(අංජුල මහික වීරරත්න,ඡායාරූප හා වීඩියෝ- ශාන්ත රත්නායක)
ආණ්ඩුව ගැන විශ්වාසයක් නැති අය විශ්වාසභංගය පරාජය කරන තුරු නොසිට තනතුරු බිම තබා ගෙදර යන්නැයි ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා මාධ්‍ය හමුවකදී අද (3) පැවැසීය.
එක්සත් ජාතික පක්ෂය තමන් සිටින ආණ්ඩුව විශ්වාස නැතැයිද අප ගෙදර යවපන් කියන ජාතියේ හරක් සෙට් එකක් නොවන බවද අමාත්‍යවරයා කීය.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මුලස්ථානයේදී අද (3) මාධ්‍ය හමුව පැවැත්විණි.
අගමැතිට එරෙහි විශ්වාසභංගය පරාජය කිරීම සඳහා ජනවාරි 8 වැනි දා බලවේගය ඒ අයුරින්ම ඒකරාශී වී සිටින බවද ආචාර්ය හර්ෂද සිල්වා මහතා වැඩිදුරටත් පැවැසීය.
මෙහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පැවසුයේ හෙට දවස වන විට අගමැති පාර්ලිමේන්තුවේ බහුතරය පිළිගන්න අග්‍රාමාත්‍යවරයා බවට පත්වන බවයි.

COMMENTS
සහතික ඇත්ත. නිකං මිනිස්සුන්නේ බදු මුදල් තව තවත් නැති නාස්ති නොකොට ඒ "කියමන අනුවම" ක්‍රියා කලොත් කාට කටත් හොදා....
ඔතන ප්‍රස්නේ වෙලා තියෙන්නේ ජාතික ආණ්ඩුවෙන් ඉවත්වෙන්න දෙපැත්තම කැමති නැහැ ඇමති කම් අඩුවෙනවාට බයේ - මේ කැද ආණ්ඩුවම දෙපැත්තට අදි ඇදී තව අවරුදු දෙකක් යනවා වගේ පෙන්නේ.
එකනෙ ඔයාලට මෙච්චර කියන්නෙ. ඔයා අචාර්ය උනාට සාමාන්‍ය දැනුම 0 නෙ. ඔයගොල්ලො දැන් ගෙදර යන්න විශ්වාස භන්ගය පැරදිලා.
පහුගිය මැතිවරණෙන් ඔප්පු උනා ආණ්ඩුව ගැන ජනතාව ගේ විශ්වාසයක් නැති බව.
ආණ්ඩුව ගැන ජනතාවට විශ්වාසයක් නැහැ කියල පසුගිය ඡන්ද ප්‍රතිපල පැහැදිලිවම පෙන්නුවනේ. ඒ නිසා යා යුත්තේ ඔබලා. දැන් ඒක වෙන කෙනෙකුට කියල ඇග බේරගන්න හදන්න එපා .
2020 වෙනකල්ම මේ විදි හට තමයි ආණ්ඩු කරන්න වෙන්නේ. නියපොත්තෙන් කඩන්න තිබුන දෙයක් බුල්ඩෝසර් දාලවත් කඩාගන්න බැරිවෙන තරමට ලොකුවෙන්න ඉඩ හැර අද දඬුවම් කරනවා හෙට දඬුවම් කරනවා කිය කියා පම්පෝරි ගසමින් බකන් නිලාගෙන ඉඳීම තමා මේ සේරටම හේතුව.
ඔය කතාව කියන්නේ එජාප අය නේ. අනිත් කට්ටිය කියයි "අපිට ඔය ගොල්ලෝ කරන වීදිය හරි නැහැ , ඒක නිසා තනතුරු අත හරින්න , අපි ඒ තනතුරු අර ගෙන, ආණ්ඩුව හොඳටම කර ගෙන යන්නන්" කියල . ඒකට මොකෝ කියන්නේ ?
ඔබතුමා නිවැරදි බව අපි දන්නවා. කවදා හෝ මේ පක්ෂය භාර ගන්න. අනිත් ය ගැන අපට විශ්වාසයක් නැහැ.
ඔයාල එහෙම කීවම කලින්ම යන්න වෙන්නේ ඔයාලටනේ .
ඔය පැරදිලා යයි කියලා හිතන අයට විනාඩියක් නිශ්ශබ්දතාවය. මොකද දැනටත් පැරදිලා ඉන්නේ කවුද කියලා ජනතාව දන්නවා. දැනටමත් පැරදිලා ඉන්නේ හොරු. ඒ නිසානේ බයට රට අවුල් කරන්නේ. ඉක්මනට හිරේ යන එක බලාගෙන ඉන්න එක තමයි හොඳ.
රටේ ජනතාවටයි ආණ්ඩුව කෙරෙහි විශ්වාසය නැත්තේ. එම නිසා ඔබලා තනතුරු තබා ගෙදර බැරිනම් ඕනේ ලෝකෙක යන්න. අපෙන් කිසිම බාධාවක් නැත