චමිල් රූපසිංහ සහ ඩයනා උදයංගනී
මතුව ඇති තත්ත්වය සමනය කරමින් ජන කොටස් අතර සාමය හා සංහිඳියාව ඇති කිරීම ගැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද මහනුවරදී ආගමික නායකයන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා පැවසීය.
මෙම සාකච්ඡාව පැවැතියේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී ය.
මෙම සාකච්ඡාවට මල්වතු සහ අස්ගිරි පාර්ශ්ව නියෝජනය කරමින් අනුනායක ස්වාමින් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය ද, ස්ලාම් මව්ලවිතුමාලා ඇතුළු අන්‍යාගමික නායකයෝ ද, ඇමැතිවරු කිහිප දෙනෙක් ද, ජනාධිපති ලේකම්වරයා සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරිය ද සහභාගී වූහ.
ජනතාව අතර පවතින අනවබෝධයෙන් දුරලමින් සාමය ස්ථාපිත කිරීම සඳහා ආගමික නායකයින්ට ඉටුකළ හැකි කාර්යභාරය ගැනත්, ඉතා සුළු සිදුවීම් විවිධ මාධ්‍ය ජාල ඔස්සේ අනවශ්‍ය ආකාරයට ප‍්‍රචාරය කරමින් සමාජයට වැරදි තොරතුරු ලබාදීම මෙම නොසන්සුන් තත්ත්වයන් වර්ධනය වූ ආකාරය ගැනත් මෙහිදී සාකච්ඡා විය.
රටේ සියලූ ජන කොටස් අතර සාමය සහ සංහිඳියාව ගොඩනඟමින් මෙවන් සිදුවීම් ඉදිරියේදී සිදු නොවීමට අවශ්‍ය පරිසරය ගොඩනැගීමට ආගමික නායකයින් සියලූදෙනා එක්ව ගතහැකි පිය වර ගැන ද සාකච්ඡා කළහ. ප‍්‍රදේශයේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට ආරක්ෂක අංශවලින් ගෙනයන වැඩපිළිවෙළට අමතරව තම තමන්ගේ කොට්ඨාසවල ජනතාවගේ ආරක්ෂාව සහතික කරමින්, ඔවුන් අතර සාමය ස්ථාපිත කිරීමට නායකත්වය ගන්නා ලෙස ජනාධිපතිවරයා ආගමික නායකයින්ගෙන් විශේෂ ඉල්ලීමක් කළේය.
ආචාර්ය නියංගොඩ විජිතසිරි මල්වතු පාර්ශ්වයේ අනුනාහිමි, දිඹුල්කුඹුරේ විමලධම්ම මල්වතු පාර්ශ්වයේ අනුනාහිමි, වෙඬරුවේ උපාලි අස්ගිරි පාර්ශ්වයේ අනුනාහිමියෝ ද, ඇල්ලේ ගුණවංශ, ආචාර්ය මැදගොඩ අභයතිස්ස, මහාචාර්ය ඉදුරාගාරේ ධම්මානන්ද යන හිමිවරු ද, ෆස්ලර් රහ්මන් මහනුවර ප‍්‍රධාන මවුලවිතුමා ඇතුළු මවුලවිවරු පිරිසක් ද, මහනුවර ශාන්ත අන්තෝනි දෙව්මැදුරේ අයිවන් ජයසුන්දර පියතුමා, මහනුවර ශ‍්‍රී විනයාර්ග දේවස්ථානයේ ප‍්‍රධාන භාරකාර කි‍්‍රෂ්ණ මූර්ති ගොවින්දා ස්වාමිවරයා ඇතුළු ආගමික නායකයෝ පිරිසක් මෙම සාකච්ඡාවට එක්වූහ.
ඡායාරූප- ජනාධිපති මාධ්‍ය අංශය



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"අන්‍යාගමික" යන වචනය භාවිතා කිරීමෙන් පෙනීයන්නේ කුමක්දැයි ඔබම සිතා බලන්න. එසේ නම් කවර සංහිඳියාවක්ද...!?
මඩුවලිගෙ ඇරගෙනද ගියේ?
අන්‍ය්ගමික කියන්නේ අනික් ආගම කියන එක... බෞද්ධ නොවන අනික් ආගම් කියන එක... තේරුනාද.... එහෙමත් නැත්නම් ශ්‍රී ලංකාව බෞද්ධ රටක් කියන එක .....
දැන් ආගමික නායකයෝ හමුවෙලා පලක් තියෙනවද ? මනුස්සයෙකුට පහරදීලා මැරුණම රටේ නිතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් , මිනිස්සු කුපිත වෙනවා. බලා ඉන්න මිනිස්සුන්ට කියන්න පුළුවන් කලබලවෙන්න එපා, බුද්ධිමත්ම සිතන්න සහ තව කොතෙකුත් දේ. මැරුණු පුද්ගලයාගේ පවුලේඋදවියගේ, හිතවතුන්ගේ වේදනාව සමග තවත් බලවේග ක්‍රියාත්මක වෙලා ජාතිවාදී කෝලාහලයක් දක්වා වර්දනය වෙන්න පුළුවන්. පොලිසිය හරියට නිතිය ක්‍රියාත්මක කලානම් මෙහෙම වෙන්නේ නැහැ. මේකට සම්බන්ද සියලුම දේශපාලුවන්ට පක්ෂ පාට නොබලා දඩුවම් දෙන්න ඕනේ.
මම නම් ඉපදුනු දා සිට හැදුනෙ වැඩුනෙ සිංහල මිනිස්සු එක්ක. අදටත් වැඩ කරන්නෙ ආශ‍්‍රය කරන්නෙ සිංහල මිනිස්සු. ඒත් මට කවදාවත් කවුරුවත් වචනෙකින්වත් වෙනස්කමක් කරල නෑ. අන්න ඒ මිනිස්සුන්ට විරුද්ධ වෙන්න බැරි හින්ද තමයි. අදටත් අපි ඉවසන්නෙ. නැත්තම් මුන් ටික එක පාරටම නැති කරල දාන්න බැරිකමකුත් නෑ. අපි කන්නෙ බොන්නෙ එකට ගමන් යන්නෙ පිස්සු කෙළියෙ එකට. මේ කොහෙවත් යන ජාතිවාදී මන්ද මානසිකයින් හින්ද වෙන්නෙ අපේ රට දවසින් දවස වැටෙන එක. සංවර්ධනයක් ගැන හිතන්නවත් බෑ.
"අන්‍යාගමික" යනු අනෙක් ආගම් කියන එකයි ..මොකක්ද මේකෙ තියෙන වැරැද්ද..? මුකුත්ම නැත්නම් මේ මිනිස්සු වචනයක් හරි අල්ල ගන්නවා.