(නිමල කොඩිතුවක්කු)
භික්ෂුන් වහන්සේ ඇතුලූ සර්ව ආගමික නායකයන් සඳහා රක්ෂණාවරණයක් ක‍්‍රියාත්මක කරන ලෙසට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබේ.
එයට අවශ්‍ය කැබිනට් පත‍්‍රිකාව කඩිනමින් ඉදිරිපත් කරන ලෙසට බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතාට උපදෙස් ලබා දි ඇත.
කැබිනට් මණ්ඩළ රැස්විමට පෙර අමාත්‍යවරුන් අතර පැවති සාකච්ඡුාවකදී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් මෙම උපදෙස් ලබා දී තිබේ.
භික්ෂුන් වහන්සේ සඳහා රක්ෂණාවරණයක් හඳුන්වා දිය යුතු බවට ගාමිණී ජයවික‍්‍රම මහතා කරන ලද යෝජනාවක් සළකා බැලීමෙන් අනතුරුව සියලූම ආගමික නායකයන්ට රක්ෂණ ප‍්‍රතිලාභ හිමි වන ලෙසට මෙම වැඩපිලිවෙළ ක‍්‍රියාත්මක කරන ලෙසට අග‍්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත.
ඒ අනුව කඩිනම්න් මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කරන ලෙසද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ලබාදුන් උපදෙස් වල සඳහන්
COMMENTS
ගරු අගමැතිතුමනි, බුදුහාමුදුරුවන්ට, ජේසුස්වහන්සේට අල්ලා දෙවියන් වහන්සේට රක්ෂණ තිබුනෙත් නැහැ. බැංකු තිබුනෙත් නැහැ. ඒ නිසා කරුණාකර ඔබතුමා මන් වගේ ක්‍රිස්තියානි බෞද්ධ මික්ස් එකක්... ඒ නිසා ඔය බොරු වැඩ කරන්න එපා.
අම්මපා පුංචාගේ ටෝක් නම් හිතාගන්නවත් බැහැ... ලබන සැරේටත් " පිස්සු බල්ලන් තෝරන මහා තරගෙට " ලක ලැහැස්ති වෙනවා.. හා හා ම්ම්..ම්ම්..
අැයි ඕයි දැන් මන් සිංහල භාෂාවෙන් ලියලා එව්වේ?
මොනයම්ම ආගමක පූජකත්වය යනු මිනිසුන් යහමගට ගැනීම හා කෙටි කලකදී මෙලොව ඇති සම්පත් අතහැර පරලෝකය වෙත යාමයි. රක්ෂණාවරණයක් ඕනේ මෙලොව සැප සම්පත් වැඩි කර ගැනීමට නොවේද?
මෙව්වට හිනා වෙන්නේ කොහෙන්ද කියන්න ආයුබෝවන්?
අපේ අගමැතිට, මොලේ ටිකක් දෙන්න කව්රුත් නැද්ද?
මේ මනුස්සයා මොනවද කියන්නේ කියලා.., මේ මනුස්සයාමද දන්නේ නැහැ..
රටේ පාලකයා තෝරන තරගෙට කඩි මුඩියේම ලෑස්ති වෙනවා වගේ. ඒත් ඉතින් ඔලුවෙන් හිටගෙන ඉල්ලුවත් මෙයාට නම් සියයට 30ක් වත් ඡන්ද වැටෙන්නේ නෑ.
ඔයාගේ මහේන්ද්‍රන්ට රක්ෂණාවරණ කරන්න. සමහරවිට සිංගප්පූරුවෙන් පිටුවහල් කළොත්....
සාමාන්‍යයෙන් රක්ෂණයක් ඕනෙ වෙන්නේ තමන් මියගියොත් යැපෙන්නට ජීවත් වෙන්න. අනේ අපේ නායකයන්ගේ බුද්ධිය...
බුදුහාමුදුරුවෝ දේශනා කළේ ධර්මයෙහි පිහිටිවිට ධර්මය විසින් ඒ පුද්ගලයා ආරක්ෂා කරන බව. ඉතින් තවත් රක්ෂණයක් මොකටද?
ඕනවට වැඩිය ජනතාවගේ මුදල් මෙවැනි දේවල් වලට නිෂ්ප්‍රයෝජන කලොත් අපි ඡන්දය දීමෙන් වැළකී සිටින බව කරුණාවෙන් සලකන්න !!!
කෙනෙක් ජීවිත රක්ෂණයක් ලබා ගන්නෙ තමාට ආපදාවක් සිදුවුනොත් තමාගෙන් යැපෙන අයගේ ආරක්ෂාව සඳහා බවයි මම දන්නෙ. පූජ්‍ය පක්ෂයට නම් මෙවැනි වගකීම් නැහැ නේද? ඉතින් පූජ්‍ය පක්ෂයට රක්ෂණ අවශ්‍යද?
මොකද මීළඟ ඡන්දෙට පූජක පක්ෂේ නැගී උන්නොත් චෙන් පාරවල් පොලු පාරවල් එහෙම දෙන්න හිතාගෙන ඉන්නවද?
කොහොමද කොමිස් එහෙම? අති විශිෂ්ටද?
කොහොමත් අසනීපයක් වෙච්ච ගමන් සිංගප්පුරුවේ දුවන එකේ මොන රක්ෂණද?
මොනවද මේ කරන වැඩ? ආගමික නායකයන්ට කියන්නේ මල්වතු අස්ගිරි වගේ පන්සල්වල හිමි වරුන්ටද? මේ අයට පවුල් දරුවන් නැති එකේ රක්ෂණ මොකටද?
පූජකවරුන්ට රක්ෂනය ලැබෙන්නට ඕනෙ හරිනම් දෙවියන් ගෙන්, ලොව මිනිසා වෙනුවෙන් අතර මැදි සේවයක් කරන පූජ්‍ය පක්ෂයට මොන රක්ෂනාවරනයක්ද? කොහොම වෙතත් ගාමිණී ජයවික්‍රම ගේ මැරයන්ගෙන් බැට කන අහින්සක මිනිසුන්ට රක්ෂනාවරනයක් දුන්න නම් මීට වඩා හොඳයි, උගෙ මැරයෝ අහිංසක මිනිසුන්ට ඇවිදගන්න බැරිවෙන්න ගහනව, කුඩු, කසිප්පු, ගංජා විකුනනව, ගිරිඋල්ල පොලිසිය මේව නොදැක්කා වගේ ඉන්නව මේ අහිංසක මිනිසුන් වෙනුවෙන් මේව රටට හෙලි කරල රස්සාව වගේම රට හදන්න, අහිංසක ජීවිත බේරගන්න රටට සේවයක් කරන්න...