(  සමන් පාලිත නානායක්කාර )

කසිප්පු පොවා අධික ලෙස මත් වූ අවුරුදු 8 ක දරුවෙකු අද (22)  හල්දුම්මුල්ල දිසා  රෝහලට ඇතුළත් කිරීමෙන් පසු බදුල්ල මහ රෝහලට මාරු කර යැවූ බව හල්දුම්මුල්ල පොලිසිය කියයි.

හල්දුම්මුල්ල නීඩ්වුඩ් වත්තේ දරුවෙකුට මෙසේ කසිප්පු පොවා ඇතැයි පොලිසිය කියයි .

මෙම දරුවාට බලෙන් කසිප්පු පෙවුවේ යැයි කියන මාමා කෙනෙකු අත්අඩංගුවට ගැනීමට සොයන  බවද පොලිසිය කියයි.

 දරුවාගේ මව විදේශගතව ඇති බවත් පියා ද  බීමට ඇබ්බැහි වූවකු බවට හඳුනාගෙන ඇති බවත්  පොලිසිය කියයි.  

හල්දුම්මුල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න ද සිල්වා මහතාගේ මූලිකත්වයෙන් පොලිස් නිලධාරීහු  කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති