( නිශාන්ත කුමාර)
පණු විශේෂයක් සිරුරේ ගෑවීමෙන් ඇතිවූ අසාත්මිකතාවයක් හේතුවෙන් මීගහකිවුල ප්‍රාථතමික විද්‍යාලයේ දරුවන් තිදෙනෙකු අද (18) උදෑසන මීගහකිවුල දිසා රෝහලට ඇතුළු කර ඇතැයි පොලීසිය පවසයි.
මෙම දරුවන් පිරිස විද්‍යාලයේ ක්‍රීඩා පිටියේ සෙල්ලම් කරමින් සිටියදී මෙම අකරතැබ්බයට මුහුණ දී ඇත.
ක්‍රිඩා පිටය ආසන්නයේ තාප්පයක් මත සිටි පණු විශේෂයක් සිරුරේ තැවැරීමෙන් පසුව සිරුර කසන්නටත් පලු දමන්නටත් පටන් ගත් බව රෝගී වූ දරු පිරිස පැවැසූහ.
කිසියම් අවශ්‍යතාවක් සදහා ඒ මොහොතේ පාසැලට පැමිණ සිටි මිගහකිවුල දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී සුජීව අබේකෝන් මහතා මෙම දරු පිරිස දැක ඔවුන් තම මෝටර් රථයේම නංවාගෙන රෝහල වෙත රැගෙන විත් ප්‍රතිකාර ලබා දීමට පියවර ගෙන ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරුවන්ගේ මුණ දකිනවිට දුකක් .ඉක්මන් සුවය පාර්ථනා කරමි
අනේ පව් පොඩි මහත්වරු ටික...
හැම තැනම දකින්න තියන කාලකන්නි පුවත් එක්ක බැලුවහම මේ වගේ දේවලුත් තියෙනවා. කොල්ලො තුන්දෙනාටම ඉක්මනට සුවවේවා කියලා පතනවා.