(හිරාන් ප්‍රියංකර, ජුඩ් සමන්ත)

ගුරු විවේකාගාරයේදී පාසල් ගුරුවරියක්ව වැළදගෙන ඇයව සිපගත් බව කියන එම පාසලේම ගුරුවරයෙක් අත්අඩංගුවට ගත් බව නවගත්තේගම පොලීසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ආණමඩුව අධ්‍යාපන කොට්ඨාසයට අයත් පාසලක සේවය කරන ගුරුවරයෙකි. ඔහු 30 හැවිරිදි  විවාහක අයෙකි. සිද්ධියට මුහුණ දී ඇත්තේ වයස අවුරුදු 28 ක් වන අවිවාහක ගුරුවරියකි.

අත්අඩංගුවට ගත් සැකකරු  ආණමඩුව මහේස්ත්‍රාත්  අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.