(ජයන්ත සමරකෝන්)
ආණ්ඩුවෙන් ඉවත් වු 16 කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂය හා එක්ව හෙට (2) පස්වරු 5.00ට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී ඒ මහතා හමුවෙන බව එකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා පැවසීය.
16 කණ්ඩායම මහින්ද රාජපක්ෂ මහතා හමු වන්නේ ප්‍රථම අවස්ථාව මෙය බවද ඒ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගොල්ලන්ට දැන් යන එන මන් නැහැ.බලන් ඉන්නේ කොහාට පනින්නද කියල.
අයියෝ..බලයට, සල්ලිවලට තියෙන කෑදරකම..මොන රටට, ජාතියට තියෙන ආදරයක්ද? කැක්කුමක්ද? අපි නොදන්න 16...පින් සෙට් එක නේ
කවුරු හරි ලෝකෝත්තර මන්තර ගුරෙක් අල්ලාගන වශී තෙල් ගැලුමක් විතර දාපු දඬු ලීයක් විතර දිග සුරයක් වත් බෙල්ල හරහට බන්දවාගන ගියොත් .. වැඩේ කිරි ගහට `කඩුවෙන්` ඇන්න වගේ හරි යාවි!
ශ්‍රී ලාංකීය දේශපාලනයේ මෑත යුගයේ දේශපාලකයන්ට සිදුවූ අමිහිරිම අද්දැකීමකට "Team sixteen" කණ්ඩායම මුහුණදෙමින් සිටි. එක්සත් ජාතික පක්ෂයේ නිර්මාණයක් හා මූලිකත්වයෙන් පිහිටුවා ඇති ජාතික රජයට "Team Sixteen " එක්වුයේ බලය, වරප්‍රසාද, තනතුරු වලට තිබෙන තණ්හාව සහ ඔවුන්ට තිබෙන දූෂණ වලින් ගැලවීමේ අභිප්‍රාය නිසාම මිස රටේ ජනතාවගේ සුභ සිද්ධිය ගැන සිතා නොවේ. එක්සත් ජාතික පක්ෂය සමග එක්වී පොහොට්ටු පක්ෂය සහ එහි නායකත්වය ඉතා ඉහලින්ම විවේචනය කළා පමණක් නොව පොහොට්ටුවේ සිටින්නේ හොරුන් බවත් හොරුන් සමග කිසිම ගනුදෙනුවක් නොමැතිබවත් දිනපතා මාධ්‍ය සකජ්ඡා පවත්වමින් ප්‍රසිද්ධියේ කියාසිටියේය. අද"Team Sixteen " කණ්ඩායම දේශපාලනයේ අනාථයන් බවට පත්ව, යන්නේ කොහෙද කරන්නේ කුමක්ද කියා නොදැන අතරමංව සිටී. මේ කණ්ඩායමේ බොහෝදෙනෙකු අතර නීතිවේදීන්, වෛද්‍යවරුන් පවා සිටී. පසුගියදා " Team Sixteen " කණ්ඩායම අන්තවාදී පක්ෂයකින් දේශපාලනයට පැමිණ, ජාතිවාදී අදහස් මගින් ජනතාව මුලාකරන වරප්‍රසාද තකා පක්ෂ මාරුකළා පමණක් නොව තම උපන් දිනයවත් හරිහැටි නොදන්නා පරපෝෂිතයකු මුණගැසී සාකච්ඡා කිරීමේ තත්වයට ඔවුන් 16 දෙනා අසරණ වී තිබීම කණගාටුවකි.
එල්ලෙන්න තැනක් නැතිකළ ... පිදුරු ගහෙත් එල්ලෙනවලු ...!!!
මොනවද ආයේ අලුතෙන් හමුවෙන්නේ. ඒසේරම කට්ටිය එදා හිටියෙත්, ඊට පස්සෙ හිටියෙත්, අද ඉන්නෙත් මහින්ද එක්කමනේ.
හරියටම මාළු ලෑල්ලේ වෙන්දේසි වෙන මාළු රොත්තක් වගේ. නිකම්ම් මාළු නෙමෙයි කුණු මාළු. හරි හමන් ලන්සුවක් ඇවිල්ල නැතුව ඇති තව.
මෙවැනි දෙසපලකයෝ අවලංගු කාසි වලට පත්ව තැනින් තැනට තවලමේ යෑම රටේ දියුණුව පතන ජනතාවගේ ජයග්‍රහණයක් ..
යන එන මන් නැත - අනේ අපේ සල්ලි -හක්කේ ධර්මය බොක්කේ දඩමස්-තවත් බොරු නොකර ඉන්න
යන එන මං නැත. අනේ අපේ සල්ලි... හක්කේ ධර්මය බොක්කේ දඩමස්... තවත් බොරු නොකර ඉන්න.
ජුගුප්සාජනක, පුවත් මවන මේ හොර රැල යන පාරේ බොරු වලක්වත් නැද්ද වැටෙන්න... අප්පොච්චියේ අපිට කනක් ඇහිලා ඉන්න. මොන ලැජ්ජා නැති රටක් වෙලාද ලංකාව...
ඔක්කොම කුණු බේරුවල බොක්කට කිව්වලු...
ඔන්න ආයෙත් මහජන වියදමෙන් පිනට කාල කාල බඩවල් පුම්බගත්තු ගෙම්බෝ හැත්තක්.