඒ සඳහා අවසර දුන් මහෙස්ත‍්‍රාත්වරයා මෙම ජාවාරමට සම්බන්ධිත සියළුම සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කළේය.


වන සංරක්ෂක ජනරාල් අනුර සතුරුසිංහ ල අතිරේක වන සංරක්ෂක ජනරාල් ලාල් අබේගුණසේකර වන සංරක්ෂක නන්ද කුමාර හා නියෝජ්‍ය වන සංරක්ෂක සුමිත්‍ර ගුණතිලක යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි අනුරාධපුර දිසා වන නිලධාරි ලලිත් ගමගේ මහතාගේ මෙහෙයවීම යටතේ සහකාර දිසා වන නිලධාරි උපුල් හෙට්ටිආරච්චිල අඩවි වන නිලධාරි චන්දිම කුමාර ඇතුළු නිලධාරින් පිරිසක් මේ සම්බන්ධයෙන් විමර්ශණ සිදුකරයි.


අනුරාධපුර දිස්ත්‍රික්කය් කැලෑ මැනුම් මුලික පිඹුරු අංක 50 නිරූපිත භූමිය තුල ඉඩම් නියවුල් කිරීමේ ආඥා පනත යටතේ අවසන් ආඥාවකින් නිරවුල් කර ඇති ඉඩම් පිළිබදව වාර්ථාවක් හා ඊට අදාල ලේඛනවල සහතික කරන ලද පිටපත් අනුරාධපුර දිසා වන නිලධාරී ලලිත් ගමගේ මහතා වෙත  ලබා දෙන  ලෙස  ඉඩම් නිරවුල් කිරීමේ කොමසාරිස් ජනරාල්වරයාට නියම කළ මහෙස්ත‍්‍රාත්වරයා අනුරාධපුර දිස්ත්‍රික්කය් කැලෑ මැනුම් මුලික පිඹුරුවල මේ දක්වා යතාවත් කරන ලද පිඹුරුවල භූමි විස්තරද සහිත වාර්තාවල සහතික කරන ලද පිටපත් ලබා දෙන  ලෙස  මිනුම්පතිවරයාට කියම කළේය.


අනුරාධපුර දිස්ත්‍රික්කය් කැලෑ මැනුම් මුලික පිඹුරු අංක 50 නිරූපිත භූමිය තුල යම් ඉඩම් කොටසක් 1972 ඉඩම් ප‍්‍රතිසංස්කරන ලද පනත යටතේ ඉඩම් ප‍්‍රතිසංස්කරන කොමිෂන් සභාවට ඇත්ද, එම ඉඩම් වෙනත් නිශ්චිත පුද්ගලයකු වෙත පවරා ඇත්ද යන්න දැනුම් දෙන ලෙස ඉඩම් ප‍්‍රතිසංස්කරන කොමිෂන් සභාවේ සභාපතිවරයාට නියම කළ මහෙස්ත‍්‍රාත්වරයා අනුරාධපුර දිස්ත්‍රික්කය් කැලෑ මැනුම් මුලික පිඹුරු අංක 50 නිරූපිත භූමිය තුල යම් ඉඩම් කොටසක් ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ හෝ රජයේ ඉඩම් ආඥා පනත යටතේ නිශ්චිත පුද්ගලයකු වෙත පවරා ඇත්ද යන්න දැනුම් දෙන ලෙස හොරොව්පොතාන ප‍්‍රාදේශිය ලේකම්වරයාටද නියම කළේය.
 
 
 
 
 



අදහස් (0)

‘ආනවිලුන්දාව‘ රජයේ රක්ෂිතයේ සියලු විස්තර ඉදිරිපත් කරන්නැයි අධිකරණයෙන් නියෝගයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28585 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18200 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11065 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 683 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 205 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 858 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site